ලන්ඩනයේ මෙට්‍රොපොලිටන් පොලිසියේ සේවයේ නියතු නිලධාරීන් ආසන්න වශයෙන් 800කට එරෙහිව ලිංගික සහ ගෘහස්ථ අපයෝජන චෝදනා එල්ලවී ඇතැයි වාර්තා වේ.බ්‍රිතාන්‍ය පොලිස් කොමසාරිස් ශ්‍රීමත් මාර්ක් රෝව්ලි මේ සම්බන්ධයෙන් සොයා බලමින් සිටින බව මාධ්‍යවෙත අනාවරණය කළේය.කොමසාරිස්වරයා මෙම ප්‍රකාශය කරණු ලැබුවේ බ්‍රිතාන්‍ය පොලිස් බළකායේ සාමාජිකයෙකු වන ඩේවිඩ් කැරික් නම නිලධාරියා ස්ත්‍රී දූෂණ 12ක් ඇතුළුව ලිංගික අපයෝජන වැරදි 49 කට වරද පිළිගැනීමෙන් ටික කලකට පසුව වීම විශේෂත්වයකි.
පසුගිය වසර දහය තුළ මහා බ්‍රිතාන්‍යයේ සිදු වූ බව කියන ලිංගික සහ ගෘහස්ථ අපයෝජන සිද්ධීන් 1,633 ක් මේ වන විට සොයා බලන බව රෝව්ලි වැඩිදුරටත් අනාවරණය කළේය.
ඩේවිඩ් කැරික්ට එරෙහි දූෂන චෝදනා සම්බන්ධයෙන් වැඩිදුරටත් අවධානය යොමු කර ඇති බ්‍රිතාන්‍ය පොලිස් කොමසාරිස්වරයා ,පසුගිය 16 දා කැරික් විසින් තමා විසින් කරන ලද තවත් ලිංගික අපයෝජන 6ක් පිළිගෙන ඇතැයි පැවසුවේය.ඒ අනුව මෙම නිලධාරියා දශක දෙකක් පුරා කාන්තාවන් 12 දෙනෙකුට එරෙහිව ලිංගික අපරාධ සිදු කර ඇතැයි විශ්වාස කෙරේ.
මෙතරම් කාලයක් කැරික් විමර්ශනය කිරීමට බ්‍රිතාන්‍ය පොලිස් කොමිසම අසමත් වීම සම්බන්ධයෙන් කොමසාරිස් රොව්ලි වින්දිතයන්ගෙන් සමාව අයැද සිටි අතර, මෙවැනි පුද්ගලයෙකු “පොලිස් නිලධාරියෙකු නොවිය යුතු” බවද අවධාරණය කළේය.
“අපි කාන්තාවන් සහ ගැහැණු ළමයින් දෙවෙනි පෙල පුරවැසිට්න බවට පත් කර තිබෙනවා.ඇත්ත වශයෙන්ම අපි ලන්ඩන් වැසියන් ඩෙහෙවේ පුරවැසියන් බවට පත් කර තිබෙනවා.” ඔහු පැවසීය.
බ්‍රිතාන්‍යයේ ස්වදේශ කටයුතු ලේකම් සුඑල්ල බ්‍රවෙර්මන් මෙම හෙළිදරව් කිරීම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් “බ්‍රිතාන්‍ය පුරා සිටින මුළු පොලිස් පවුලටම” “ඇස් ඇරවන සිද්ධියක් ” බව අවධාරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...