බල්ලගේ වැඬේ බූරුවා කරනවා යැයි ලෙසින් වූ වටිනා උපමා කතාවක් අපේ ජනවහරේ තිබේ. යමෙකු කළ යුතු සහ එසේ කරන්නට හැකියාව ඇති කාර්යයක් කිසිදු වගකීමක් සහ හැකියාවක් නැති තවෙකකු ඉදිරිපත්වී කරන්නට යන කල සහ වගකීම් විරහිතව වහසිබස් ප‍්‍රකාශ කරනවිට අපේ ජනතාව අතීතයේ මෙන්ම අදත් මේ කතාව සිහිපත් කළේ උපහාසය මුසු පිළිකුලෙන් යුතුවය.
ශී‍්‍ර ලාංකීය ජනවහරේ දකින්නට ඇති අපේ මුතුන් මිත්තන්ගේ නිර්මාණාත්මක හැකියාව එසේ වෙද්දී ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා කොළඹ නාලන්දා විද්‍යාලයේ පැවති උත්සවයකට සහභාගි වෙමින් වගකීම් විරහිත අලජ්ජී ප‍්‍රකාශයක්කර කරන අයුරු පෙරේදා (21 වැනිදා* විකාශය වූ විද්‍යුත් මාධ්‍ය ප‍්‍රවෘත්ති තුළින් අපි දුටුවෙමු.
එය මෙරට ප‍්‍රධානතම බෞද්ධ පාසලක් වන කොළඹ නාලන්ද විද්‍යාලයේ උත්සවයක පැවති වැදගත් සභාවකි. එම සභාව ඉදිරියට පැමිණ ඉතාම නොවැදගත් ලෙස හේමසිරි ප‍්‍රනාන්දු මේ කතාව කරද්දී ඔහු ඇත්තටම මේ රටේ ආරක්‍ෂක ලේකම්දැයි බරපතළ ගැටලූවක් අපට ඉබේටම මතුවිය.
අප දන්නා තරමින් නම් හේමසිරි ප‍්‍රනාන්දු යනු ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාය. එහෙත් ඔහු මෙහිදී සභාව අමතා කතා කරද්දී වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ අවසානයෙන් පසු රුද්‍රකුමාරන්ලා, එම්මානුවෙල්ලා ඇතුළු කොටි ඩයස්පෝරවේ කෙරුමන් එකතුවී රටින් පිටත පිහිටුවාගත් ඡුායා ඊළාම් රාජ්‍යයේ කෙරුමන්ට ආවඩන අයුරුක්ද පෙනෙන්නට තිබිණි.
හේමසිරි ප‍්‍රනාන්දු මහතා මෙහිදී කළ කතාව වූයේ කුමක්ද? එය දැන් මුළු රටේම ජනතාව දැන සිටිති. එහෙත් හේමසිරි ප‍්‍රනාන්දුට කරන උපහාරයක් ලෙස ඒ කතාවෙන් වැදගත්ම කොටස ගෙන අපි එය මෙහි පළ කරන්නෙමු. ඔහු ඒ කොටස කීවේ මෙසේය.
‘කවුරුහරි යුද්දෙට සම්බන්ධ වෙලා ඉ`දලා ගමට ඇවිත් මිනී මැරුවා නම් එයාට රණවිරුවා කියන්න බැහැ. එයාට කියන්නේ මිනීමරුවා කියලා. එයාව අපි ලංකාවේ වලංගු නීතිය යටතේ අධිකරණයට ගෙනැල්ලා උපරිම ද`ඩුවම් දියයුතුයි. අපි දැන් ඒවගේ කි‍්‍රයාමාර්ග ගනිමින් යනවා. විශේෂයෙන්ම තව සුමාන දෙකකින් ලංකාවේ සිදුවෙච්ච ඉතාම භිහිසුණු ම්ලේච්ඡු මිනිමරුමකට සම්බන්ධ හමුදා පුද්ගලයන් එකොළොස් දෙනකුට අපි නඩු පවරනවා.
