මෙක්සිකෝවේ සිට දේශසීමාව හරහා බිත්තර හෝ කුකුළු මස් හොර රහසේ ගෙන ඒමට උත්සාහ නොකරන ලෙස එක්සත් ජනපද රේගු සහ දේශසීමා ආරක්ෂක නිලධාරීන් ඇමරිකානුවන්ට අනතුරු අඟවා ඇතැයි එරට ,මාධ්‍ය වාර්තා කර සිටී. එයට හේතු වශයෙන් එම නිලධාරින් පෙන්වා දෙන්නේ, රෝග වැලඳීමේ අවදානමයි. කෙසේ වුවද අමෙරිකානු සුපිරි වෙලෙඳ සැල්වල බිත්තර මිළ රොකට් වේගයෙන් ඉහළ යාමට පටන් ගෙන ඇත.
මෙක්සිකානු දේශසීමාවේදී නීති විරෝධී ලෙස ගෙන ඒන බිත්තර අල්ලා ගැනීම් 2021 අවසාන කාර්තුවට සාපේක්ෂව 2022 අවසාන කාර්තුවේදී 108% කින් ඉහළ ගොස් ඇති බව අමෙරිකානු රජයේ වාර්තා පෙන්වා දෙයි.
2022 අවසාන කාර්තුව තුළ එක්සත් ජනපදයේ බිත්තර දුසිමක සාමාන්‍ය මිල ඩොලර් 3.50 සිට ඩොලර් 5.30 දක්වා ඉහළ ගියේය.
නමුත් මෙක්සිකෝවේ ජුආරෙස් දේශසීමාවෙන්, පාරිභෝගිකයෙකුට ඩොලර් 3.40 කට බිත්තර 30 ක් ලබා ගත හැකි බව මාධ්‍ය වාර්තා පවසයි.
මේ අතර අමෙරිකානු රාජ්‍ය බලධාරින් පවසන්නේ බිත්තර ජාවාරම්කරුවන්ට “ඩොලර් 10,000 දක්වා දඩ නියම කිරීමට හැකියාව පවතින බවයි.
අමෙරිකා එක්සත් ජනපදය පුරා වාර්තාගත ලෙස ඉහළ යන උද්ධමනය හේතුවෙන් සියලුම සිල්ලර බඩු වල මිල ඉහළ නංවා තිබේ. අමෙරිකා එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආර්ථික පර්යේෂණ සේවය බිත්තර මිල වැඩි වීමට හේතුව ව්‍යාධි ජනක කුරුළු උණ රෝගය බව පවසයි.
2022 දී පමණක් බිත්තර දමන කිකිළියන් මිලියන 43ක් විනාශ කිරීමට මෙම රෝගය හේතු වී ඇති බව ඔවුහු පවසති. වෛරසයට නිරාවරණය වී ඇතැයි යන සැකය මත ගොවීන් තම මුළු රැළම විනාශ කිරීමට දැඩි ලෙස දිරිමත් කරන බව අමෙරිකානු බෝවන රෝග විශේෂඥයෙක් මාධ්‍ය වෙත පැවසීය. ඒ අනුව මිලියන ගණනක් වන නිරෝගී කිකිළියන් ද මරා දමා ඇති බවට එරට පාරිභෝගික සංගම් පවසයි.
කර්මාන්ත ආශ්රිත බලපෑම් කන්ඩායමක් වන ෆාම් ඇක්ෂන් සංවිධානය, එක්සත් ජනපදයේ දැවැන්ත බිත්තර නිෂ්පාදකයෙකු වන කැල්-මේන් සමාගම මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් චෝදනා කරමින් බිත්තර සමාගම්වල ලාභය පරීක්ෂා කරන ලෙස එක්සත් ජනපද ෆෙඩරල් වෙළඳ කොමිසමෙන් ඉල්ලා ඇත.අමෙරිකා එක්සත් ජනපදයේ බිත්තර නිෂ්පාදනය 2021 ඔක්තෝම්බර් මාසයට සාපේක්ෂව 2022 ඔක්තෝම්බර් මාසයේදී 5% කින් පහත වැටී තිබේ. මේ අතර දෙසැම්බර් මාසයෙන් අවසන් වූ මාස 12 ක කාලය තුළ තොග සටහන් 29% කින් පහත වැටී තිබේ.කෙසේ වුවද මෙම සංඛ්‍යාලේඛන වාර්තාගත ඉහළ මිල ගණන් පැහැදිලි නොකරන බව ෆාම් ඇක්ෂන් සංවිධානයේ නීතිඥ බාසල් මුෂාර්බාෂ් පසුගිය 21 දා ෆොක්ස් නිව්ස් වෙත අදහස් දක්වමින් පැවසීය.
කාල් මේන් බිත්තර නිෂ්පාදන සමාගම ඔවුන්ගේ මිළ ගනන් සාධාරණී කරණය කිරීමට පෙළඹී ඇති අතර ඉහළ නිෂ්පාදන සහ නැව්ගත කිරීමේ පිරිවැය ද බිත්තර මිල ඉහළ නැංවීමට ප්‍රභල භූමිකාවක් ඉටු කරන බව සමාගම පවසයි. කේසේ වුවද 2022 අවසාන කාර්තුව සඳහා සමාගමේ විකුණුම් 110% කින් ඉහළ ගොස් ඇති අතර දළ ලාභය පෙර වසරේ ලාභයට වඩා 600% කින් වැඩිවී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...