දේශීය පුවත්

තුර්කියට සහ සිරියාවට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය බවට තහවුරු වූ පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට 15,000 ඉක්මවා ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම මරණ ප්‍රමාණය බලධාරීන් විසින් මේ වන විට තහවුරු කර ඇති බවය.

කෙසේවෙතත් සිරියාවේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව පිළිබඳ නිශ්චිත සංඛ්‍යාලේඛන ලබාගැනීම දුෂ්කර වී ඇති බව ද වාර්තා වෙයි.

දරුණු ලෙස විපතට පත් සමහර ප්‍රදේශවල පවුල් පවසා ඇත්තේ, ගලවා ගැනීමේ ප්‍රයත්නවල මන්දගාමී ස්වභාවය නිසා සුන්බුන් අතර සිර වී සිටින තම ඥාතීන් සොයා ගැනීමට ඔවුන්ට උදව්වක් නොමැති බව ය.

භූමිකම්පාව සිදු වී මේ වන විට පැය 60ක් පමණ ගත වී ඇති අතර, කඩාවැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර සිරවූවන් මුදාගැනීම සඳහා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකය.

පසුගිය සඳුදා(06) ඇතිවූ මෙම භූ කම්පනය සැලකෙන්නේ වසර 20කට පසුව ලොව සිදුවූ දරුණුතම භූ කම්පනය ලෙසටය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More