දේශීය පුවත්

චීන ජනාධිපති ක්ෂී ජින්පින් මහතා බ්‍රසීල ජනරජයේ ජනාධිපති ලෙස ඊයේ දිවුරුම් දුන් ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා මහතාට සුබ පැතුම් එකකර ඇති බව චීන මාධ්‍ය වාර්තා පවසයි.

ක්ශී ජින්පින් මහතා සිය පණිවිඩය මගින් චීනය සහ බ්‍රසීලය ගෝලීය බලපෑම් සහ වැදගත් නැඟී එන වෙලඳපොලවල් සහිත ප්‍රධාන සංවර්ධනය වෙමින් පවතින රටවල් බව පෙන්වා දුන්නේය.

දෙරට පුළුල් පොදු අවශ්‍යතා බෙදාහදා ගන්නා සහ පොදු සංවර්ධන වගකීම්වලට උරදෙන විස්තීරණ උපායමාර්ගික හවුල්කරුවන් වන බව ක්ෂී වැඩිදුරටත් පැවසීය.

වසර 48කට පෙර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමෙන් පසු ද්විපාර්ශ්වික සබඳතා තිරසාර හා ගැඹුරු සංවර්ධනයක් අත්කර ගෙන ඇති අතර, වඩ වඩාත් පරිණත හා ගතික ලෙස වර්ධනය වී ඇති බව ක්ෂී පැවසීය.

චීන-බ්‍රසීල විස්තීරණ උපායමාර්ගික හවුල්කාරිත්වය වර්ධනය කිරීම සඳහා තමා විශාල වැදගත්කමක් ලබා දෙන බවත්, එකිනෙකාගේ අභිලාශයන්ට් ගරු කරමින්, ඔවුන්ගේම ජාතික කොන්දේසිවලට අනුකූලව සංවර්ධන මාවතක් ගැනීමට එකිනෙකාට ස්ථිරව සහයෝගය දැක්වීමට ලූලා සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බවත් ක්ෂී තම පනිවිඩයෙන් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More