පාර්ලිමේන්තුවේ මේ වන විට ඇති වී තිබෙන අර්බුධයට මූලික හේතු දෙකක් බලපෑවේ ය. ඉන් එකක් නම් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තමාගේ අභිමතය පරිදි අලුත් අගමැතිවරයකු පත් කිරීම ය. (තමා එය කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (2) (ඇ) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව යැයි ඔහු කියයි.) දෙවැනි හේතුව නම් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීම ය.
ඔහුගේ මේ ක්‍රියා දෙක අතරින් දෙවැන්න එනම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම මේ වන විට අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් වී තිබේ. අධිකරණය ඉදිරියේ එය අභියෝගයට ලක් කර සිටින පාර්ශ්ව විසින් ඉදිරිපත් කරනු ලබන තර්කය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන එන ලද 19 වැනි සංශෝධනය මඟින් ජනාධිපතිවරයාට සිය අභිමතය අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තිබූ බලය අහෝසි වී ඇති බැවින් ඔහු පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථා විරෝධී බව ය. මේ සටහන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථාවට එකඟ ද පටහැනි ද යන්න ගැන නොවේ. 19 වැනි සංශෝධනය ව්‍යවස්ථාවට එකඟ ද නැද්ද යන්න ගැන ය.
බැලූ බැල්මට නම් ව්‍යවස්ථාවේ අඩංගු වගන්තියක් ව්‍යවස්ථාවට විරුද්ධ යැයි පිළි ගත නොහැකි ය. එහෙත් 19 සංශෝධනය මඟින් ව්‍යවස්ථාවේ මූලික වගන්තියක් උල්ලංඝණය වන බව මගේ අදහසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන අන්දමට ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍ය බලය ඇත්තේ ජනතාවට ය. ව්‍යවස්ථාවේ 3 වගන්තියේ ඒ බව මෙසේ පැහැදිලි ව ම සඳහන් වී තිබේ.
3. ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේ ය. පරමාධිපත්‍යය අත්හළ නොහැක්කේ ය. පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ද ඇතුළත් වන්නේ ය.
එහෙත් 2015 දී සම්මත කර ගන්නා ලද 19 සංශෝධනයේ දී ව්‍යවස්ථාවේ පැවැති 70 (1) අනු ව්‍යවස්ථාව ඉවත් කර ඒ වෙනුවට අලුතින් ආදේශ කරන ලද අනු ව්‍යවස්ථාවේ මෙසේ සඳහන් වෙයි.
70.(1) … පාර්ලිමේන්තුවේ ප්මරථ රැස්වීම සඳහා නියම කර ගනු ලැබූ දිනයෙන් අවුරුදු හතරක් සහ මාස හයක කාලයක් අවසන් වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකළ යුත්තේ ය.
මට ඇති වූ ප්යරශ්නය නම් මේ වගන්ති දෙක එකිනෙකට පටහැනි නොවන්නේ ද යන්නයි.
ව්‍යවස්ථාවේ තුන් වැනි වගන්තියේ දැක්වෙන අන්දමට ජනතා පරමාධිපත්‍යයේ කොටසක් වන ‘ඡන්ද බලය’ අත් හළ නොහැක්කේ ය. එහෙත් 70.(1). අනුව්‍යවස්ථාවෙන් එය අවුරුදු හතරක් සහ මාස හයකට අත්හැරීමට (අත්හිටුවීමට) නීතිමය ප්‍රතිපාදනයක් පනවා ඇත.
‘පාර්ලිමේන්තුව පළමු වරට රැස් වන දිනයේ සිට අවුරුදු හතරක් සහ මාස හයක් අවසන් වන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකළ යුත්තේ ය’ යන්නෙන් අදහස් වන්නේ ඒ කියන අවුරුදු හතරක් සහ මාස හයක කාලයට ජනතාවගේ පරමාධිපත්‍යයේ කොටසක් වන ‘ඡන්ද බලය’ අත්හරවා ඇති බව නොවේ ද?
එය ව්‍යවස්ථාව තුළ ම පරස්පරයක් වන බව මගේ අදහසයි. 19 සංශෝධනය ව්‍යවස්ථාව තුළ ඇති කර තිබෙන මේ පරස්පරය ව්‍යවස්ථාවේ මූලික හරයට හෝ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික හරයට හෝ එකඟ ද?
මෙවැනි සංශෝධනයක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත වනවාට අමතර ව ජනමත විචාරණයකට යොමු කළ යුත්තකි. එහෙත් 19 සංශෝධනය ජනමත විචාරණයකට යොමු කිරීමේ අවශ්‍යතාවක් මතු වූයේ නැත. එසේ අවශ්‍ය නොවූයේ 19 සංශෝධනයේ දී ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාගේ බලතල, කාර්ය සහ කර්තව්‍ය දැක්වෙන 33 ව්‍යවස්ථාවට අලුතින් ඇතුළත් කරන ලද මේ වගන්තිය නිසා ද?
33.(2) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් ලිඛිත නීතියකින් හෝ ප්‍රකාශිත ව ම ජනාධිපතිවරයා වෙත පවරා හෝ නියම කර ඇත්තා වූ බලතලවලට සහ කාර්යයන්ට අමතර ව, ජනාධිපතිවරයාට –
(ඇ) පාර්ලිමේන්තුව කැඳවීමට, වාර අවසාන කිරීමට සහ විසුරුවා හැරීමට බලය ඇත්තේ ය.
මේ බලතල ක්‍රියාත්මක කිරීමේ දී ව්‍යවස්ථාවේ ඒ පිළිබඳ ව සඳහන් වන වෙනත් විධිවිධාන අනුගමනය කළ යුතු බවට නියමයක් ද ව්‍යවස්ථාවෙහි දක්වා නැත.
ඒ අනුව 33.(2) (ඇ) වගන්තිය මඟින් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැර ජනතා පරමාධිපත්‍යයේ කොටසක් වන ඡන්ද බලය භාවිත කිරීමට ඉඩ සැලසිය හැකි බලතල තිබෙන්නේ යැයි අදහස් වන බැවින් ද, ඒ බලතල ක්‍රියාත්මක කිරීමේ දී ව්‍යවස්ථාවේ සඳහන් වෙනත් විධිවිධානයක් අනුගමනය කළ යුතු නොවන බැවින් ද, 70 (1) අනු ව්‍යවස්ථාවේ දැක්වෙන අවුරුදු හතරකුත් මාස හයක් යන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකළ යුත්තේ ය යන්න ව්‍යවස්ථාවේ මූලික හරයට බලපෑමක් නොකරන්නේ යැයි අදහස් වන්නේ ද?
මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයන්ගේ අවධානයට යොමු විය යුතු බව මගේ අදහසයි. 19 සංශෝධනය සම්මත වී අවුරුදු තුනක් ගත වන තුරුත් දේශපාලන ක්ෂේත්‍රය තුළ මේ ගැන අවධානයක් යොමු නොවුණේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සියලු දෙනා ම පාහේ මේ සංශෝධනයට පක්ෂ ව අත් එසවූ නිසා ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු අපේ රටේ උත්තරීතර නීතිය වන බැවින් පක්ෂ දේශපාලනයේ සීමාවන්ට කොටු නොවී මේ ගැන කතා කළ යුතු බව මගේ අදහසයි.
Dharma Sri Kariyawasam
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
Good analysis. This demonstrates the lack of intelligence and wisdom in our Representatives when formulating laws or when taking decisions.