දේශීය පුවත්

තුර්කියට සහ සිරියාවට බලපෑ භූකම්පන තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 3,700 ඉක්මවා ඇති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ තුර්කියේ 2,300ක් සහ සිරියාවේ 1,444ක් පමණ මරණ වාර්තා වන බවත්, දෙරටේම 15,000කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත් අනාවරණය වී ඇති බවය.

ඊයේ (06) අලුයම සිදුවූ රික්ටර් පරිමාණයේ ඒකක 7.8ක භූකම්පනය සහ ඒකක 7.5ක ප්‍රබල පසු කම්පනය හේතුවෙන් තුර්කි – සිරියා දේශසීමාවේ නගර රැසකට දැඩි හානි සිදුව ඇති බව වාර්තා වන අතර, ගොඩනැගිලි දහස් ගණනක් කඩාවැටී මාර්ග ජලනළ සහ ගෑස් නළ ද පිපිරීමට ලක්ව ඇති බව සදහන් ය.

මේ අතර භූකම්පනය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 08 ගුණයකින් පමණ ඉහළ යා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබේ.

තවදුරටත් සුන්බුන් අතර සිරවී සිටින පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර, ඒ සදහා විවිධ රටවල සහාය මේ වන විට හිමිවී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More