දේශීය පුවත්

චීන ජනාධිපති ක්ෂී ජින් පිං මහතා ඊයේ චීන ජනයා අමතමින් වෙහෙස මහන්සි වී වැඩ කිරීම සහ එකමුතුකමෙහි ඇති වැදගත්කම අවධාරණය කළ අතර අනාගතය සඳහා චීනයේ අභිලාෂකාමී සැලැස්ම සාර්ථක කර ගැනීම සඳහා චීන තරුණ ජනයා වෙත පැවරී ඇති වගකීම්වලට උර දෙන ලෙස තරුණ පරම්පරාවෙන් ඉල්ලා සිටියේය.

2023 දී සිය අලුත් අවුරුදු දේශනය පවත්වමින් චීන ජනාධිපති ක්ෂී ජින්පින්, පසුගිය වසර තුළ රටේ ආර්ථික ක්‍රියාකාරිත්වය, කොවිඩ් මැඩලීමට ගත් ප්‍රවේශය සහ විද්‍යා-තාක්ෂණික ජයග්‍රහණ අගය කළේය.

මධ්‍යම බීජිං හි පිහිටි ඔහුගේ කාර්යාලයේදී රූපවාහිනියෙන් සමස්ත චීන ජාතිය වෙත සජීවීව විකාශනය කරන ලද දේශනය 2013 දී ක්ෂී ජින්පින් චීනයේ ජනාධිපතිවරයා බවට පත්වීමෙන් පසු එවැනි ආකාරයේ කළ දේශන වලින් දසවැන්නයි.

පසුගිය වසරෙහි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සමාලෝචනය කරමින්,ක්ෂී පළමු වරට, චීන කොමියුනිස්ට් පක්ෂයේ සාර්ථක 20 වැනි ජාතික සම්මේලනය පැසසුමට ලක් කළ අතර, එය සෑම ආකාරයකින්ම නවීන සමාජවාදී රටක් ගොඩනැගීමට සහ චීන මාවතක් ඔස්සේ සෑම පැත්තකින්ම නවීකරණයට මග පාදමින් චීන ජාතියේ මහා පුනර්ජීවනය ඉදිරියට ගෙනයාමට අභිලාෂකාමී සැලැස්මක් සකස් කළේය.

චීන ආර්ථිකය සම්බන්ධයෙන්, ක්ෂී පැවසුවේ එය ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය පවතින රට ලෙස යහපත් සංවර්ධනයක් භුක්ති විඳින බවත්, එළඹෙන වසරේදී දළ දේශීය නිෂ්පාදිතය යුවාන් ට්‍රිලියන 120ක් (එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 17 ක් පමණ) ඉක්මවනු ඇතැයි අපේක්ෂා කරන බවත්ය.

“ගෝලීය ආහාර අර්බුදයක් තිබියදීත්, අපි අඛණ්ඩව වසර 19ක් විශිෂ්ට අස්වැන්නක් ලබා ගෙන ඇති අතර, චීන ජනතාවගේ ආහාර සැපයුම සහතික කිරීම සඳහා අපව ශක්තිමත් ස්ථානයකට පත් කර ඇත,” ක්ෂී පැවසීය.

රටේ දරිද්‍රතාවය තුරන් කිරීම සහ ග්‍රාමීය ආර්ථිකය පුනර්ජීවනය කිරීමේ ප්‍රයත්නයන්, බදු සහ ගාස්තු අඩු කිරීම් මෙන්ම ව්‍යාපාර මත බදු බර ලිහිල් කිරීම සඳහා ගන්නා වෙනත් ක්‍රියාමාර්ග මෙන්ම ජනතාව කෙරෙහි ඇති දැඩි සැලකිල්ල යොදමින් වඩාත් දැවෙන දුෂ්කරතා විසඳීමට ගන්නා ක්‍රියාකාරී උත්සාහයන් ද ඔහු අගය කළේය.

කොවිඩ්-19 වෛරසය චීන ජන ජීවිතයට පහර දුන් දා සිට චීනය ජන ජීවිතය ආරක්ෂා කිරීමට මුල් තැන දී ඇති බවද ක්ෂී පැවසීය.

“විද්‍යාව මත පදනම් වූ සහ ඉලක්කගත ප්‍රවේශයක් අනුගමනය කරමින්,චීන ජන ජීවිතය සහ සෞඛ්‍යය හැකිතාක් දුරට ආරක්ෂා කිරීම සඳහා වෛරසය පරිණාමය වෙමින් පවතින තත්ත්වය අනුව අපි අපගේ කොවිඩ් වෛරසය සඳා දක්වන ප්‍රතිචාරය අනුවර්තනය කර ඇත්තෙමු,” ජනාධිපතිවරයා පැවසීය.

“ලෝකයේ අන් කිසිදු ජාතියක් දැරූ උත්සාහයන්ට සමකල නොහැකි ලෙස අපි පෙර නොවූ විරූ දුෂ්කරතා සහ අභියෝග ජයගෙන ඇති අතර එය කිසිවෙකුට පහසු ගමනක් නොවීය,” ඔහු පැවසීය.

මර්දනය කිරීමට දැඩි අභියෝගයක්ව පවතින කොවිඩ් වෛරසය ඖෂධ වලට දක්වන ප්‍රතිචාර වල නව අදියරකට චීනය ප්‍රවේශ වී ඇති බව සඳහන් කළ ක්ෂී, එය ජය ගැනීමට අමතර උත්සාහයක් ගන්නා ලෙස චීන ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

“නොපසුබට උත්සාහය සහ එකමුතුකම යනු ජයග්‍රහණයයි,” ඔහු පැවසීය.