ඒ වගේම අපි එදාට අභියෝග කරනවා ඩයස්පෝරා එකට, උඹලට තිබෙනවා නම් මේ වගේ ඔප්පු කරන්න පුළුවන් සාධක ඇති තව මිනීමැරුම් අපට දෙන්න කියල. අපි ඒවත් විභාග කරලා ද`ඩුවම් දෙනවා..’
හේමසිරි ප‍්‍රනාන්දු කියන මේ කතාව අනුව අපට පමණක් නොව මුළු රටටම මතුවන තවත් ප‍්‍රශ්න ගණනාවක්ම ඇත. ඒ අතරින් මුලින්ම අවධානය යොමු කළ යුතුව ඇත්තේ ඔහු කියන මේ ඔප්පු කරන්නට පුළුවන් හමුදා පුද්ගලයන් එකොළොස්දෙනකු සම්බන්ධ මිනීමැරුම කුමක්ද යන්නය.
හේමසිරි ප‍්‍රනාන්දු යනු විශ‍්‍රාමික විනිසුරුවරයකු නොවේ. එවැන්නකුට වුවද නඩුවක් විභාග කරන්නට පෙර එය ඔප්පු කළ හැකිද නැතිද යන්න ප‍්‍රකාශ කිරීම ඉතා අසීරු කාර්යයකි. ඒ තත්ත්වය තුළ ඔහු ඔප්පු කරන්නට පුළුවන් නඩුවක් ගැන කීමෙන් අපට නම් ඇතිවූයේ ඉස්සර විනෝද සමයේ සිටි ඇනස්ලි, බර්ටි, සැමුවෙල් අතරින් නිතර පව්ඩර් නාගෙන ර`ගපෑ සුපිරි විහිළුකාරයකු වූ බර්ටි ගුණතිලක කොට කලිසම පිටින් මගදී හමුවූවාක් වැනි හැ`ගීමකි.
අනේ හේමසිරි ප‍්‍රනාන්දු මහත්තයෝ. ඔබ කියන පරිදි විභාග කිරීමට පෙර ඔප්පුකරන්නට පුළුවන් යැයි පූර්ව නිගමනයකට ආ හැකි නඩු තිබෙන්නේ කොහිද? වගකිවයුතු රාජ්‍ය නිලධාරියකු ලෙස රටට සාමය ගෙන දෙන්නට දිවිහිමියෙන් කැපවූ රණවිරුවන් එකොළොස් දෙනකු පිළිබ`ද ඔබ මෙවන් බොළ`ද ප‍්‍රකාශයක් කරනු ලැබුවේ කාගේ වුවමනාවටද?
මේ කතාව ඇසූ කල අපිට දැනුණේ කලකට පෙර පොලිස්පතිවරයා නීතිය නවන්නට සැරසුනාක් මෙන් දැන් ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දුත් නීතිය නවන්නට යන්නේදැයි කියාය. ඇතැම්විට ලබන මාර්තු මාසයේ ස්විට්සර්ලන්තයේදී ජිනීවා කෝළම යළි ඇරඹීමට නියමිත නිසා හේමසිරි ප‍්‍රනාන්දු ජාත්‍යන්තරය පිනවීම පිණිස එකී රණවිරුවන් දංගෙඩියට යැවීමේ සැලසුමකට අනුව මේ ප‍්‍රකාශය කළාදැයි අපි නොදනිමු. එය අපට නොවැටහෙන්නකි. මේ ප‍්‍රකාශයේ ඇති සැ`ගවුණ අරුත දන්නේද හේමසිරි ප‍්‍රනාන්දුමය.
ඔප්පු කරන්නට හැකියැයි ඔහු කියන මේ නඩුව වන්නේ වැල්ලවත්තේදී තරුණයන් පස්දෙනකු දෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු පැහැරගත්තේ යැයි කියමින් නාවික හමුදා බුද්ධි බළකායේ රණවිරුවන් පිරිසකට එරෙහිව චෝදනා එල්ලවී තිබෙන සිද්ධිය ය. හේමසිරි ප‍්‍රනාන්දු මහතා මෙන් නොව, අප එසේ පූර්ව නිගමනයකට පැමිණියේ සාධක ඇතිවය. හේමසිරි ප‍්‍රනාන්දු මහතා නාලන්ද විදුහලේදී මෙකී ප‍්‍රකාශය කිරීමෙන් පසු ඊයේ (22 වැනිදා* අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව නොහොත් සීඅයිඞීය තුළින් ලබාගත් පුවතක් ලෙස ඇතැම් මාධ්‍ය ඒ බව වාර්තා කර තිබෙනු අපි දුටුවෙමු.
