දේශීය පුවත්

තුර්කි භූ කම්පනය හේතුවෙන් මේ වන විට මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 20,000 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තුර්කියේ 17,000කට වැඩි පිරිසක් සහ සිරියාවේ 3000කට වැඩි පිරිසක් මෙසේ මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මේ අතර එරට පවතින දැඩි ශීත කාලගුණ තත්ත්වය හේතුවෙන් මුදාගැනීමේ මෙහෙයුම්වලට බාධා එල්ල වී තිබේ.

එසේම බලධාරීන් පවසන්නේ පසුගිය සඳුදා සිදුවූ භූ කම්පනය හේතුවෙන් විනාශ වූ ගොඩනැගිලි තුළ තවදුරටත් පුද්ගලයන් සිරවී සිටින බවය.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇත්තේ මුදාගත් පිරිස්වලට කුඩාරම්, ආහාර, ජලය සහ සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත්ව හිමි නොවීම තුළ තවත් ව්‍යසනයක් මතුවිය හැකි බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More