අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ නිව්පෝට් නිවුස් ප්‍රදේශයේ හි 6 හැවිරිදි පිරිමි දරුවෙකු ඔහුගේ ප්‍රාථමික පාසල් ගුරුවරියට වෙඩි තබා බරපතල තුවාල සිදු කර ඇති බව නිව්පෝට් නිවුස් පොලිසිය පවයි.
වෙඩි තැබීම ඊයේ(6) දහවල් රිච්නෙක් ප්‍රාථමික පාසලේදී සිදුවූ බව නිව්පෝට් නිව්ස් පොලිස් ප්‍රධානී ස්ටීව් මහතා මාධ්‍ය වෙත පවසා සිටියේය. වෙඩිතැබීමේදි දරුවාගේ පංතිය භාර ගුරුවරිය හැර වෙනත් කිසිවෙකු තුවාල ලබා නැති නමුදු වෙඩික්කරුවා තර්ජනයක් විය හැකිව තිබුණු බැවින් පොලිස් උපායික කණ්ඩායම් ගොඩනැගිල්ලට ඇතුළු කිරීමට කටයුතු කළ බවද ස්ටීව් මහතා පැවසුවේය.
දරුවා,අත් තුවක්කුවකින් ගුරුවරියට වෙඩි තැබීමට පෙර තම ගුරුවරිය සමඟ බහින් බස් වූ බව වාර්තා වන බවද පොලිස් ප්‍රධානියා මාධ්‍ය වෙත පවසා සිටියේය. වෙඩි තැබූ දරුවා මේ වන විටත් පොලිස් අත්අඩංගුවේ පසුවෙන අතර ගුරුවරිය වයස 30 ගනන් වල පසුවන්නියක ලෙසද පවසයි.
වයස අවුරුදු 6ක දරුවෙකු ගිනි අවියක් පාසල තුලට ගෙන ආවේ කෙසේද යන පැනයට පිළිතුරු දීමෙන් වැලකී සිටීමට පොලිස් ප්‍රධානියා කටයුතු කළ බවද මාධ්‍ය වාර්තා පවසයි.
වෙඩි තැම්බීම කළ බව කියන පිරිමි දරුවාගේ පංතියේම නම සඳහන් නොකළ 6 හැවිරිදි දැරියක් නිව් පෝර්ට් නිව්ස් ප්‍රදේශයේ සිට ක්‍රියාත්මක “ඩේලි ප්‍රෙස්” වෙත ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ වෙඩි තැබීම සියැසින් දුටු බවයි. අදාල සැකකරු ගුරුවරියට හිතා මතාම වෙඩි තැබූ පවසන ඇය වෙඩි ප්‍රහාරයෙන් පසු ගුරුවරිය දණින් වැටුණු බවද පැවසීය.
රජයේ සංඛ්‍යාලේඛන වලට අනුව රිච්නොක් ප්‍රථමික පාසලේ සිසුන් 550 කට වැඩි ප්‍රමානයක් ඉගෙනුම ලබන අතර අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන දත්ත පිළිබඳ ජාතික මධ්‍යස්ථානයට අනුව,පාසලේ සිසුන්ගෙන් 84% ක්ම නිදහස් දිවා ආහාරය සඳහා සුදුසුකම් ලබන දුප්පත් පවුල් වල දරුවන්ය.එලෙසම ගුරු ශිෂ්‍ය අනුපාතය අමෙරිකානු රජයේ සාමාන්‍ය අනුපාතයට වඩා 57% කින් වැඩි ය.
පසුගියදා ලබා දුන් පාසල් නිවාඩුව අවසන් වී පාසල් නැවැත ආරම්භ වී දින තුනකට පසු මෙම වෙඩි තැබීම සිදුවීමද විශේෂයකි. එක්සත් ජනපදයේ පාසල් ආශ්‍රිතව සිදුවන වෙඩි තැබීම් පසුගිය වසරේදී සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර නිල වශයෙන් වාර්තා වූ සිදුවීම් 51 කින් පුද්ගලයන් මරණයට පත්වී හෝ තුවාල ලබා තිබුණි.
කෙසේ වුවද අමෙරිකා එක්සත් ජනපදයේ පාසල් තුළ සිදුවන වෙඩි තැබීම් වලින් යමෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වැරදිකරු වූ ලාබාලම වෙඩික්කරුවා 6 හැවිරිදි මිචිගන් ප්‍රාන්තයේ පිරිමි ළමයෙකි. ඔහු 2000 වර්ෂයේදී සිය පාසලේ සිසුවියකට වෙඩි තබා ඝාතනය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...