මෙකී පුද්ගලයක් එකොළොස් දෙනකු පැහැරගෙන ගියේ යැයි කියන සිද්ධියේ මූලික නඩු විභාගය සිදු කෙරුණේ කොළඹ කොටුව මහෙස්ත‍්‍රාත්වරයා ඉදිරියේදීය. එය මුල සිටම අපේ අවධානයට ලක්වූවක්ද විය. මේ විමර්ශනය කරනු ලැබුවේ 2015 යහපාලන දේදුණු විප්ලවයෙන් පසු කූඨප්ප‍්‍රාප්තියට පැමිණි සීඅයිඞීයේ සමූහ මංකොල්ල විමර්ශන අංශය මගිනි. එහිදී සිදුවූ දේද බොහෝය.
වරක් අධිකරණය වෙත පැමිණ පැමිණිල්ලේ සාක්ෂිකරුවකු බවට සීඅයිඞීය කී විජයකාන්තන් නමැති පුනරුත්ථාපනය වූ හිටපු එල්ටීටීඊ ත‍්‍රස්තවාදියකු සීඅයිඞීයේ සමුහ මංකොල්ල විමර්ශන අංශයේ නිලධාරීන් තමන් නොම`ග යවා බලෙන් සාක්ෂි ගත්තේ යැයි අධීකරණය හමුවේ පැවසීය.
එය ඉතාම බරපතළ කරුණක් වුවද මේ දක්වාම ඒ පිළිබ`ද විමර්ශනයක් නම් සිදුවූයේ නැත. ඒ අතරේ මේ සිද්ධියේ තවත් චූදිතයකු වූ නාවික හමුදා බුද්ධි බළකායේ ලූතිනන් කමාණ්ඩර් ප‍්‍රසාද් චන්ද හෙට්ටිආරච්චි තුළින් නේවි සම්පත් කෙනකු මවන්නටද සීඅයිඞීය දැඩි උත්සාහයක් ගත්තේය. එහෙත් ඇතැම් සත්‍යවාදී මාධ්‍ය අවදියෙන් සිටි නිසා සීඅයිඞීයේ ඒ උත්සාහය ද ව්‍යර්ථ විය.
එකී මූලික විභාගයට අදාළ වැල්වත්තේදී තරුණයන් පස්දෙනකු පැහැරගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ කළ පැමිණිල්ලකට අනුව මුලින්ම චෝදනා එල්ල වූයේ හිටපු නාවික හමුදා නිලධාරී නිලන්ත සම්පත් මුණසිංහ ඇතුළු පුද්ගලයන් සිව්දෙනකුට එරෙහිවය. අපේ මතකයේ හැටියට ඒ ඉකුත් 2008 වසරේදී පමණය.
ඒ අනුව සීඅයිඞීය සිදු කළ මේ විමර්ශනයට දැනට ගතවී ඇති කාලය වසර දහයකි. වසර දහයක් පුරා සිදු කෙරුණු මෙය ආරම්භයේදී නිලන්ත සම්පත් මුණසිංහ ඇතුළු සිව්දෙනා සිද්ධියට සම්බන්ධ බවට අධිකරණයට කරුණු වාර්තා කිරීමටද සිඅයිඞීය කටයුතු කර තිබිණි.
එසේ තිබියදී රට වෙනුවෙන් උපරිමය සිදුකළ තවත් නාවික බුද්ධි නිලධාරීන් හත්දෙනකුට චෝදනා එල්ල කරමින් සීඅයීඞීය මෙකී විමර්ශනයට නව මුහුණුවරක් දෙන්නේ ඉකුත් 2015 වසරේ සිදුවූ දේදුණු විප්ලවයත් සමගිනි. එහිදී එකී බුද්ධි නිලධාරීන් හත්දෙනාට චෝදනා එල්ල වන්නේ සම්පත් මුණසිංහ ඇතුළු මුල් චූදිතයන් සහ වෙළගෙදර නමැති නාවික නිලධාරියකු කියන ප‍්‍රකාශ මත පදනම්වය.
