ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පිහිටි විශාල බෞද්ධ විහාරයක් ගිනිගෙන විනාශ වී ඇති බව වාර්තා වේ.
වයිට් මූන් බෞද්ධ විහාරය ලෙසින් හැඳින්වූ මෙම විහාරයේ ඉකුත් ඉරිදා (5 දා) රාත්‍රියේ ගින්න හටගෙන ඇති අතර ජීවිත හානි හෝ තුවාලවීම් වාර්තා වී නොමැත.
මෙය චීන මහායාන බෞද්ධ විහාරයක් වන අතර, මෙම විහාරයට යම් අයකු හෝ කණ්ඩායමක් විසින් ගිනි තැබුවාදැයි සැකයක් ද මේ වන විට මතුව ඇති බවත් වාර්තා වේ.
මියගිය ඥාතීන්ට අයත් අළු බදුන් දහසක් පමණ මෙම විහාරයේ තැන්පත් කර තිබූ බවත්, ඒවා විනාශ වී යෑම නිසා එම අළු බදුන්වල අයිතිකරුවන් මෙන්ම ඇතිවූ මෙම සිදුවීමෙන් ලොවපුරා වෙසෙන බෞද්ධයන් බලවත් සේ සංවේගයට පත්ව ඇති බවත් වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...