දේශීය පුවත්

සියලුම රටවල් සඳහා, කොවිඩ් 19 වෛරසය මර්ධනය සඳහා ගන්න ක්‍රියාමාර්ග විද්‍යාත්මක පදනමක් සහිත ඒවා විය යුතු මෙන්ම මින්ස් සංචරණයට අන්වශ්‍ය බාධ පමුනුවන්නේ නැති සමාන්ත්මතාවය පදනම් වූ ඒවා විය යුතු බව චීනය විශ්වාස කරන බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාඕ නින්ග් මැතිණිය ඊයේ(04) ප්‍රකාශ කළාය.

මාඕ නින්ග් මැතිණිය චීනයේ කොවිඩ් මර්ධනය සම්බන්ධයෙන් වන දිනපතා ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් පවසා සිටියේ, කොවිඩ් වසංගතය චීනය තුළ පැතිරීමෙන් පසු චීනය කොවිඩ් වෛරසය මර්ධනයේ දී ජාත්‍යන්තර සහයෝගීතාවයට ක්‍රියාකාරීව සහභාගී වී ඇති අතර වසංගතයේ අභියෝගවලට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සමඟ කටයුතු කර ඇති බවයි.

“වසංගත තත්වයේ නවතම වෙනස්කම් සහ අප වෛරසයේ එම ප්‍රතිචාරයට මුහුණ දෙන තත්වයන් මත පදනම්ව, චීනයේ නිසි බලධාරීන් නීතියට අනුව කාලෝචිත, විවෘත සහ විනිවිදභාවයකින් තොරතුරු බෙදාගෙන ඇති බව මාඕ පැවසීය. සියලුම ඉන්ෆ්ලුවෙන්සා දත්ත බෙදාගැනීමේ ගෝලීය මුලපිරීම හරහා අපි චීනයේ කොවිඩ් 19 වෛරසය වැළඳුනු රෝගීන්ගෙන් වෛරස් ජෙනෝම නවතම දත්ත බෙදා ගැනීමට කටයුතු කර තිබෙනවා.

දින කිහිපයකට පෙර චීනයේ නිසි බලධාරීන් ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ වීඩියෝ සම්මන්ත්‍රණයක් පැවැත්වූවා. වත්මන් කොවිඩ් 19 වෛරසයේ තත්ත්වය, වෛද්‍ය ප්‍රතිකාර, එන්නත් සහ අනෙකුත් තාක්ෂණික ගැටළු පිළිබඳව දෙපාර්ශවය අදහස් හුවමාරු කර ගත්තා. තාක්‍ෂණික හුවමාරුව දිගටම කරගෙන යාමට සහ වසංගතයට එරෙහි මුල් ගෝලීය ජයග්‍රහණයට දායක වීමට ඔවුන් එකඟ වූවා.

බොහෝ රටවල සෞඛ්‍ය විශේෂඥයින් පවසා ඇත්තේ දැනට චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් 19 වෛරසය සක්‍රිය මීට පෙර ලෝකයේ වෙනත් තැන්වල සොයාගෙන ඇති බවත්, පෘථිවියේ ඕනෑම තැනක නව ප්‍රභේදයක් මතුවිය හැකි බවත්, එබැවින් චීනයට ඇතුළුවීමට විශේෂ සීමාවන් පැනවීමට අවශ්‍ය නොවන බවත් ඔවුන් පවසා සිටියා.” මාඕ පැවසීය.

සියලුම රටවල් සඳහා, කොවිඩ් 19 වෛරසය මර්ධනය කිරීමට ගන්නා ක්‍රියාමාර්ග විද්‍යාත්මක ක්‍රමවේදය මත පදනම් වූ සහ සමානාත්මතාවය පදනම් විය යුතු බව චීනය සැමවිටම විශ්වාස කරන බව මාඕ පැවසීය. ඒවා දේශපාලන අවශ්‍යතා සඳහා යොදා නොගත යුතු අතර, තෝරාගත් රටවලට වෙනස් කොට සැලකීමේ පිළිවෙත් නොතිබිය යුතු අතර, රට රටව්ල සාමාන්‍ය ජනතාව අතර හුවමාරුවීම් සහ සහයෝගීතාවයට කොවේඩ් මර්ධන ක්‍රියාමාර්ග බල නොපෑ යුතු බවද ඇය අවධාරණය කළාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More