එසේ කරන්නට යෑමේදී මේ විමර්ශනය පුරා සීඅයිඞීය සිදු කළ උපහාසාත්මක දේද බොහෝ විය. නාලන්දයේදී කී පරිදි හේමසිරි ප‍්‍රනාන්දු මහතා රණවිරුවන් පිරිසකට මිනීමරුවන් කියමින් නඩු පවරා ඔප්පු කරන්නට යන්නේ මේ කියන සිද්ධිය ය.
මේ වන විට මෙකී විමර්ශනයේ සියලූ වාර්තා නීතිපතිවරයා වෙත යොමුකර අවසන්ව ඇත. ඒ අනුව සහ රටේ සම්මත කි‍්‍රයාදාමය පරිදි දැන් මේ සම්බන්ධයෙන් චූදිතයන්ට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පවරන්නේ නම් එය සිදු කළ යුතුව ඇත්තේ නීතිපතිවරයා විසිනි.
එසේ නම් තව සති දෙකකින් ම්ලේච්ඡු සහ බිහිසුණු ඝාතනයකට සම්බන්ධ වූ හමුදා පුද්ගලයන් එකොළොස් දෙනකුට නඩු පවරන්නේ යැයි කියමින් මෙකී රණවිරුවන්ට නඩු විභාගයකටත් පෙර ප‍්‍රසිද්ධියේ මිනීමරු ලේබලය අලවන්නට හේමසිරි ප‍්‍රනාන්දුට ඇති අයිතිය කුමක්ද? එසේම නඩු පැවරිය යුත්තේ නීතිපතිවරයා නම් හේමසිරි ප‍්‍රනාන්දු තව සති දෙකකින් නඩු පවරන බව කියන්නේ මොන පදනමකින්ද?
ඔහුගේ අලජ්ජී ප‍්‍රකාශය ඇසෙන කල්හි අපට බලූ බූරු කතාව මතක් වූයේ මේ නිසාය. ආරක්‍ෂක ලේකම්වරයා ලෙස හේමසිරි ප‍්‍රනාන්දු මහතාට පැවරී ඇති වගකීම වන්නේ ති‍්‍රවිධ හමුදාව ඇතුළු පොලිසියේ ඉහළ පරිපාලනය අධීක්‍ෂණය කරමින් ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් සාකච්ඡුා පැවත්වෙන ආරක්‍ෂක මණ්ඩල රැුස්වීම වැනිදේට දායකත්වය ලබාදී රටේ ආරක්‍ෂක ඇමැතිවරයා වන සේනාධිනායක ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාට අමාත්‍යාංශයේ කටයුතු කරගෙන යෑම ස`දහා සහාය දැක්වීමය.
එසේ නොමැතිව නීතිපතිවරයාගේ කටයුතුවලට මැදිහත්වී රූලෙන් පිට යෑමට හේමසිරි ප‍්‍රනාන්දු මහතාට වෘත්තීයමය වගකීමක් නැත. ඔහු එසේ කිරීම සදාචාරාත්මකද නැත.
නාලන්ද විදුහලේදී කළ කතාවේදී ඔප්පු කරන්නට පුළුවන් තවත් මිනීමරුම් තිබේනම් ලබාදෙන ලෙස ඩයස්පෝරාවෙන් කාරුණික ඉල්ලීමක් කරමින් අන්තිම දීන තත්ත්වයට ඇද වැටෙන්නටද ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු කි‍්‍රයා කළේය. මේ හමුවේ ඔහුගෙන් අවසන් වශයෙන් අහන්නට අපට එකම එක ප‍්‍රශ්නයක් ඇත.
අනේ මහත්තයෝ, ඇත්තටම ඔබ වැඩකරන්නේ ශී‍්‍ර ලංකාවේ හයවන විධායක ජනාධිපති වූ මෛති‍්‍රපාල සිරිසේන මහතාට සහ මේ රටට ද? නැතහොත් රුද්‍රකුමාරන් රජකරන එල්ටීටීඊයේ ඡායා ඊළමටද?
සමන් ගමගේ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...