අභාවප්‍රාප්ත චීන නායක ජියැං සෙමින් මහතා සිහිපත් කිරීමටද මොහොතක් වැය කිරීමද විශේෂත්වයකි.

“ජියැන්ග් සෙමින් සහෝදරයා 2022 දී අභාවප්‍රාප්ත වුනා. ඔහුගේ උසස් ජයග්‍රහණ සහ උදාර හැසිරීම් වලට අපි ඉහළ උපහාරයක් පුද කරන අතර ඔහු ඉතිරි කර ගිය ශ්‍රේෂ්ඨ උරුමය අපි සැමදා අගය කරනවා.” ක්ෂී පැවසීය.

“අපි ඔහුගේ අවසන් කැමැත්තට ගරු කරන අතර නව යුගයේ චීන ලක්ෂණ සහිත සමාජවාදයේ අරමුණ ඉදිරියට ගෙන යාමට කටයුතු කරනවා.” ඔහු වැඩිදුරටත් පැවසීය.

අද චීනය ” ජීව ශක්තියෙන් පිරුණු රටක්” ලෙස හඳුන්වමින් සුබ පැතුක් එක් කළ ක්ෂී, චීන ආර්ථිකය ශක්තිමත් ඔරොත්තු දීමේ හැකියාවක් සහිතව අතිවිශාල විභවයක් සහ විශාල ජවයක් භුක්ති විඳින බවත්, එහි දිගුකාලීන වර්ධනයන් පවත්වාගෙන යාමේ මූලික කරුණු ශක්තිමත්ව පවතින බවත් පැවසීය.

“අපි විශ්වාසයෙන් යුතුව ස්ථාවරත්වය පවත්වා ගනිමින් ප්‍රගතිය සඳහා උත්සාහ කරන තාක් කල්, අපි තබා ඇති ඉලක්ක සාක්ෂාත් කරගනු ඇත,” ෂී වැඩිදුරටත් පැවසීය.

“මෙම වසර මුලදී මගේ හොංකොං සංචාරයේදී, හොංකොං යථා තත්ත්වයට පත් වී ඇති අතරම නැවත දියුණු වීමට සූදානම් වන බව දැකීමෙන් මම අතිශයින් සතුටට පත් වූවෙමි,” ඔහු පැවසීය.

“එක් රටක්, ක්‍රම දෙකක්” අධිෂ්ඨානශීලීව ක්‍රියාත්මක කිරීමත් සමඟ හොංකොං සහ මැකාවෝ නිසැකවම දිගුකාලීන සමෘද්ධිය සහ ස්ථාවරත්වය භුක්ති විඳිනු ඇත,” ඔහු තවදුරටත් පැවසීය.

ස්වභාවික විපත්වලට සහ අනතුරුවලට මුහුණ දීමේ දී හැකියාව පෙන්නුම් කර ඇති චීන ජාතියට අනන්‍යය ස්වභාවය ද ෂී ප්‍රශංසා කළ අතර එම ගුණය චීන ජාතියට විශ්වාසයක් ජනතිකරවනු ලබන බවද ඔහු අවධාරණය කළේය.

වර්තමාන චීනය සහ ලෝකය අතර සමීප සම්බන්ධය පිළිබඳව ක්ෂී කියා සිටියේ ඕනෑම රකට සාමය සහ සංවර්ධනය අගය කරන අතරම සෑම විටම චීනයේ මිතුරන් සහ හවුල්කරුවන් අගය කරන බවයි.

අනාගත චීනය වඩා හොඳ තැනක් බවට පත් කිරීමට පොරොන්දු වූ ක්ෂී, වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් හාස්කම් පෑමට චීනය සමත් බවද පැවසීය.

“ගමන පවතින තාක් දුරට, අපි අවධානයෙන් රැඳී සිටියහොත් අපගේ ගමනාන්තයට ළඟා වනු ඇත; කාර්යය දුෂ්කර වුවද, අපි දිගටම එහි වැඩ කළහොත් අපගේ කාර්යය ඉටු වනු ඇත,” ඔහු පැවසීය.

“චීනය සමගියෙන් ශක්තිය ලබා ගන්නා රටක් වනු ඇත.” ක්ෂී පැවසුවේය.

“අපේ රට විශාල රටක්. එකම ප්‍රශ්නය සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් විවිධ ප්‍රවේශයන් හෝ විවිධ මත දැරීම ස්වභාවිකයි,” ඔහු පැවසීය.

“වැදගත් වන්නේ අපි සාර්ථක සන්නිවේදනයක් සහ උපදේශන මගින් සම්මුතියක් ගොඩනගා ගැනීමයි,” ඔහු වැඩිදුරටත් පැවසීය.

“තායිවාන් සමුද්‍ර සන්ධියේ දෙපස සිටින ජනතාව එකම පවුලක සාමාජිකයන් වනවා. සමුද්‍ර සන්ධිය දෙපස සිටින අපගේ සගයන් චීන ජාතියේ කල්පවත්නා සමෘද්ධිය ඒකාබද්ධව පෝෂණය කිරීම සඳහා අරමුණක එකමුතුවක් සමඟ එක්ව කටයුතු කරනු ඇතැයි මම අවංකවම බලාපොරොත්තු වෙමි.” යැයි ජනාධිපතිවරයා පැවසීය.

තරුණ පරම්පරාවේ අපේක්ෂාවන් වෙනුවෙන් හඬ නැගූ ෂී, චීනය තවදුරටත් දියුණු වීමට නම්, තරුණයින් ඉදිරියට ගොස් ඔවුන්ගේ වගකීම් ඉටු කළ යුතු බවද චීන ජනාධිපතිවරයා අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More