තුර්කියේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් මිය ගිය ගණන 1,000 ඉක්මවා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම වාර්තා පෙන්වා දෙන්නේ, භූ කම්පාව හේතුවෙන් තුර්කියේ පමණක් පුද්ගලයන් 912 දෙනෙකු මිය ගොස් 5,383 දෙනෙකු තුවාල ලබා ඇති බව තුර්කි ජනාධිපතිවරයා සදහන් කළ බවයි.
රික්ටර් මාපක 7.8ක ප්‍රබලත්වයක් සටහන් කර තිබූ තුර්කියේ සිදු වූ විශාලතම භූමිකම්පාව ලෙස සැලෙකෙන එය එරට වේලාවෙන් පස්වරු 04:17ට සිරියානු දේශසීමාව ආසන්නයේ ගිනිකොනදිග තුර්කියේ ගාසියන්ටෙප් ප්‍රදේශයේ ඇති වී තිබිණි.
සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුවන බැවින් මරණ සංඛ්‍යාව කොපමණ ඉහළ යනු ඇත්දැයි අනාවැකි කිව නොහැකි බව ඔහු ප්‍රකාශ කර ඇත.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, 1939 වසරෙන් පසු රටේ සිදුවූ විශාලතම ව්‍යසනය මෙය වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ගොඩනැගිලි 2,818ක් කඩා වැටී ඇති බව ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...