එක්සත් ජනපදය සහ එහි මිත්‍ර රටවල් “අසීමිත බලය” අපේක්ෂා කරන බවත්, යුද්ධය අවුළුවාලීම සහ එය උත්සන්න කිරීම සදහා ඔවුන් උත්සාහ කරන බවත් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් එරට ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සදහන් කරයි.
එහිදී ඔහු යුක්‍රේනයට එරෙහි රුසියානු යුද්ධය සම්බන්ධයෙන් අදහස් දක්වා සිටි අතර, යුක්‍රේනියානු ජාතිය සමග රුසියාව යුද්ධ නොකරන බව ද සඳහන් කළේය.
ආර්ථික සම්බාධක මගින් රුසියාව අඩපණ කිරීමට නොහැකි බව ද ඔහු තවදුරටත් පැවසීය.
ජනාධිපති පුටින් රුසියානු සොල්දාදුවන්ට ප්‍රශංසා කළ අතර ඔවුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට වැඩි සහයෝගයක් ලබා දෙන බවට ද පොරොන්දු විය.
පුටින් එරට ජාතිය ඇමතීම සිදු කළේ, සිකුරාදාට යෙදී ඇති රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කරනු ලැබීමේ පළමු සංවත්සරයට පෙර බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
එම වාර්තා සඳහන් කළේ, එම කතාව දෙසැම්බරයේ පැවැත්වීමට තිබුණ ද පසුව එය පුටින් විසින් කල් දමනු ලැබ ඇති බව ය.
මේ අතර, ඊයේ (පෙබ. 20) එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩ්න් හදිසියේ යුක්‍රේනයේ කියෙව් නගරය වෙත ගොස් තිබුණු අතර ඔහු අද දිනයේ පෝලන්තයේ සිට විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් යුක්‍රේනයේ සංචාරයක නිරතවෙමින් රුසියාවට විවිධ චෝදනා එල්ලකළ පසු බිමක, ගෝලීය දේශපාලන විචාරකයින් පවසන්නේ එම චෝදනාවන්ට පිළිතුරු දීම සඳහා මෙලෙස පුටින් ජාතිය ඇමතීමට තීරණය කර ඇති බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...