දේශීය පුවත්

ලෝකයේ ප්‍රමුඛතම කාර්මික රටක් වන එක්සත් රාජධානිය මේ වන විට  දරුණුතම අවපාතයකට මුහුණ දී සිටින බව ආර්ථික විද්‍යාඥයින් උපුටා දක්වමින් ෆයිනෑන්ෂියල් ටයිම්ස් ටයිම්ස් පුවත් පත ඊයේ වාර්තා කළේය.

එක්සත් රාජධානියේ සිටින ප්‍රමුඛ පෙළේ ආර්ථික විද්‍යාඥයින් 101 දෙනෙකුගෙන් ෆයිනෑන්ෂියල් ටයිම්ස් පුවත් පත  වාර්ෂික මත විමසුමක් කළ අතර එහිදී, බහුතරයක් ප්‍රකාශ කළේ, වසංගතය සහ යුක්‍රේන ගැටුම මගින් අවුලුවාලන උද්ධමනයේ ප්‍රතිඵල අනෙකුත් G7 රටවලට වඩා වැඩි කාලයක් එක්සත් රාජධානියේ පවතිනු ඇති බවත්, ඒ කාලය තුළ දුර්වලම ආර්ථිකයක් බවට පත්වනු ඇති බවයි.

2023 වසරේදී දළ දේශීය නිෂ්පාදිතය බොහෝ සෙයින් හැකිලෙනු ඇති බව පවසන එම ආර්ථික විද්‍යාඥයන් එක්සත් රාජධානියේ රජයට දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇති බවත් එංගලන්ත බැංකු පොලී අනුපාතය ඉහළ මට්ටමක තබා ගනු ඇති බවත් පැවසුවේ යැයි ෆයිනෑන්ෂියල් ටයිම්ස් පුවත්පත පවසයි.

ජෝන් ෆිල්පොට් නම් ශ්‍රම වෙලඳපොල සම්බන්ධ ස්වාධීන ආර්ථික විද්‍යාඥයා ෆයිනෑන්ෂියල් ටයිම්ස් වෙත පැවසුවේ “වසංගතයේ ආර්ථික බලපෑමට වඩා 2023 වසරේ ආර්ථික අවපාතය ,ආර්ථිකයට කරන බලපෑම වඩාත් නරක අතට හැරෙනු ඇති” බවයි. එම විද්‍යාඥයන්ගෙන් තවත් පිරිසක්,එක්සත් ජනපද පාරිභෝගිකයින් මුහුණ දෙන තත්වය විස්තර කරමින් පවසා ඇත්තේ, විශේෂයෙන් අඩු ආදායම් ලබන එකසත් ජනපද වැසියන් “දැඩි,” “අඳුරු”, “දරුණු”, “කාලකන්නි” සහ “භයානක” තත්වයකට මුහුණ දීමට නියමිත බවයි.

පසුගිය වසරේ එක්සත් රාජධානියේ උද්ධමනය අංක දෙකේ ඉලක්කමකට ළඟා වූ අතර, ඔක්තෝම්බර් මාසයේදී එම අගය 11.1% දක්වා අගයකට ඉහළ ගිය අතර එය වසර 40කට වැඩි ඉතිහාසය තුළ සිදු වූ ඉහළම උද්ධමන අගයයි. එංගලන්ත බැංකුව (Bank of England ) 2008 වසරේ සිට ඉහළම පොලී අනුපාතය ගිය වසරේ වාර්තා කළේ ඒකාබද්ධ ඒකක 325 කින් ඉහල නංවමිනි.මේ අතර ගෝලීය බලශක්ති පිරිවැය ඉහල යාම පාරිභෝගික මිල ඉහල යාමට බලපා ඇති බව ආර්ථික විද්‍යාඥයන්ගේ මතයයි.

මේ වසරේ ගෝලීය ආර්ථිකයන්ගෙන් තුනෙන් එකක් අවපාතයක පවතිනු ඇතැයි ජාතික මූල්‍ය අරමුදල පසුගිය සතියේ පුරෝකථනය කළ  අතර අනෙකුත් ජාතීන් ද ආර්ථික වශයෙන් දැඩි අපහසුතාවයන්ට මුහුණ දෙනු ඇතැයි ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත් පත පවසයි.

කෙසේ වෙතත්,ෆයිනෑන්ෂියල් ටයිම්ස් පුවත්පත පවසන ආකාරයට ,ගෝලීය ආර්ථිකය යථා තත්ත්වයට පත් වූ පසු පවා, රජය විසින් කරන ලද වැරදි හේතුවෙන් දුර්වල ඵලදායිතාව, දුර්වල ව්‍යාපාරික ආයෝජන, රජයේ සේවාවන් නොසලකා හැරීම වැනි පවත්නා ගැටලු උග්‍ර කර ඇති බැවින් සහ බ්‍රෙක්සිට් මගින් බ්‍රිතාන්‍යය බොහෝ විට අනෙකුත් ජාතීන්ට වඩා බොහෝ පසුගාමී වනු ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More