යුක්රේන-රුසියා යුද ගැටුම ආරම්භ වූ දිනයේ සිට මිලිටරි සේවය ප්‍රතික්ෂේප කරන ජර්මානුවන් සංඛ්‍යාව පස් ගුණයකින් පමණ වැඩි වී ඇති බව පවුල් සහ සිවිල් කටයුතු පිළිබඳ ෆෙඩරල් කාර්යාලය විසින් සපයන ලද සංඛ්‍යාලේඛන උපුටා දක්වමින් ජර්මානු ආර් එන් ඩී ප්‍රවෘත්ති ඒජන්සිය ඊයේ වාර්තා කළේය.
“2021 දී, පවුල් සහ සිවිල් කටයුතු පිළිබඳ ෆෙඩරල් කාර්යාලයට හමුදා සේවයෙන් නිදහස් කිරීම සඳහා අයදුම්පත් 201 ක් ලැබී ඇති අතර, 2022 දී එවැනි අයදුම්පත් 951 ක් ලැබී තිබුණා” යනුවෙන්පවුල් සහ සිවිල් කටයුතු පිළිබඳ ෆෙඩරල් කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය යනුවෙන් ආර් එන් ඩී පුවත් සේවය වාර්තා කළේය.
කෙසේ වුවද ජර්මානු හමුදා සේවයට එක් වීම ප්‍රතික්ෂේප කරන්නගේ සංඛ්‍යාව ජර්මානු සන්නද්ධ හමුදාවේ (බුන්ඩෙස්වේර්) සේවය කරන දළ වශයෙන් 183,000 වන සොල්දාදුවන් හා සැසඳීමේදී කුඩා කොටසකි. නමුත් ජර්මනිය 2011 දී අනිවාර්ය හමුදා සේවය අත්හිටුවා ඇති අතර දැන් එහි ආරක්ෂක හැකියාවන් ඉහළ නැංවීමට සැලසුම් කරමින් සිටින හෙයින්, සේවය කිරීම ප්‍රතික්ෂේප කරන අයගේ වැඩිවීම වැඩෙන ගැටලුවක් ලෙස සැලකේ.
ජර්මානු සන්නද්ධ හමුදාවේ පුද්ගල කළමනාකරණ කාර්යාලය ආර් එන් ඩී වෙත පවසා ඇත්තේ “හමුදා සේවය සඳහා සැබෑ අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව 2022 වර්ෂය ආරම්භයේ සිට අඩුවෙමින් පවතින” බවයි.
2018 දී, බර්ලින පරිපාලනය වසර හතක් තුළ භට පිරිස් සංඛ්‍යාව 203,000 දක්වා වැඩි කිරීමට සැලසුම් කරන බව නිවේදනය කළේය. පසුගිය වසරේ පෙබරවාරි මස අගදී රුසියාව යුක්රේනයේ සිය මිලිටරි මෙහෙයුම දියත් කිරීමෙන් පසුව, ජර්මනිය කියෙව් වෙත සන්නද්ධ වාහන සහ ස්වයංක්‍රීය හොවිට්සර් ඇතුළු බර අවි සපයමින් සිටිති.
කෙසේ වෙතත්, යුක්රේනයට ආධාර කිරීමට බර්ලිනය ඉක්මන් වීම හේතුවෙන් පතොරම් හිඟය සහ දෝෂ සහිත උපකරණ වැනි ගැටළු කිහිපයක් ද ජර්මානු සන්නද්ධ හමුදාවට හෙළිදරව් කර ගැනීමට හැකිවී ඇත. ජර්මානු මාධ්‍ය පසුගිය මාසයේ වාර්තා කළේ, ප්‍රමාණවත් තරම් ආයුධ සහ යුධෝපකරණ තොග නොමැතිකම හේතුවෙන් නේටෝව යටතේ සිය කැපවීම් ඉටු කිරීමට ජර්මනිය අරගල කරමින් සිටින බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...