රුසියානු භූමියේ පිහිටි රුසියානු ආර්ථික සහ යුද මර්මස්ථාන ඉලක්ක කරමින් යුක්‍රේනය දියත් කරන ඩ්‍රෝන ප්‍රහාර ව්‍යවර්ථ කිරීම සඳහා යුක්රේනයට ඇති හැකියාව විනාශ කිරීමට රුසියානු හමුදා එල්ල කළ මිසයිල ප්‍රහාර සාර්ථක වූ බව මොස්කව් ආරක්ෂක අමාත්‍යාංශය අද ප්‍රකාශ කළේය.
ඊයේ දිනයේ රුසියානු හමුදා , රුසියාවට එරෙහිව “ත්‍රස්තවාදී ප්‍රහාර” ක්‍රියාත්මක කිරීම සඳහා කියෙව් විසින් භාවිතා කරන ලද මිනිසුන් රහිත යානා නිෂ්පාදනයට සම්බන්ධ යුක්‍රේන නිෂ්පාදන පහසුකම් විනාශ කරන ලද බව රුසියානු හමුදා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
රුසියාවට ප්‍රහාර දියත් කිරීමට සූදානමින් ඩ්‍රෝන යානා නවතා තිබූ යුක්‍රේන භූමියේ පිහිටි ස්ථාන සහ එම ප්‍රහාර දියත් කරන ස්ථාන ද ඉලක්ක කර ඇති බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
“ප්‍රහාරයේ ඉලක්කය සාක්ෂාත් කර ගනු ලැබුවා. අනාගතයේ දී රුසියාවට එරෙහිව ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කිරීමට කියෙව් පාලනය ගෙන එන සැලසුම් වලක්වා තිබෙනවා” රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
මේ අතර යුක්රේනයේ සන්නද්ධ හමුදා ප්‍රධානී වැලෙර්ය් සලුහ්න් විදෙස් මාධ්‍ය වෙත පැවසුවේ ඊයේ රුසියාවේ දිගු දුර මිසයිල සහ ගොඩබිම් පද්ධති වලින් මිසයිල 20 ක් යුක්රේනය දෙසට එල්ල කළ බවයි. එම මිසයිලවලින් 12ක් යුක්රේන ගුවන් ආරක්ෂක අංශ විසින් සාර්ථකව බිම හෙළා ඇති බව ඔහු කියා සිටියේය.
කියෙව් නගරාධිපති විටල්ය් ක්ලිට්ෂ්කො පැවසුවේ ප්‍රහාරවලින් එක් අයෙකු මිය ගොස් තවත් 20 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. ප්‍රාදේශීය බලධාරීන්ට අනුව නිකොලෙව් සහ ක්මෙල්නිට්ස්කි නගරවල වැසියන් කිහිප දෙනෙකු ද තුවාල ලබා ඇත.
දෙසැම්බර් 5දා, යුක්රේනය රුසියානු භූමියේ දේශ සීමාවෙන් බොහෝ ඈතින් පිහිටි සරතොව් සහ රියාසාන් ප්‍රදේශවල පිහිටි රුසියානු හමුදාවේ දිගු දුර බෝම්බ හෙලන ගුවන් හමුදා කඳවුරුවලට පහර දීමට උත්සාහ කළේය.රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, එංගල්ස් සහ ඩයගිලේවෝ කඳවුරුවලට ප්‍රහාර එල්ල කිරීමේදී භාවිතා කරන ලද නවීකරණය කරන ලද “සෝවියට් නිෂ්පාදිත” ජෙට් ඩ්‍රෝන යානා ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් විනාශ කරන ලද නමුත් ඒවායේ සුන්බුන් වලින් සේවා නිලධාරීන් තිදෙනෙකුගේ ජීවිත අහිමි කර ගුවන් යානා දෙකකට “මඳක්” හානි කරණු ලැබීය.
දෙසැම්බර් 23දා එංගල්ස් ගුවන් තොටුපළටද එවැනිම ප්‍රහාරයක් කියෙව් හමුදා විසින් නැවත වරක් එල්ල කිරීමට උත්සාහ කරන ලදී. එම නියමුවන් රහිත ගුවන් යානා ද වෙඩි තබා බිම හෙළන ලදී, නමුත් සුන්බුන් වලින් සෙබළුන් තිදෙනෙකුට මාරාන්තික තුවාල සිදුවිය. රුසියානු බලධාරීන්ට අනුව, භූමියේ නවතා තිබූ ගුවන් යානාවලට කිසිදු හානියක් සිදුවී නොමැත.
රුසියා- යුකේන ගැටුම පුරාවටම, යුක්රේනය රුසියාවේ දේශසීමා ප්‍රදේශ සහ ක්‍රිමියාව ඉලක්ක කිරීමට කුඩා ඩ්‍රෝන යානා ද යොදවා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...