දේශීය පුවත්

මොස්කව් සහ ටෙහෙරානය එකිනෙකා අතර කරණු ලබන ගනු දෙනු වලදී කළ යුතු ගෙවීම් ඔවුන්ගේ ජාතික මුදල්වලින් ගෙවීම තවදුරටත් ඉහළ නැංවීමට අදහස් කරන බව රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය ඇන්ඩ්‍රි රුඩෙන්කෝ පසුගිය 10දා ප්‍රකාශ කළේය. ඒ අනුව දෙරට අතර බැංකු අංශයේ සහයෝගීතාව ශක්තිමත් කරමින් සිටින බවද ඔහු අනාවරණය කළේය.

“අපි ඉරානය සමඟ දිගටම කටයුතු කරනවා. ජාතික මුදල් භාවිතයෙන් කරණු ලබන වෙළඳ මෙහෙයුම් වලට වැඩි උත්තේජනයක් ලබා දීමට කටයුතු කරනවා. 2021 දී ජාතික මුදල්වලින් කරනු ලැබූ ගෙවීම් වල කොටස 60% ඉක්මවා තිබෙනවා. මෙම ධනාත්මක ප්‍රවණතාවය පසුගිය වසරේ දිගටම පැවතුනා. ”රුඩෙන්කෝ ඉන්ටර්ෆැක්ස් ප්‍රවෘත්ති ඒජන්සියට පැවසීය.

මහ බැංකු සහ ණය ආයතන හරහා ඉරානය සමඟ අන්තර්ක්‍රියා ද සක්‍රීයව වර්ධනය වෙමින් පවතින බව ඔහු එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

“2023 ජනවාරි මාසය අවසන් වන විට රුසියානු සහ ඉරාන බැංකු අතර සෘජු සන්නිවේදන නාලිකාවක් නිර්මාණය කිරීම SPFS සහ SEAM යන ජාතික මූල්‍ය පණිවිඩ පද්ධති සමමුහුර්ත කිරීම ගිවිසුම්ගත කිරීමටද කටයුතු කර තිබෙනවා.” රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය ඇන්ඩ්‍රි රුඩෙන්කෝ පැවසීය. මෙම පියවර බටහිර මූල්‍ය පණිවුඩකරණ පද්ධතිය වන SWIFT භාවිතා නොකර දේශසීමා හරහා ගනුදෙනු කිරීමට ඉඩ සලසන බව ආර්ථික විද්‍යාඥයෝ පවසති.

රුසියාව සහ ඉරානය අතර සහයෝගීතාව පසුගිය වසරේ දෙරටට පනවා තිබූ බටහිර සම්බාධක මධ්‍යයේ වේගවත් විය. 2022 පුරාවට, ඉරාන ටර්බයින, අමතර කොටස් සහ ගුවන් යානා උපකරණ සඳහා භාණ්ඩ හුවමාරු සැපයුම් ගනුදෙනුවල සිට ස්වාභාවික ගෑස් නල මාර්ග ඒකාබද්ධව ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තු දක්වා සහයෝගීතාව පුළුල් කිරීමේ ගිවිසුම් ගණනාවකට රටවල් දෙක එළඹුණි.

මොස්කව් සහ ටෙහෙරානය අතර වෙළඳාම පසුගිය වසරේ 15% කින් හෙවත් ඩොලර් බිලියන 4.6 දක්වා ඉහළ ගොස් ඇති බව නිල දත්ත පෙන්වා දෙයි. සාමාජික රටවල් අතර භාණ්ඩ, සේවා සහ ප්‍රාග්ධනය නිදහසේ ගමන් කිරීම සහතික කරන රුසියාවේ නායකත්වයෙන් යුත් යුරේසියානු ආර්ථික සංගමය (EEU) වෙත ඉරාණ ඉස්ලාමීය ජනරජය මෑතකදී අත්සන් තබා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More