දේශීය පුවත්

එක්සත් ජනපදය ඔවුන් සතු උපාය මාර්ගික මිසයිල පද්ධතිය (ATACMS) යුක්රේනයට ලබා නොදෙන බව බලධාරීහු පැවසූ බව පොලිටිකෝ සඟරාව පවසයි.කෙසේ වුවද ධවල මන්දිරය විසින් දැනටමත් අවසර දී ඇති ඩොලර් බිලියන 30ක මිලිටරි ආධාර වලට අමතරව කියෙව් පරිපාලනය දිගින් දිගටම දිගු දුර මිසයිල සහ අනෙකුත් බර අවි ඉල්ලා සිටියි.

එක්සත් ජනපදය වොෂින්ටන් නුවරදි මෑතදී පැවති රැස්වීමකදී වොෂින්ටනයට පිරිනැමීමට ATACMS මිසයිල නොමැති බව යුක්‍රේන නිලධාරීන්ට දැනුම් දෙනු ලැබ ඇති බවද පොලිටිකෝ සඟරාව පවසයි.තමන් සතු “යුද අවි තොග අඩුකර ගැනීමට එක්සත් ජනපද හමුදාවේ යුද සූදානමට හානි කරන” බවට පෙන්ටගනය නිගමනය කිරීම මෙයට හේතුවී තිබේ.

නම සඳහන් කිරීමට අකමැති වූ අමෙරිකානු හමුදාවේ ඉහළ නිළධාරියෙක් පොලිටිකෝ සඟරාව වෙත අදහස් දක්වමින් “අමෙරිකාව සැමවිටම යුද්දය ජයග්‍රහනය කිරීමට යුක්රේනයට අවශ්‍ය දේ සපයන අතරම අමෙරිකාවේ ආරක්ෂාව වෙනුවෙන් අමෙරිකානු හමුදාවේ සූදානම සහ අමෙරිකානු හමුදා විසින් කළ යුතු කොටස සැලකිල්ලට ලක්කරනවා.කෙසේ වුවත් යුක්රේනයට ඔවුන් හඳුනාගත් ඉලක්කවලට පහර දීම සඳහා අවශ්‍ය හැකියාවන් තෘප්ත කිරීමේ වෙනත් ක්‍රම තිබෙනවා.” යනුවෙන් පැවසුවේය.

එක්සත් ජනපදය සතු යුද අවි තොගවල උපාය මාර්ගික මිසයිල පද්ධති (ATACMS ) කොපමන ප්‍රමානයක් ඉතිරිව ඇත්ද යන්න පැහැදිලි නැතත්, පර්සියානු ගල්ෆ් යුද්ධයේදී සහ ඉරාක යුද්ධයේදී එක්සත් ජනපද හමුදා විසින් ඒවා 600ක් පමණ භාවිතා කර ඇති බව වාර්තාවේ. ආයුධ නිෂ්පාදක සමාගමක් වන ලොක්හීඩ් මාටින් සමාගම විසින් පසුගිය වසර 20 තුළ විවිධ නිෂ්පාදන ඒකක 4,000ක් පමණ නිෂ්පාදනය කර ඇත. එම මිසයිල වලින් සැලකිය යුතු ප්‍රමානයක් බහරේනය, ග්‍රීසිය, පෝලන්තය, කටාර්, රුමේනියාව, දකුණු කොරියාව සහ තුර්කිය ඇතුළු මිත්‍ර රටවලට ද විකුණා තිබෙන බවද වාර්තාවේ.

එක්සත් ජනපදයෙන් උපාය මාර්ගික මිසයිල පද්ධති සෘජුවම ලබා ගැනීමට වඩා පහසුවෙන්, කියෙව් පරිපාලනය සලකා බලමින් සිටින්නේ උපාය මාර්ගික මිසයිල පද්ධති ඔවුන්ගේ මිත්‍ර රටවල් වලින් එකකින් ඉල්ලා ගත හැකිද යන්නයි. කෙසේ වුවදය එය වොෂින්ටනය විසින් අනුමත කළ යුතු පියවරකි.

