බල්ලෙකු කළ වෙඩි තැබීමකින් ඇමෙරිකා එක්සත් ජනපදයේ පුද්ගලයකු මියගොස් ඇතැයි එරට පොලිසිය ප්‍රකාශ කර තිබේ.
මියගිය පුද්ගලයා දඩයමේ ගොස්, අනාරක්ෂිතව ගිනිඅවිය ට්‍රක් රථයේ පසුපස ආසනයේ තබා රියදුරු අසුනේ වාඩි වී ඇති බවත්, බල්ලා පිටුපස ආසනයට පැන ගිනි අවිය මත පය තැබීම හේතුවෙන් ගිනි අවිය ක්‍රියාත්මක වී ඇති බවත් පොලිසිය සදහන් කරන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
මියගිය පුද්ගලයා 30 හැවිරිදි වියේ පසුවන්නෙක් බවත් පසුගිය 21 වැනිදා දඩයම් කිරීමට ගිය අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇති බවත් කන්සාස් ප්‍රාන්ත පොලිසිය පවසා තිබේ.
බල්ලා මියගිය පුද්ගලයාගේ සුරතලාද යන්න පිළිබඳ නිල ප්‍රකාශයක් කන්සාස් ප්‍රාන්ත පොලිසිය නිකුත් කර නැති අතර, මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන බවයි වාර්තා වන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...