දේශීය පුවත්

ජනවාරි 1 මධ්‍යම රාත්‍රිය අවසන් වනවාත් සමඟම ඩොනෙට්ස්ක් මහජන සමූහාණ්ඩුවේ මාකේයෙව්කා නගරයේ ස්ථානගත කරතිබූ තාවකාලික කඳවුරු ප්‍රදේශයකට එල්ල වූ යුක්රේන මිසයිල ප්‍රහාරය මගින් රුසියානු හමුදා භටයින් 90 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගිය බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ(04) නිවේදනය කළේය.

අලුත් අවුරුදු රාත්‍රියේ භට පිරිස් ස්ථානගත කර තිබූ වෘත්තීය පාසලක සුන්බුන් අතරින් තවත් සිරුරු ගොඩගැනීම නිසා මියගිය සංඛ්‍යාව 89 දක්වා ඉහළ ගොස් ඇති අතර, එම ඒකකයේ නියෝජ්‍ය අණ දෙන නිලධාරියා ද ඇතුළුව පුද්ගලයින් 89 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව අමාත්‍යාංශය පවසයි.

එක්සත් ජනපදය විසින් යුක්‍රේනයට සපයන ලද HIMARS බහු රොකට් විදිනයකින් මිසයිල හයක් ඉලක්ක කර ඇති අතර, ඉන් හතරක් ඩොනෙට්ස්ක් මහජන සමූහාණ්ඩුවේ ස්ථාපිත කර ඇති ගුවන් ආරක්ෂක පද්ධතිය විනිවිද ගොස්, හරියටම ජනවාරි 1 වන දින උදෑසන 0:01 ට ගොඩනැගිල්ලට පහර දුන් බව ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. කෙසේ වුවද රුසියානු හමුදා පසුව දියත් කළ ප්‍රති ප්‍රහාර මිසයිල් ප්‍රහාර මගින් යුක්‍රේන හමුදාව අදාල ප්‍රහාරය දියත් කළ ස්ථානය විනාශ කළ බවද ප්‍රකාශ කළේය.

යුක්‍රේන ප්‍රහාරය සාර්ථක වීමට කරුණු සෙවීමේ මෙහෙයුම මේ වන විටත් මෙම ඛේදජනක සිදුවීම විමර්ශනය කරමින් සිටින අතර, මේ වන විට සොයාගෙන ඇති කරුණු වලට අනුව ප්‍රහාරයට ලක්වීමට ප්‍රධානතම හේතුව වූයේ රුසියානු ආරක්ෂක බලධාරින් පනවා තිබූ තහනම් කිරීම් වලට පටහැනිව  – සතුරු ආයුධ පරාසය තුළ විවිධ රුසියානු සොල්දාදුවන් විසින් ජංගම දුරකථන ක්‍රියාත්මක කිරීම සහ විශාල වශයෙන් ඒවා භාවිතා කිරීම හේතුවෙන් යුක්රේන හමුදාවන්ට රුසියානු සෙබළුන් ස්ථානගතව සිටි ස්ථානයේ ඛණ්ඩාංක සොයා ගැනීමට පහසු වීම බව රුසියානු සන්නද්ධ හමුදාවන්ගේ ප්‍රධාන හමුදා-දේශපාලන අධ්‍යක්ෂක මණ්ඩලයේ ලුතිනන් ජෙනරාල් සර්ජි සෙව්රියුකොව් වාර්තාකරුවන්ට පැවසීය.

මියගිය හමුදා සාමාජිකයින්ගේ පවුල්වලට අවශ්‍ය සියලු ආධාර සහ සහාය ලබා දෙන බවට මොස්කව් පරිපාලනය අවධාරණය කළේය. රුසියාවේ විදේශ අමාත්‍යාංශය මීට පෙර කියෙව් වෙත නවීන ආයුධ සැපයීම මෙන්ම රුසියානු හමුදා සිටින ස්ථානය පිළිබඳ බුද්ධි තොරතුරු යුක්රේන හමුදාවට සැපයීම සම්බන්ධයෙන් වොෂින්ටනයට චෝදනා එල්ල කළේය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More