පසුගිය සතියේ රුසියානු වෙළෙඳ පොලේ සිදුවූ අවිනිෂ්චිතභාවය සහ යුරෝපා සංගමය රුසියාවට එරෙහිව සම්බාධක පනවනු ඇතිය යන අපේක්ෂාව හේතුවෙන්, ඊයේ (13) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුසියානු රූබලය පසුගිය මාස නවයකට ආසන්න කාලය තුළ පෙන්වූ අවම අගය වාර්තා කළේය.
පසුගිය අප්‍රේල් මාසයේ අග භාගයේ සිට රූබලයේ දුර්වලම අනුපාතය හෙවත් එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රූබල් 73.68 දක්වා පහත වැටුණි. අපනයනකරුවන් තම විදේශ මුදල් ඉපැයීම් බදු ගෙවීම සඳහා රුබල් බවට පරිවර්තනය කිරීම ආරම්භ කරන පෙබරවාරි අවසානය දක්වා රුබලයට එල්ල වන පීඩනය එලෙසම පවතිනු ඇතැයි විශ්ලේෂකයෝ අපේක්ෂා කරති.
තවද ඩොලරයට හා යුරෝවට එදිරිව රූබල් හි අවප්‍රමාණය තවත් මූල්‍ය සීමා කිරීම් සහ තෙල් මිල පහත වැටීමේ අපේක්ෂාවන් විසින් මෙහෙයවනු ලැබ ඇති බවද මුල්‍ය විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මේ අතර යුරෝපා සංගමය රුසියාවට නව සම්බාධක පැකේජයක් යෝජනා කිරීමට සූදානම් වන බව වාර්තා වේ. යුරෝපා සංගමය රුසියාවට එරෙහිව පනවන අනෙකුත් දඬුවම් අතර, රුසියාවේ විශාලතම පුද්ගලික ණය දෙන්නා වන ඇල්ෆා බැංකුව ඇතුළු රුසියානු බැංකු හතරක් ඉලක්ක කර සම්බාධක ඇත.
කෙසේ වෙතත් රුසියානු ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ දත්ත වලට අනුව , රූබලයේ සමස්ත ගතිකත්වය ධනාත්මකව පවතී. රූබලය තවමත් රුසියාව යුක්රේනයේ මිලිටරි මෙහෙයුම ආරම්භ කිරීමට පෙර සහ බටහිර සම්බාධක පැනවීමට පෙර පසුගිය 2022 වසරේ ජනවාරි මාසයේ සිදු වූවාට වඩා ඉහළ අගයක් මුල්‍ය වෙළෙඳ පොළ තුල වාර්තා වන බව මුල්‍ය විශ්ලේෂකයෝ පවසති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...