ඇමරිකාවට කවදාවත් ණය ගෙවීමේ අවශ්‍යතාවක් නැති බවත්, ඇමරිකානු ඩොලර් අවශ්‍ය පරිදි මුද්‍රණය කරගත හැකි බවත් මහාචාර්ය Michael Hudson සදහන් කරයි.
එහෙත් අප්‍රිකානු ණය ගෙවීමට ඇත්තේ ඩොලර් වලින් බවද, ලෝක බැංකුවේ ප්‍රධානතම අපේක්ෂාව වන්නේ ඇමරිකාව අකමැති දෙයක් ලෝකයේ අනෙක් රටවල් නොකර සිටීම බවද ඔහු පවසයි. අප්‍රිකාවේ ණය ගැටලුව පිළිබදව අදහස් දක්වමින් ඔහු මේ පිළිබදව සදහන් කරයි.
අප්‍රිකාව තමන්ගේ ආහාර තමන්ම වගා නොකර අපනයනය සදහා අහාර වගාකළ යුතු බවත්, රටේ අමුද්‍රව්‍යවල මිල අඩුකර ගැනීම සදහා ඔවුන් තමන්ට අවශ්‍ය ධාන්‍ය ඇමරිකාවෙන් හෝ යුරෝපයෙන් මිලදී ගැනීමට සිදුවන බවත් ඔහු සදහන් කරයි.
60 දශකයේදී ඇමරිකාව චීනයට කළ දේම අප්‍රිකාවට කළ හැකි බවද, ඩොලර් වලින් ණය ගෙවීමට ඇති නිසා අප්‍රිකාවට සිදුවන්නේ ඇමරිකාවට අවශ්‍ය දේ විකුණාදැමීම බවත් ඔහු පවසයි.
වැඩිදුරටත් මේ පිළිබදව අදහස් දක්වන මහාචාර්යවරයා,
“ ලෝක බැංකුවේ අත්තිවාරමට යටින් ඇති ප්‍රධානතම දෙය නම් එක්සත් ජනපදය අකමැති දෙයක් නොකර සිටීමයි. එනම් තමන්ගේම ආහාර අප්‍රිකාව වගා නොකළ යුතු අතර තුන්වන ලෝකය අතිරික්ත සැපයුමක් ඇති කර ගැනීමට අපනයනය සඳහා අපනයන බෝග පමණක් (කොකෝවා සහ අනෙකුත්) වගා කළ යුතුය. අමුද්‍රව්‍ය මිල අඩු කර ගැනීම සඳහා ඔවුන් තම ධාන්‍ය එක්සත් ජනපදයෙන් හෝ යුරෝපයෙන් මිලදී ගත යුතුය. ඒ නිසා අපි අකමැති දෙයක් එයාලා කරනවා නම් 60 ගණන්වල ඇමරිකාව, චීනයට කරන්න හදපු දේට යන්න අපිට පුළුවන්. අපිට කියන්න පුලුවන් ඔයාලට බඩගින්නේ ඉන්න, අපි ඔයාලට ධාන්‍ය අපනයනය කරන්නේ නැහැ කියලා. ඒ නිසා ඩොලර් වලින් ගත් ඔවුන්ගේ විදේශ ණය නිසා ඔවුන් කෙසේ හෝ අපට අවශ්‍ය දෙයක් විකුණා දැමිය යුතුයි“
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...