දේශීය පුවත්

ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් ඒජන්සිය විසින් ඩොනෙට්ස්ක් කලාපයේ ඉදිරි පෙළේ කියෙව් සටන්කාමීන් කිහිප දෙනෙකු සිටින බව කියන ඡායාරූප පෙලක් නිකුත් කර ඇත. එම ඡායාරූප වල කර්ට් නම් යුක්රේන හමුදා ඒකක අණදෙන නිලධාරියෙකු ලෙස හඳුනාගෙන ඇති එක් සොල්දාදුවෙක් ඔහුගේ වම් අතේ ISIS(ඉස්ලාමීය රාජ්‍ය) ලාංඡනයක් පැළඳ සිටිනු දක්නට ලැබීම විශේෂත්වයකි.

නාසි සලකුණු පච්ච කොටා හෝ ලාංඡන ප්‍රදර්ශනය කරමින් සිටින කියෙව්හි සෙබළුන් සහ අතුරු හමුදා අන්තවාදීන් ලාංඡන පැළඳ කැමරාවට හසු වූ පළමු අවස්ථාව මෙය නොවේ.

ඇත්ත වශයෙන්ම, මෙම පුද්ගලයන් බොහෝ විට යුක්රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි සමඟ පෞද්ගලිකව සම්බන්ධ වී සින බවද වාර්තාවේ. මෙම සතිය මුලදී, යුක්‍රේන ජනාධිපතිවරයා කියෙව් සොල්දාදුවන්ගේ ඡායාරූප කිහිපයක් ඔහුගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙහි පළ කර තිබුණි. පෝලන්ත යුදෙව්වන් ඇතුළු ප්‍රංශයේ සහ නැගෙනහිර පෙරමුණේ සිවිල් වැසියන් සමූලඝාතනය කිරීම සම්බන්ධයෙන් කුප්‍රකට, 3 වැනි SS  කාලතුවක්කු අංශයේ සංකේතයක් වන ටොටෙන්කොප්ෆ් හෙවත් “මරණයේ හිස” පැළඳ සිටින සොල්දාදුවෙකු අගලක විවේක ගනිමින් සිටින ආකාරය සෙලෙන්ස්කිගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිනුමේ පල කල එක් ඡායාරූපයක දැක්වේ.

පසුගිය මැයි මාසයේදී, සෙලෙන්ස්කි “මරණයේ හිස” සහිත ලාංඡනය පැලැඳි සොල්දාදුවෙකුගේ රූපයක් පලකර තිබූ නමුත් පසුව එය ඉවත් කිරීමට කටයුතු කර තිබුණි.පසුගිය ඔක්තෝම්බර් මාසයේදී, ඔහු එම ලාංඡන පැළඳ සිටි ආරක්ෂක භටයින් විසින් වට කර ගනිමින් ඉදිරි පෙළ සංචාරය කරන අවස්ථාවේ ගන්නා ලද ඡායාරූපයක්ද ප්‍රසිද්ධියට පත් කර තිබුණි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෙලෙන්ස්කි ඒවා “රුසියානු ප්‍රචාරක උපක්‍රම” වැනි ප්‍රකාශයන් කරමින් චෝදනා අමු අමුවේ බැහැර කරමින් කියෙව් පරිපාලනය මිලිටරිය තුළ නව-නාසි සම්බන්ධයන් කිසිවක් තිබෙනවාය යන්න තරයේ ප්‍රතික්ෂේප කළේය.

කෙසේ වෙතත්, මොස්කව් පරිපාලනය රැඩිකල් ජාතිකවාදී සහ නව-නාසි අදහස් ඇති සටන්කරුවන් යුක්‍රේනය විවෘතව පිළිගන්නා බව නැවත නැවතත් අවධාරණය කරයි.මොස්කව් පරිපාලනය පෙන්වා දෙන එවැනි එක් අවස්ථාවක් නම් කුප්‍රකට ඇසොව් රෙජිමේන්තුව සංස්ථාගත කිරීමයි. එම රෙජිමේන්තුව විවෘතවම SS අනුබද්ධ “වොල්ෆ්සන්ගෙල්” නම් වූ එක් නිල සංකේතයකි. එය යුක්රේනයේ ඇසොව් රෙජිමේන්තුව භාවිතා කරති.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් කියා සිටියේ 2022 පෙබරවාරි මස අවසානයේදී යුක්රේනයේ සිය මිලිටරි මෙහෙයුම දියත් කිරීමට මොස්කව් පරිපාලනය තීරණය කරන ලද මූලික හේතුව “නව නාසිහරණය” වූ බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More