නේටෝ යුද මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා කියෙව් පාලනය ලේ වගුරුවන බවත් ඒ සඳහා “ශිෂ්ට බටහිර” ආයුධ සහ පතොරම් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් යුක්‍රේන ආරක්ෂක අමාත්‍ය ඇලෙක්සෙය් රෙස්නිකොව් යුක්‍රේන රූපවාහිනී නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේය.
පසුගිය බ්‍රහස්පතින්දා(5) සවස යුක්‍රේනයේ ටී එස් එන් රූපවාහිනී නාලිකාවේ 1+1 වැඩසටහනට සහභාගි වෙමින් රෙස්නිකොව් පෙන්වා දුන්නේ පසුගිය ගිම්හානයේ පැවැති මැඩ්රිඩ් සමුළුවේදී , එක්සත් ජනපදය ප්‍රමුඛ කන්ඩායමට, රුසියාව විශාලතම තර්ජනයක් බව නේටෝව ප්‍රකාශ කළ බවයි.
“අද යුක්රේනය එම තර්ජනයට පිළිතුරු දෙනවා. යුක්‍රේනය අද නේටෝවට අවශ්‍ය මෙහෙයුම ඔවුන්ගේ ලේ වගුරුවන්නේ නැතිව කරගෙන යනවා.අපි, යුක්‍රේනියානුවෝ, අපේ ලේ වැගිරෙව්වා, ඒ නිසා අපිට ඔවුන් ආයුධ ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා,” ඔහු පැවසීය.
යුක්රේනය “ශිෂ්ටාචාරයේ පලිහ” සහ “මුළු ශිෂ්ට ලෝකයම, මුළු බටහිරම ආරක්‍ෂා කරන” බව ඔහුගේ නේටෝ සගයන් සංවාදවලදී සහ කෙටි පණිවිඩ හරහා ඔහුට පැවසූ බව රෙස්නිකොව් අනාවරණය කළේය.
යුක්රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කිගේ සිට පහළට සිටින නිලධාරීන්, යුද ටැංකි, මිසයිල, කාලතුවක්කු සහ පතොරම් ලබා දෙන ලෙස ප්‍රසිද්ධියේ ආයාචනා කරති. මේ අතර රුසියානු ආරක්ෂක ඇමති සර්ජි ෂොයිගු පසුගිය දෙසැම්බර් මාසයේදී සාමාන්‍ය කාර්ය මණ්ඩලයට පැවසුවේ මොස්කව් පරිපාලනය සාමූහික බටහිර සමඟ සටන් කරන බවයි. ඔහුගේ ඇස්තමේන්තු වලට අනුව, කියෙව්හි පරිපාලනයට 2022 දී පමණක් ඩොලර් බිලියන 100ක් පමණ වටිනා ආයුධ, පතොරම් සහ අනෙකුත් යුද සැපයුම් ලැබුණු බවයි.
රෙස්නිකොව් යුක්‍රේනයට ආයුද ලබාගැනීමේ එම ප්‍රයත්නයට නායකත්වය දී ඇත්තේ, පෙන්ටගනයේ දේශපාලන ක්‍රියාවලිය තමා හඳුනාගෙන ඇති බවට පසුගිය ඔක්තෝම්බර් මාසයේදී උදම් අනමිනි. ඔහුගේ ඉලක්කය වූයේ යුක්රේනයට අවශ්‍යය ප්‍රධාන යුද ටැංකි ලැබෙන තෙක් යුද ආධාර සීමාව ඉහළ නැංවීමයි.
කෙසේ වුවද ඔහු බලාපොරොත්තු වූ එම නිශ්චිත සීමාව තවමත් ඉක්මවා නොමැති අතර, ඊයේ වොෂින්ටනය ඩොලර් බිලියන 3 ක ආයුධ පැකේජයක කොටසක් ලෙස මෙතෙක් කියෙව් වෙත යවන ලද නවීනතම සන්නාහය වන බ්‍රැඩ්ලි පාබල සටන් වාහන 50 බෙදා හැරීම සම්බන්ධයෙන් නිවේදනය කළේය. මෙම සතිය මුලදී ප්‍රංශය රෝද සහිත ‘සැහැල්ලු යුද ටැංකි’ ගණනාවක් ලබා දෙන බවටද පොරොන්දු විය.
මෙම නැව්ගත කිරීම් මගින් යුක්රේනයට යුධ පිටියේදී අහිමි වන යුද ටැංකි අහිමිවීම ප්‍රතිස්ථාපනය කිරීමට අදහස් කෙරේ. පසුගිය මාසයේ කියෙව්හි ඉහළම ජෙනරාල් වැලෙර්ය් සලුස්නි ඉකොනොමිස්ට් සඟරාව වෙත පැවසුවේ ප්‍රහාරක මෙහෙයුම් සිදු කිරීම සඳහා ඔහුට තවත් ටැංකි 300 ක්, පාබල සටන් වාහන 700 ක් සහ හොවිට්සර් 500 ක් අවශ්‍ය බවයි. මෙය බ්‍රිතාන්‍ය හෝ ජර්මානු යුද හමුදා සතු ඇති එවැනි යුද උපකරණ සංඛ්‍යාවට වඩා වැඩි ප්‍රමානයකි.
මොස්කව් පරිපාලනය අවධාරනය කරන්නේ බටහිර ආයුධ බෙදාහැරීම යුද ගැටුම දිගු කිරීමට පමණක් සීමා වන බවයි. මේ අතර,රුසියාව යුක්රේනයේ ආධාරකරුවන්ට නැවත නැවතත් අනතුරු ඇඟවූ යේ රුසියාව සහ නේටෝව අතර සම්පූර්ණ මිලිටරි ගැටුමකට මෙම තත්වය තුඩු දිය හැකි බවටයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...