දේශීය පුවත්

බටහිර රටවලට අයත් දැවැන්ත ඛනිජ තෙල් නිෂ්පාදන සමාගම්වල ඉපැයීම් වාර්තාවලට අනුව, ඛනිජ තෙල් නිෂ්පාදන දැවැන්තයින් වන ෂෙල්, බීපී,එක්සොන් මොබිල්, චෙව්‍රොන් සහ ටොටල් එනර්ජිස් යන සමාගම් පසුගිය වසරේ ඩොලර් බිලියන 196.3 ක ඒකාබද්ධ ලාභයක් වාර්තා කර ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. මොවුන් ලබා ඇති ලාභය බොහෝ රටවල සමස්ත අයවැයට වඩා ඉහළ අගයක් බවද පැවසේ.

ප්‍රංශයේ ඛනිජ තෙල් දැවැන්තයා වන ටොටල් එනර්ජිස් සමාගමේ ඉපැයීම් පිළිබඳව අවසන් වාර්තා වලට අනුව , 2022 දී එහි පූර්ණ-වාර්ෂික ලාභය ඩොලර් බිලියන 36.2 ක් වූ අතර එම අගය 2021දී එම සමාගම ලැබූ ලාභයට වඩා  දෙගුණයක් වූ බව පසුගිය 8 වනදා නිවේදනය කළේය. එක්සත් ජනපදයේ ඛනිජ තෙල් සමාගම් අතර ප්‍රධානියා වන චෙව්‍රොන් සහ බ්‍රිතාන්‍යයේ දැවැන්තයින් වන බීපී සහ ෂෙල් යන සමාගම්ද වාර්තාගත ඉහළ ලාභ රේට්ටු වාර්තා කළහ.ජනවාරි මස මුලදී, එක්සන් සමාගම වාර්තා කළ ඩොලර් බිලියන 56 ලාභය සමස්ත බටහිර තෙල් සමාගම් සඳහා වන ඓතිහාසික ඉහල අගයක් සනිටුහන් කළේය.

පසුගිය වසරේ ෆොසිල ඉන්ධන මිල ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස මෙම වාර්තාගත ඉපැයීම් ලැබිණි. කෙසේ වෙතත්, ඉහළ යන බලශක්ති බිල්පත් ගෙවීමට පාරිභෝගිකයින් දැඩිව වෙහෙසෙද්දී සමාගම් මෙලෙස මුදල් රැස් කිරීම සම්බන්ධයෙන් ඛනිජ තෙල් නිෂ්පාදන සමාගම් වෙත එල්ල වන විවේචන තීව්‍ර වී තිබේ.

“අපි ගෝලීය අවපාතයකට ඇතුල් වෙමින් සිටිනවා.අපගේ බොහෝ අය බිල්පත් ගෙවීමට අරගල කරමින් සිටින බව අපි දන්නවා. ඒ නිසා, අපි සියලු දෙනාම මෙවැනි අසාධාරණ ලාභ ඉපැයීම් වලට එරෙහි විය යුතුයි”. ග්ලෝබල් විට්නස් නම් රාජ්‍ය නොවන උපදේශක කණ්ඩායමේ නියෝජිතයෙකු වන ඇලිස් හැරිසන් CNBC පුවත් සේවය වෙත පැවසුවේ, ” මෙම සමාගම් වෙත හදිසි බද්දක්” පනවන ලෙස ඉල්ලා සිටිමිනි.ඒ අනුව බලශක්ති බිල්පත් ගෙවීමට අරගල කරන ජනයාට  සහන සැලසීමට එමගින් හැකිවන බව ඇය අවධාරණය කළාය.

මානව හිමිකම් කන්ඩායමක් වන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් කියා සිටියේ ඛනිජ තෙල් නිෂ්පාදන සමාගම් දැවැන්තයන්ගේ ලාභය “ප්‍රකාශිත ලෙස සාධාරණීකරණය කළ නොහැකි” සහ “අසීමිත ව්‍යසනයක්” බවයි.

“මෙම දැවැන්ත තෙල් සමාගම් විසින් උපයන ඩොලර් බිලියන ගණනක ලාභයට ප්‍රමාණවත් ලෙස බදු ගෙවිය යුතු අතර එමඟින් අවදානමට ලක්විය හැකි ජනතාවට සිය ඉහළ යන ජීවන වියදම සමනය කර ගැනීමට ඒ ඒරජයන්ට ඵලදායී ලෙස විසඳා ගත හැකිය” යනුවෙන් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සමූහයේ මහලේකම් ඇග්නස් කැලමාර්ඩ් පැවසීය.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පසුගිය 7 වනදා පැවැති සිය “ස්ටේට් ඔෆ් ද යුනියන්” දේශනයේදී දැවැන්ත ඛනිජ තෙල් සමාගම් වල වාර්තාගත ඉපැයීම් සම්බන්ධයෙන් “වෙනස්ම” අර්ථ දැක්වීමක් කරනු ලැබීය.ඔහුට අනුව බලශක්ති මිල ඉහළ යාම වැළැක්වීමේ උත්සාහයන් සඳහා සමාගම් “එම ලාභයෙන් ඉතා සුළු මුදලක්” ආයෝජනය කර තිබේ. අමෙරිකානු රාජ්‍ය නායකයා වැඩිදුරටත් සඳහන් කළේ දිගු කාලීන ආයෝජන ඉහළ නැංවීම සඳහා ආයතනික කොටස් මිලදී ගැනීම් මත බද්ද හතර ගුණයකින් වැඩි කිරීමට යෝජනා කරන බවයි.

කෙසේ වෙතත්, තෙල් සමාගම් තර්ක කර ඇත්තේ හදිසි බදු මගින් ආයෝජනයට බාධාවක් විය හැකි බවයි.

“හදිසි බදු හෝ මිල සීමාවන් එම ආයෝජන ස්ථායිතාව පිළිබඳ විශ්වාසය නැති කර දමන අතර එම නිසා සිදු කෙරෙන සමහර පියවර ගැන මම කනස්සල්ලට පත්ව සිටිනවා. යුරෝපයේ බලශක්ති පද්ධතියට පුළුල් ලෙස බලශක්ති සුරක්‍ෂිතතාව කාවැද්දීමට අපට අවශ්‍ය මොහොතක ආයෝජන ප්‍රාග්ධනය ලබා ගැනීම සඳහා වෙනස් ප්‍රවේශයක් තිබිය යුතු යැයි මම සිතනවා. ”ෂෙල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී වේල් සවාන් පසුගියද මාධ්‍ය වෙත පැවසීය.

ලෝකයේ විශාලතම බලශක්ති සමාගමක් වන සෞදි ඇරම්කෝ හි ප්‍රධානී අමින් නසාර් විසින්ද මෙම මතය තහවුරු කරන ලද අතර ඔහු CNBC පුවත් සේවය වෙත පැවසුවේ ඉහළ බදු “අතිරේක ආයෝජන සඳහා සමාගම්වලට ප්‍රයෝජනවත් නොවන” බවයි.

” ඛනිජ තෙල් සමාගම් මෙම අංශයේ ආයෝජනය කළ යුතුයි, එම සමාගම් ව්‍යාපාරය වර්ධනය කළ යුතුයි. විකල්ප සහ සාම්ප්‍රදායික බලශක්තිය සඳහා එම සමාගම් යොමු විය යුතුයි. ඔවුන්ට ඒ සඳා උපකාර කළ යුතුය.” අමින් නසාර් තවදුරටත් පැවසීය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More