දේශීය පුවත්

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමෙන් පසුව ඇති වූ වෙළඳ බාධක රටෙහි උද්ධමනය අර්බුදයක් දක්වා පරිවර්තනය වීමට දායක වී ඇති බව “බෑන්ක් ඔෆ් ඉන්ගලන්ඩ්” හෙවත් එංගලන්ත බැංකුවේ ප්‍රතිපත්ති සම්පාදක කැතරින් මාන් මැතිනිය ප්‍රකාශ කළ බව එරට මාධ්‍යය වාර්තා කර සිටී

බ්ලූම්බර්ග් වෙබ් අඩවිය උපුටා දක්වන ලද පරිදි මාන් මැතිනියට අනුව,ජීවන වියදම් අර්බුදය එක්සත් ජනපදයේ සහ යුරෝපා සංගමයේ අඩු වීමට පටන් ගෙන ඇති නමුත් තවමත් එක්සත් රාජධානියේ එසේ සිදුවී නැත.

මෙම රටවල් තුනම කොවිඩ් වෛරසය හේතුවෙන් රටවල් අගුලු දැමීමේ නීතියට යටත්වූ අතර ගෝලීය ඉල්ලුම පහල යාම සහ ඉන්පසුව ඇතිවූ සැපයුම් බාධක වලටද මුහුණ දුන්නේය. රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට එරෙහිව පැනවූ සම්බාධක හේතුවෙන් ඇති වූ බලශක්ති කම්පනය මගින් මෙහෙයවනු ලබන ඉල්ලුම සහ සැපයුම කෙරෙහි වන කම්පනයන්ටද බ්‍රිතාන්‍ය මුහුණ දී ඇති බව බුඩාපෙස්ට්හිදී පැවැත්වූ ලැම්ෆලූසි දේශන සමුළුවේදී මාන් සඳුදා පැවසීය.

“කෙසේ වෙතත්, එක්සත් රාජධානියටම පමණක් විශේෂිත වූ තුන්වන ආකාරයේ ආර්ථික කම්පනයක් ද බලපා තිබෙනවා. වෙනත් කිසිදු රටක් එහි සමීපතම වෙළඳ හවුල්කරුවන්ට ඒකපාර්ශ්විකව වෙළඳ බාධක පැනවීමට ක්‍රියාකර නැහැ.” ඇය පෙන්වා දුන්නාය.

බ්‍රිතාන්‍යයේ දශක හතරක ඉතිහාසය තුළ ඉහළම උද්ධමන අගය වන 11.1% පසුගිය ඔක්තෝබර් මාසයේ දී වාර්තා විය.නමුත් “බෑන්ක් ඔෆ් එන්ගලන්ඩ්” ඉලක්ක කර තිබුණේ 2% අගයකි.කෙසේ වුවද මේ වන විට බ්‍රිතාන්‍යයේ උද්ධමනය 10.5% දක්වා තරමක් පහල බැස ඇත. මේ අතර, යුරෝ කලාපයේ උද්ධමනය 8.5% දක්වා පහත වැටී ඇති අතර එක්සත් ජනපදයේ උද්ධමනය 6.5% දක්වා පහත වැටී තිබේ.

උද්ධමන අනුපාතය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් මාන් මහත්මිය “දත්තවල දැනටමත් හැරවුම් ලක්ෂයක් දැකිය හැකිද? එක්සත් ජනපදය සහ යුරෝ කලාපය සඳහා නම් එම ප්‍රශ්නයට ‘ඔව්’ ලෙස පිළිතුරු ලැබෙන අතර එක්සත් රාජධානිය සඳහා එම පිළිතුර සමහර විට “ස්ථායීකරණය” වී තිබේ ලෙස පිළිතුරු ලැබෙනවා.” යනුවෙන් අවධාරණය කළාය.

පසුගිය සතියේ, “බෑන්ක් ඔෆ් එන්ග්ලන්ඩ්” බැන්කුව බ්‍රෙක්සිට් ඇතුළු “ආර්ථික කම්පන රාශියකට” දොස් පවරමින් ඉදිරි වසර තුන සඳහා එංගලන්තයේ ආර්ථිකයේ වර්ධන වේග සීමාව 0.7% දක්වා සිය ඇස්තමේන්තුව පහත හෙලුවේය. ඔවුන් නොවැම්බර් මාසයේදී 0.9%ක් ලෙස එම අගය ඇස්තමේන්තු කර තිබුණි.

යුරෝපා සංගමයේ නිදහස් වෙළඳ ක්‍රමවේදයෙන් එක්සත් රාජධානිය ඉවත් වීම නිසා එක්සත් රාජධානියේ ඵලදායිතා මට්ටම දිගු කාලීනව 3.25% පමණ අඩු වනු ඇති බවට එරට මහ බැංකුව කළ අනාවැකිය යළි යළිත් ප්‍රකාශ කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More