දේශීය පුවත්

රුසියාවේ “ඕතඩොක්ස් නත්තල්” සැමරුම පැවැත්වීමට එරට පූජක ප්‍රජාව කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ජනවාරි 6 වන දින දහවල් 12 සිට ජනවාරි 7 වන දින මධ්‍යම රාත්‍රිය දක්වා පැය 36 ක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළේය. .

රුසියානු ඕතඩොක්ස් පල්ලියේ නායක කිරිලිස් පූජක තුමා විසින් ඉදිරිපත් කළ  අභියාචනයක්  සලකා බලමින් ජනාධිපති පුටින් සටන් විරාම නියෝගය ජනවාරි 05 වනදා නිකුත් කරන ලදී. “ඕතඩොක්ස් පල්ලිය නත්තල් දවස ලෙස සලකන ජනවාරි 6  දිනයෙහි ආගමික වතාවත් වල නියැලීමටත් සාමය පිණිස යාඥා කිරීමටත් ඕතඩොක්ස් කිතුනු භක්තිකයන්ට ඉඩ ලබා දෙන ලෙස අපි යුක්රේන පැත්තෙන් ඉල්ලා සිටිමු.” යනුවෙන් ජනාධිපති පුටින් යුක්‍රේනයෙන් ඉල්ලා සිටියේය.

කෙසේ වුවද යුක්‍රේන හමුදා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සටන් විරාමය ආරම්භවී පළමු මිනිත්තුව ගත වෙද්දීම ඩොන්ස්ටෙක් ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බව රුසියානු මාධ්‍යය වාර්තා කර සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More