ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සංකල්පයකට අනුව ප්‍රථම වතාවට “වොයිස් ඔෆ් ග්ලෝබල් සවුත්” සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම මස 12 සහ 13 පැවැත්වෙන බවය.
මෙහි සමුළුවේ තේමාව බවට පත්ව ඇත්තේ ‘එක් අරමුණක් වෙනුවෙන් එක් හඬක්‘ යන්නය.
“වොයිස් ඔෆ් ග්ලෝබල් සවුත්”සමුළුව සඳහා රටවල් 120 පමණ ආරාධනා කර තිබෙන බවත්, එමගින් ගෝලීය දකුණේ රටවල් එක් ස්ථානයකට ගෙන ඒමට හැකි වන බවත් එම නිවේදනයේ සඳහන් වේ.
ජී20 සමුළුවේ සභාපතීත්වය දරන ඉන්දියාව මෙම සමුළුව මගින් දකුණේ රටවලට විශේෂ අවස්ථාවක් ලබා දී ඇති බවද, “වොයිස් ඔෆ් ග්ලෝබල් සවුත්” සමුළුවට සහභාගී වන රටවලට ජී 20 සමුළුවෙන් එම රටවල් බලාපොරොත්තු වන්නේ මොනවාද සහ අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලැබෙන බවද එම නිවේදනයේ දැක්වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...