ලතින් ඇමරිකානු සහ කැරිබියානු රාජ්‍යයන්ගේ එකමුතුවේ හත්වන සමුළුව ඊයේ(25) ආර්ජන්ටිනාවේ අගනුවර වන බුවනෝස් අයර්ස් නුවරදී පැවැත්විණි.ආර්ජන්ටිනා ජනාධිපති ඇල්බෙර්ටො ෆර්නැන්ඩස් මහතාගේ ආරාධනයෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එම සමුළුවේදී වීඩියෝ දේශනයක් පැවැත්වීය.
ජනාධිපති ෂී සඳහන් කළේ ලතින් ඇමරිකානු සහ කැරිබියානු රටවල් සංවර්ධනය වෙමින් පවතින රටවල වැදගත් සාමාජිකයන් බවයි. ඔවුන් ගෝලීය තත්වයන් පාලනය කිරීමට ක්‍රියාකාරීව සහභාගී වන අතර ඒ සඳහා සක්‍රිය වැදගත් දායකත්වයක් ලබා දෙන බවද පෙන්වා දුන්නේය. ගෝලීය දකුණු-දකුණු සහයෝගීතාව සමඟ එක පෙලට සිටිමින් ලතින් ඇමරිකානු සහ කැරිබියානු රාජ්‍යයන්ගේ ප්‍රජාව ගාමක බලවේගයක් ලෙස කටයුතු කරමින් සිටින බවද පැවසුවේය. කලාපීය සාමය ආරක්ෂා කිරීම, පොදු සංවර්ධනය හා කලාපීය ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා ලතින් ඇමරිකානු සහ කැරිබියානු රාජ්‍යයන්ගේ ප්‍රජාව වැදගත් කාර්යභාරයක් මේ දක්වා ඉටු කර ඇති බවද සඳන් කළේය.
ලතින් ඇමරිකාවේ සහ කැරිබියන් දූපත් වල කලාපීය අනුකලන ක්‍රියාවලියට චීනය සැමවිටම සහාය දෙන බව මෙම හමුවේදී ෂී අවධාරණය කළේය.
“ලතින් ඇමරිකානු සහ කැරිබියානු රාජ්‍යයන්ගේ එකමුතුව සමඟ අපගේ සම්බන්ධය බෙහෙවින් ඉහළ අගයක පවතින අතර සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර සහයෝගීතාව වැඩි දියුණු කිරීම හා දකුණු-දකුණු සහයෝගීතාව සමඟ අපගේ සහයෝගිතාව ඉහළ නැංවීමට අප කටයුතු කරනවා. චීනය ලතින් ඇමරිකානු සහ කැරිබියානු රාජ්‍යයන් සමඟ කටයුතු කරන්නේ එනිසයි. චීනය, ලතින් ඇමරිකානු සහ කැරිබියානු රටවල් සමඟ කරන කටයුතු ක්‍රමයෙන් ශක්තිමත් කරමින් සිටින අතර සමානාත්මතාවය, අන්‍යනෝන්‍ය ප්‍රතිලාභ, නවෝත්පාදනය, ජනතාවට විවෘතභාවය සහ ප්‍රතිතිලාභ ලබා දීම යන කාරනා පෙරදැරි කරගෙන නව යුගයකට යාමට කටයුතු කරනවා”ඔහු පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...