යුක්රේනයට අමෙරිකානු යුද අවි ගබඩාවලින් ආයුධ මාරු කිරීම් පසුගිය වසර පුරාම අමෙරිකානු පරිපාලනය විසින් කර ඇත. යුක්‍රේන-රුසියා ගැටුම ආරම්භ වී සති කිහිපයකට පසුව, පසුගිය මාර්තු මස මුලදී වාර්තා වූ ජවලින් සහ ස්ටින්ගර් මිසයිල හිඟයන් සමඟම මෙම හුවමාරු කිරීම් සිදු කර ඇත. ඩ්‍රෝන, මෝටාර්, හොවිට්සර්, සන්නද්ධ සටන් රථ සහ රොකට් පද්ධති දුසිම් ගනනක් ඇතුළු දැවැන්ත ආයුධ ප්‍රමාණයකට අමතරව, පෙබරවාරි 3 වන විට වොෂින්ටනය අවම වශයෙන් ස්ටින්ගර් පද්ධති 1,600ක් සහ ජවලින් 8,000කට වඩා යුක්‍රේනයට එවා ඇත.

යුක්‍රේනයේ හැකිළෙන ආයුධ පිළිබඳ සැලකිල්ලට අමතරව, පොලිටිකෝ සඟරාවට අනුව, සැතපුම් 190 ක පරාසයක් දක්වා යුක්රේන හමුදා “රුසියානු භූමිය තුළ ගැඹුරට ප්‍රහාර එල්ල කිරීමට” අමෙරිකාව සැපයූ නවීන ආයුද භාවිතා කරනු ඇතැයි එක්සත් ජනපද නිලධාරීන් බිය පලකරති. ධවල මන්දිරය කියෙව් සඳහා M1 එබ්‍රහම් ප්‍රධාන යුද ටැංකි ඇතුලු බර අවි වැඩි වැඩියෙන් අනුමත කර ඇතත් අමෙරිකාව විශ්වාස කරන්නේ රුසියානු භූමියට යුක්‍රේනය පහර දීමෙන් අදහස් කරන්නේ ක්‍රෙම්ලිනයේ “රතු කට්ට” පැන්නවීමට යුක්‍රේනය කටයුතු කරනු ඇති බවයි.

යුක්රේන හමුදාව යුද අවි “විශාල ප්‍රමාණයක්” භාවිත කරන බවට සන්ධාන ප්‍රධානී ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් ඊයේ(13) අනතුරු ඇඟවීමත් සමඟ කියෙව් හමුදාවේ අවශ්‍යතාවලට අනුකූලව ආයුධ සහ පතොරම් “නිෂ්පාදනය වේගවත් කරන ලෙස” නේටෝව සාමාජික රටවලින් ඉල්ලා තිබේ. රොයිටර් විසින් ලබා ගත් මෑත කාලීන නේටෝව සම්බන්ධ තක්සේරුවකින් හෙළි වූයේ ගැටුමට ස්තූතිවන්ත වන්නට සන්ධානය පුරා ඇති අවි ගබඩා සැලකිය යුතු ලෙස ක්ෂය වී ඇති බවයි. එක් නිලධාරියෙකු රොයිටර් වෙත පැවසුවේ “යුරෝපය රුසියාවට එරෙහිව සටන් කළහොත් සමහර රටවල පතොරම් දින කිහිපයකින් අවසන් වනු ඇති” බවයි.

යුක්රේනයට විදේශීය ආයුධ සැපයීමට එරෙහිව විරෝධය පලකරමින් මොස්කව් පරිපාලනය යළි යළිත් අවධාරණය කර සිටියේ ගැටුමේ ප්‍රතිඵලය වෙනස් නොකර සටන දිගු කරන බවයි. විශේෂයෙන් බටහිර ආයුධ රුසියානු නගරවලට පහර දීමට හෝ රුසියානු භූමිය අල්ලා ගැනීමට උත්සාහ කළහොත්, බටහිර රටවල් ලබා දුන් ආධාර යුද උනුසුම වැඩි කරවීමේ වැඩි අවදානමක් ඇති බවට ක්‍රෙම්ලිනය අනතුරු අඟවා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More