අමෙරිකා එක්සත් ජනපද වැසියන් හට නව ලෝක අනුපිළිවෙල සම්බන්ධයෙන් අවබෝධයක් නොමැති බව වාර්තා වේ.ඒ අනුව එක්සත් ජනපද වැසියා රුසියානු යුක්‍රේන යුද්ධයේදී යුක්රේනය සැබවින්ම පරාජය වන බව නොදනී. එක්සත් ජනපද වැසියන්ගෙන් බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ බටහිර රටවල් සහ යුක්රේනය ජයග්‍රහණය කරන බවයි. නමුත් බිමෙහි කරුණු පෙළ ගැසී තිබෙන්නේ වෙනස්ම ආකාරයකින් බව පවසයි.මෙම තත්වය ෆොක්ස්නිව්ස් ප්‍රවෘත්ති සේවයේ නිවේදක ටකර් කර්ල්සොන් විසින් ඇමරිකානු රූපවාහිනියේ නිවේදනය කරන ලදී.
“ඔබේ අසල්වැසියන්ගෙන් අසන්න: “යුක්රේන යුද්ධය දිනන්නේ කවුද?” කියා, ඇත්ත වශයෙන්ම ඔවුන් යුක්රේනය යැයි කියනු ඇත. හැම ජන මාධ්‍යයකින්ම අමෙරිකානුවා දුටුවේ මෙයයි. “යුක්රේනය ජය ගනී – සියලුම ඇමරිකානු විශේෂඥයින් පවසති”. මෙම මතයට පටහැනි වෙනත් කිසිවක් හෝ යෝජනා කරන ඕනෑම අයෙකු රුසියානු පාක්ෂිකයෙකු ලෙස හංවඩු ගසති. මේ සියල්ල ප්‍රචාරය කරන්නේ ” අපි ජයග්‍රාහී කණ්ඩායමේ සිටින බව ජනයාට හැඟෙන පරිදිය. ”කාල්සන් පැවසීය.
රූපවාහිනී නිවේදකයා වොෂින්ටන් පෝස්ට් පුවත් පතේ පළවූ “කාලය යුක්රේනයේ පැත්ත නොවේ” යන ලිපියට ද අවධානය යොමු කර ඇති අතර එහිදී හිටපු අමෙරිකානු රාජ්‍ය ලේකම් කොන්ඩලීස රයිස් සහ හිටපු අමෙරිකානු ආරක්ෂක ලේකම් රොබෙර්ට් ගේට් යන ඉහළ පෙළේ නිලධාරීන් පැවසුවේ යුක්රේනය සැබවින්ම දැවැන්ත පරාජයක් අත්පත් කරගන්නා බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...