දේශීය පුවත්

ලෝකයේ දියුණු රටවල් ගැඹුරු ආර්ථික අවපාතයකින් පීඩා විදීමට නියමිතව තිබෙන විට “ගෝලීය ආර්ථික වර්ධනයේ ප්‍රධාන එන්ජිමක් ලෙස චීනය පමණක් දිගටම පවතිනු ඇත.” යැයි චිකාගෝ හි ඉලිනොයිස් තාක්ෂණ ආයතනයේ ස්ටුවර්ට් ස්කූල් ඔෆ් බිස්නස් හි ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඛයිරි ටුවර්ක් මාධ්‍ය වෙත පැවසුවේය.

කොවිඩ් වෛරස් වසංගතය මර්ධනය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට අවශ්‍ය මැදිහත් වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඇති වූ තත්වය පාලනය කිරීමට එක්සත් ජනපදය සිය ආර්ථිකය උත්තේජනය කිරීමට ඩොලර් මුද්‍රණය කළ බව මහාචාර්යවරයා පවසයි. “ඩොලර් මුද්‍රණය කිරීමේ ප්‍රතිපත්තිය නිසා අමෙරිකාව උද්ධමන තටවයට මුහුණ දෙමින් සිටිනවා. මේ හේතුවෙන් ෆෙඩරල් මහ බැංකුව පොලී අනුපාතිකය තවත් වැඩි කිරීමට සැරසෙනවා. අමෙරිකානු ආර්ථිකය අවපාතයකට ලිස්සා යාමේ අනතුරකට මුහුණ දී තිබෙනවා.” ඛයිරි ටුවර්ක් වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.

ඛයිරි ටුවර්ක්ට අනුව,රුසියානු යුක්රේනු ගැටුම සහ බලශක්ති අර්බුදය හේතුවෙන් යුරෝපයේ වෙනත් රටවල් ද ආර්ථික අවපාතයකට මුහුණ දීමේ ඉම වෙත තල්ලු වී සිටියි.

“චීනයට මෙම උද්ධමන ප්‍රශ්නය නැහැ. අමෙරිකාවට ඇත්තේ කම්හල්වල වැඩට කෝවිඩ් වසංගතයෙන් පසුව නැවත පැමිණෙන කම්කරුවන් ගේ ඵලදායීතාවය පිළිබඳ ප්‍රශ්නයයි. චීනයට එවැනි ප්‍රශ්න නැහැ. එබැවින් චීනයට තරඟකාරී වාසියක් තිබෙනවා .” ටුවර්ක් පැවසීය. “ඉදිරි වසර දෙක තුළ ගෝලීය ආර්ථික වර්ධනයේ දීප්තිමත් ස්ථානය චීන වෙළඳපොළට හිමි වනු ඇත.”ටුවර්ක් අවධාරණය කළේය.

විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සම්බන්ධයෙන් කිසිදු රටකට චීනයට සම කළ නොහැකි බවත්, විශේෂයෙන්ම මේ වන විට චීනය විවෘත කර ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

“රටක කාර්මික පදනම වන්නේ එහි ඉහළ ඵලදායි ශ්‍රම බලකායේ විනයයි. කාලයත් සමඟ චීන ශ්‍රමදායකයාගේ කුසලතා වැඩිදියුණු වෙමින් පවතිනවා.” ටුවර්ක් පැවසීය. “චීනයේ සැපයුම් දාමය ඉතා පුළුල් එකක්. එය සම්පූර්ණ සැපයුම් දාමයක්. එම සැපයුම් දාමය A සිට Z දක්වා සියලු වර්ගවල සංරචක ආවරණය කරනවා. ඔබට මෙවැණි ශ්‍රම බලකායක් ලෝකයේ වෙනත් කිසිදු ස්ථානයකින් සොයාගත නොහැකියි.”ඔහු පෙන්වා දුන්නේය.

චීනය වෙනත් ඕනෑම රටකට වඩා විශාල මධ්‍යම පන්තික ජනගහනයක් සිටින බව පෙන්වා දුන් ටුවර්ක් පැවසුවේ “චීන වෙළඳපොල ලෝකයේ විශාලතම වෙළෙඳ පොල වන අතර මෙම වෙළඳපොල සෑම බහුජාතික සමාගමකටම ඉතාමත් ආකර්ශනීයයි.” යනුවෙනි.

පළමු පන්තියේ යටිතල පහසුකම්, උසස් තත්ත්වයේ සේවකයින් සහ දැවැන්ත වෙළඳපොළක් හිමි වීමේ වාසිය සමඟ චීනය ලෝකයට “අවශ්‍යම රටක්” බවට පත් වී ඇති බව මහාචාර්යවරයා සිය සම්මුඛ සාකච්ඡාවේදි සඳහන් කළේය.

මිලියන ගණනකගේ ජීවිත බේරා ගැනීම පමණක් නොව, චීන ආර්ථිකයේ පුනර්ජීවනය පිටුපස ඇති ප්‍රධාන සාධකයක් වන චීනයේ කෝවිඩ් 19 වෛරසය මර්ධන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ප්‍රශංසා කිරීමටද සම්මුඛ සාකච්ඡාවේදී ඔහු වග බලාගෙන තිබුණි.
“සෞඛ්‍ය සම්පන්න සේවකයින් සෞඛ්‍ය සම්පන්න පරිසරයක වැඩ කිරීමට චීන කර්මාන්තශාලාවලට නැවත පැමිණ ඇත. දිගු කාලීන වාසි සඳහා කෙටි කාලීන වේදනාවක් දරා ගැනීම වඩා හොඳ බවට චීනය අනුගමනය කළ කෝවිඩ් 19 වෛරස මර්ධන ප්‍රතිපත්තිය හොඳම සාක්ෂියයි.” ඔහු පැවසීය.

Interview: China continues to be major engine of global growth, says U.S. scholar



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More