දේශීය පුවත්

මහා බ්‍රිතාන්‍යයේ රෝහල්වල හදිසි ප්‍රතිකාර අංශවල ප්‍රමාදය නිසා සෑම සතියකම මරණ 300ත් 500ත් අතර සංඛ්‍යාවක් සිදු විය හැකි බව රාජකීය හදිසි වෛද්‍ය විද්‍යාලයේ සභාපති වෛද්‍ය ඒඩ්‍රියන් බොයිල් ටයිම්ස් රේඩියෝව සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබේ.

මහා බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවය නිකුත් කළ දත්ත වලට අනුව, 2021 නොවැම්බර් මාසයේ දී රෝගීන් 10,646 දෙනෙකු හදිසි ප්‍රතිකාර අංශයට ඇතුළත් කිරීමට පැය 12කට වඩා පෝලිමේ සිට ඇති අතර 2022 නොවැම්බර් මාසයේ දත්ත වලට අනුව එම අගය රෝගීන් 37,837ක දක්වා ඉහළ ගොස් ඇත. කෙසේ වුවද 2023 දෙසැම්බර් මාසය සඳහා සංඛ්‍යාලේඛන තවමත් නිකුත් කර නැති අතර එම අගයන් ඊටත් වඩා නරක නොවුනහොත් පුදුමයක් වනු ඇතැයි , බොයිල් ටයිම්ස් පුවත් පත වෙත පැවසුවේය.

“මෙලෙස දිගු කාලයක් හදිසි ප්‍රතිකාර ලබා ගැනීමට රෝගීන්ට බලා සිටීමට සිදුවීම හේතුවෙන් අප අත්දකින දෛනික මරණ සංඛ්‍යාව වැඩි වීම හා සම්බන්ධ වී තිබෙනවා.සෑම සතියකම හදිසි ප්‍රතිකාර පිළිබඳ ප්‍රමාදයන් සහ ගැටලු හේතුවෙන් මිනිසුන් 300-500 අතර ප්‍රමානයක් බ්‍රිතාන්‍යයේ කොතැනක හෝ මිය යන බව තහවුරු වෙනවා.” ඔහු වැඩිදුරටත් පැවසුවේය.

“අපි ඇත්ත වශයෙන්ම මෙම තත්වය වලක්වා ගැනීමට කටයුතු කළ යුතුයි.” ඔහු තවදුරටත් පැවසීය. ” අපේ රෝහල් තුළ ධාරිතාව වැඩි කළ යුතුයි, මිනිසුන් සෘජුවම ගිලන්රථ සේවයට සහ හදිසි ප්‍රතිකාර අංශයට පමණක් යොමු කරනවාට වඩා වෙනත් විකල්ප ක්‍රම ඇති බවත් ඒවා ප්‍රයෝජනයට ගැනීමටත් අපි වග බලා ගත යුතුයි.”

ශීත සෘතුවේ දී රෝහල් සාමාන්‍යයෙන් වැඩි පුර රෝගීන්ගෙන් පිරී යන අතර, පසුගිය දෙසැම්බර් මාසයේදී හෙදියන් සහ ගිලන්රථ කාර්ය මණ්ඩලය විසින් වැඩ වර්ජන කැඳවා තිබූ අතර මෑත සතිවල ඉන්ෆ්ලුවෙන්සා උණ දරුණු ලෙස පැතිර ගියේය. මහා බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවය නිකුත් කළ  දත්ත වලට අනුව, නත්තලට පෙර සතිය තුළ දිනකට පුද්ගලයින් 3,746 දෙනෙකු උණ රෝගයෙන් රෝහල් ගත කර ඇති අතර එය ඊට සතියකට පෙර දිනකට 2,088 ක සාමාන්‍යය අගයක පැවතුනි.

එක්සත් රාජධානිය පුරා කොවිඩ් 19 වෛරසය වැලඳුනු රෝගීන් අඩු මට්ටමක පවතින අතර, නොවැම්බර් මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසයේදී කාර්ය මණ්ඩල නොපැමිණීම හේතුවෙන් වෛරසය වැලඳුනු රෝගීන් 47% කට වඩා වැඩි වී ඇති බව ගාඩියන් පුවත්පත වාර්තා කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More