නව සම රිසි(Lesbian, Gay, Bisexual, and Transgender-LGBT) ප්‍රචාරක නීති යටතේ රුසියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සිය පළමු පරීක්ෂණය ආරම්භ කර ඇති බව රුසියානු රජයේ තොරතුරු ප්‍රතිපත්ති කමිටුවේ සභාපති ඊයේ(10) නිවේදනය කළේය.
එම කමිටුවේ සභාපති ඇලෙක්ස්සැන්ඩර් ඛින්ශ්ටේන් පැවසුවේ සාම්ප්‍රදායික නොවන ලිංගික සම්බන්ධතා ප්‍රවර්ධනය කරන නීති විරෝධී සාහිත්‍ය කෘති විකිණීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති මොස්කව්හි “පොප්කොර්න් බුක්ස්” ප්‍රකාශන සමාගමට එරෙහිව අධිකරණ කටයුතු ආරම්භ කළ බවයි.
“මෙම ප්‍රකාශන ආයතනය රුසියාවේ සමහිරි සාහිත්‍යය ප්‍රවර්ධනය කිරීමේදී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇත,” රට තුළ සමරිසි කටයුතු ප්‍රචාරණය සීමා කරමින් මෑතකදී පුළුල් කරන ලද නීති සම්පාදනයේ ගෘහ නිර්මාණ ශිල්පියෙකු වූ ඛින්ශ්ටේන් ලිවීය.
මෙම නීතිය රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් පසුගිය මාසයේ අත්සන් කරන ලද අතර, ග්‍රන්ථ, සිනමාව, මාධ්‍ය සහ වෙබ් අඩවි හරහා බාලවයස්කරුවන් සහ වැඩිහිටියන් අතර “සාම්ප්‍රදායික නොවන ලිංගික සම්බන්ධතා”, ළමා ලිංගිකත්වය සහ සංක්‍රාන්ති ලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වන අය සඳහා විශාල දඩ මුදල් හඳුන්වා දීමට කටයුතු කළේය.
“දෙසැම්බර් මාසයේදී සමරිසි ප්‍රචාරණය තහනම් කිරීමේ අපගේ නීති බලාත්මක වූ පසු, “පොප්කොර්න් බුක්ස්” ප්‍රකාශන සමාගම එවැනි ග්‍රන්ථ විකිණීමට දිගින් දිගටම කටයුතු කළා පමණක් නොව, භාෂණයේ නිදහස සහ වාරණය තහනම් කිරීම සහතික කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 29 වැනි වගන්තියෙන් උපුටා දැක්වීම් වලින් ඔවුන්ගේ කවරය අලංකාර කිරීමට පටන් ගෙන තිබුණා.” ඛින්ශ්ටේන් වැඩිදුරටත් පැවසුවේය.
“පොප්කොර්න් බුක්ස්” ප්‍රකාශන සමාගම විසින් නිකුත් කරන ලද වඩාත්ම මතභේදාත්මක ග්‍රන්ථ වලින් එකක් වූයේ “සමර් ඉන් අ පයනියර් ටයි” නම් වූ නවකතාව වන අතර එය සෝවියට් යුගයේදී යෞවනයෙකු සහ ගිම්හාන කඳවුරු උපදේශකයෙකු අතර ඇතිවූ සමලිංගික සබඳතාවයන් කෙරෙහි අවධානය යොමු කරයි. මෙම නවකතාවේ පිටපත් 200,000 කට වඩා අලෙවි වූ බව වාර්තා වූ නමුත් බොහෝ සාම්ප්‍රදායික මහජන නියෝජිතයන් විසින් දැඩි ලෙස විවේචනය කරන ලද අතර නවකතාව විකිණීම සහ බෙදා හැරීම තහනම් කරන ලෙස ඉල්ලා සිටියේය.
විමර්ශනය ප්‍රකාශයට පත් කරමින් ඛින්ශ්ටේන් තමාගේ සමාජ ජාලා ගිනුමේ සටහනක් තබමින් වැඩිදුරටත් පවසා සිටියේ, නඩුව උසාවියට ඉදිරිපත් කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත්, “ආණ්ඩුවට විවෘත අභියෝගයක් කිරීමට” තීරණය කළ ප්‍රකාශකයාට ලැබිය යුතු දේ ලැබෙන බවත්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...