දේශීය පුවත්

යුක්රේන ගැටුම හේතුවෙන් යුරෝපය “පෙර නොවූ විරූ අර්බුදයක” ගිලී ඇති බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ඊයේ (19) ප්‍රකාශ කළේය. යුරෝපා මහාද්වීපයට නිදහස් වීමට අවශ්‍යද නැතහොත් එක්සත් ජනපදය හෝ චීනය මත සම්පූර්ණයෙන්ම යැපෙනවාද යන්න තෝරා ගත යුතු සංධිස්ථානයකට පැමිණ ඇතැයි ප්‍රංශ අගමැතිවරයා වැඩිදුරටත් පැවසුවේය.

ස්පාඤ්ඤ පුවත්පතක වන “එල් පයිස්” පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට මෙලෙස අදහස් දැක්වූ ප්‍රංශ අගමැතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ යුරෝපයේ ආර්ථික ආකෘතිය , යුක්‍රේන – රුසියා යුද්ධයේ සෘජු හා වක්‍ර ප්‍රතිවිපාක දැඩි ලෙස අර්බූදයට ලක්කරනු ලබන බවයි.

“ආර්ථික විද්‍යාවේ සිද්ධාන්ත වල අර්ථයෙන් සැලකන විට වත්මන් ලෝකය නිර්වචනය කරනු ලබන්නේ එක්සත් ජනපදය සහ චීනය අතර ඇති “ධ්‍රැවීයතාව” මතයි. යුරෝපයට අවශ්‍ය වන්නේ බලවතුන් දෙදෙනාගෙන් එකෙකුගේ යටත්වැසියෙකු වීමට හෝ නිදහසේ සහ සහයෝගීතාවයේ මාවත අනුගමනය කිරීමටද යන්න තවමත් තීරණය කර නැහැ.” මැක්‍රොන් සිය සම්මුඛ සාකච්ඡාවේදී පැවසුවේය.

මැක්‍රෝන් නගන මෙම ප්‍රශ්නයට මෙතෙක් සම්පූර්ණයෙන් පිළිතුරු දීමට යුරෝපයට නොහැකි වී තිබේ. ප්‍රංශ ජනාධිපතිවරයා සිය ප්‍රශ්නයට පිළිතුර “ආර්ථික, තාක්‍ෂණික සහ යුදමය වශයෙන් ස්වෛරී යුරෝපයක් හෙවත්, සැබවින්ම බලවත් යුරෝපයක්”යැයි අවධාරණය කළේය.

මැක්‍රොන්ගේ විශ්වාසය වන්නේ යුරෝපය දැන් අත්විඳිමින් සිටින අර්බුදය සීතල යුද්ධයේ අවසානයෙන් පසු කාලපරිච්ඡේදය සම්පූර්ණයෙන්ම අවබෝධ කරගෙන කටයුතු කිරීමට යුරෝපා මහාද්වීපය කර නොමැති වීම මත ඇති වූවක් බවය. සීතල යුද්ධය අවසන් වූ පසු “ප්‍රශ්න විසඳා ඇත” යන විශ්වාසය මත යුරෝපා සංගමය නැගෙනහිර දෙසට වේගයෙන් ව්‍යාප්ත වීමට ඉක්මන් වූ බව ප්‍රංශ ජනාධිපතිවරයා පුවත් පතට පැවසීය. දැන්, යුරෝපා සංගමයට, සංගමයේ අනාගතය පිළිබඳව විවිධ අදහස් ඇති ජාතීන් කණ්ඩායම් දෙකක් ඇති බවත්, නැගෙනහිර යුරෝපය, යුරෝපා සංගමය තුළ වැඩි “ජාතික” ස්වයං පාලනයක් අපේක්ෂා කරන බවත්  මැක්‍රෝන්  පෙන්වා දුන්නේය. “අපි ඔවුන්ට සවන් දිය යුතු ආකාරය දැන සිටිය යුතුයි” මැක්‍රෝන් අවධාරණය කළේය.

කෙසේ වෙතත්, මෙම අර්බුදය යුරෝපය පමණක් නොව සියලුම බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යන්ට පීඩා කරන බව පෙන්වා දෙන මැක්‍රෝන් ඒවා “යම් ආකාරයක තෙහෙට්ටුවක්, සාමූහික මැදිහත්වීම අහිමිවීමක්” අත්විඳිමින් සිටින බවට මැක්‍රොන් විශ්වාසය පළ කළේය.

“ගෝලීය ධනේශ්වර ක‍්‍රමයම අර්බුදයකයි පවතින්නේ. එය තවදුරටත් මිනිසුන් දරිද්‍රතාවයෙන් මුදා නොගන්නා අතර එය “අසමානතාවයන් අහස උසට වර්ධනය කිරීමට” පමණක් හේතු වන අතරම එය “ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි හෘදය සාක්ෂියේ අර්බුදයක්” ඇති කරනවා.” ඔහු වැඩිදුරටත් පැවසීය.

ප්‍රංශ ජනාධිපතිවරයා දිගු කලක් තිස්සේ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් බෙදාහදා ගන්නා සහ බලශක්තිය, ප්‍රවාහනය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් සමීපව සහයෝගීව කටයුතු කරන ශක්තිමත් යුරෝපීය දේශපාලන ප්‍රජාවක් නිර්මානය කිරීම සඳහා කැපවී සිටී.

මැක්‍රොන් සිය සම්මුඛ සාකච්ඡාව තුළ අවධාරණය කර ඇත්තේ යුරෝපය නේටෝව මත අඩුවෙන් රඳා පැවතිය යුතු අතර එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි කන්ඩායමෙන් “උපායමාර්ගික ස්වයං පාලනයක්” අනුගමනය කළ යුතු බවයි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More