කියෙව් සහ මොස්කව් අතර පවතින ගැටුමේදී මොස්කව් වෙත දැඩි සහයෝගයක් දක්වන ඕනෑම ජාතියක් වොෂින්ටනයේ “රතු රේඛාව” තරණය කරනු ඇතැයි එක්සත් ජාතීන්ගේ, එක්සත් ජනපද නියෝජිත ලින්ඩා තෝමස්-ග්‍රීන්ෆීල්ඩ් ඊයේ(19) සීඑන්එන් වෙත අදහස් දක්වමින් පැවසීය.මේ අතර ඊයේ දිනයේදීම , එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්, චීනය මොස්කව් වෙත සහයෝගය දීම සලකා බැලීම සම්බන්ධයෙන් ඊට එරෙහිව චීනයේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන වැන්ග් යීට සෘජුවම අනතුරු ඇඟවීය.
“යුක්රේනයට එරෙහි රුසියාව ගෙන යන ම්ලේච්ඡ ප්‍රහාරයේදී රුසියානුවන්ට දැඩි සහයෝගයක් ලබා දීමට චීනය හෝ වෙනත් ජාතියක් යම්කිසි සිතුවිලක් හෝ උත්සාහයක් දරන්නේ නම්, එය පිළිගත නොහැකි බව කෙනෙකුට පැහැදිලි විය යුතුයි.” තෝමස්-ග්‍රීන්ෆීල්ඩ් සීඑන්එන් ප්‍රවෘත්ති සේවයේ ‘ස්ටේට් ඔෆ් ද යුනියන්’ වෙත අදහස් දක්වමින් පැවසීය. “එම උත්සාහය රතු ඉරක් වනු ඇත.” ඔහු වැඩිදුරටත් පැවසුවේය.
ජර්මනියේ මියුනිච් ආරක්ෂක සමුළුවට සමගාමීව බ්ලින්කන් සහ වැන්ග් යී අතර හමුවක් පැවැත්වෙමින් පවතින අතරතුරදී ලින්ඩා තෝමස්-ග්‍රීන්ෆීල්ඩ්ගේ වචන ඉදිරියට පැමිණියේය. එහිදී, එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රිකයා තම චීන සගයාට පැවසුවේ ,චීනය රුසියාවට දැඩි සහයක් ලබා දීම සඳහා සලකා බැලීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය ඉතා කනස්සල්ලට පත්ව සිටින බව, ඔවුන් අතර හමුව සිදුවීමෙන් අනතුරුව බ්ලින්කන් එන්බීසී පුවත් සේවයට පැවසුවේය.
“එය අපගේ සම්බන්ධතාවයට බරපතල ප්‍රතිවිපාක ගෙන දෙන බව මම පැහැදිලිවම ප්‍රකාශ කළෙමි,” රාජ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය. “පසුගිය මාස කිහිපය තුළ” බීජින් පාලනය මොස්කව් වෙත දැවැන්ත ආධාර සැපයීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය දැන සිටි බව කියා සිටි ඔහු, මෙම ආධාර “රුසියාවේ යුද ප්‍රයත්නයට සෘජුවම ආධාර කිරීමට සහ අනුබල දීමට” සමාන බවද පැවසුවේය.
චීනය “රුසියාවට විශාල වශයෙන් ආධාර සැපයීම සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් සිටින” බවට “හැඟවෙන” තොරතුරු වොෂින්ටනයට ලැබී ඇති බව ද බ්ලින්කන් පැවසීය. කෙසේ වුවද චීනය සලකා බලනවා යැයි කියනු ලබන තොරතුරුවල ස්වභාවය හෝ රුසියාවට ලබා දෙන නිශ්චිත ආධාර පිළිබඳ විස්තර බ්ලින්කන් සපයා නැත. ඒ වෙනුවට ඔහු කියා සිටියේ ඉදිරියේදී තවත් තොරතුරු කිහිපයක් හෙළි කරන බවයි.
බීජිං “තවමත් එම සීමාව ඉක්මවා නැත” යනුවෙන් ද එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා පැවසීය.
ඊයේ(19) චීන විදේශ අමාත්‍යාංශය ද බ්ලින්කන් සහ වැන්ග් යී අතර හමුව පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කළේය. එහිදී, මොස්කව් හා කියෙව් අතර මෙම මිලිටරි ගැටුමට “ගිනි දැල්වීම” සහ “අවස්ථාවෙන් ලාභ ලැබීම” වෙනුවට යුක්රේනයේ ගැටුම දේශපාලනිකව සමථයකට පත් කිරීමට කටයුතු කරන ලෙස චීනය එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටියේය.
සමස්ථ චීනයම “සාම සාකච්ඡා ප්‍රවර්ධනය කිරීමට කැපවී සිටී” යනුවෙන් එම ප්‍රකාශය අවධාරණය කරයි. මොස්කව් සහ බීජිං අතර මූලෝපායික හවුල්කාරිත්වයක් යනු “ස්වාධීන රාජ්‍ය දෙකක ස්වෛරී අයිතියක්” බව එම නිවේදනය වැඩිදුරටත් අවධාරණය කරයි. චීනය “චීන-රුසියා සබඳතා ඉලක්ක කර ගනිමින් එක්සත් ජනපදයේ ඇඟිල්ල දිගු කිරීම හෝ බලකිරීම පවා පිළි නොගනු ඇත” යනුවෙන් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ අනතුරු අඟවා තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...