අදවන විට ලංකාවේ ප‍්‍රධානතම ප‍්‍රශ්න අතුරින්, ආන්දෝලානාත්මක ප‍්‍රශ්නයක් වී ඇත්තේ නව ව්‍යවස්ථා කෙටුම්පත් සකස් කිරීමය. ව්‍යවස්ථාව සංශෝධනය කිරීම කාලීන අවශ්‍යතාවයක් බවත්, ජනාධිපති බලතල, ඒකීය රාජ්‍ය සංකල්පය, බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය හිමිවීම සම්බන්ධයෙන් නන් අයුරකින් අදහස් දක්වමින්, මේ දිනවල ව්‍යවස්ථා සංශෝධනයකට සුදුසු කාලය නොවන බව ශ‍්‍රී ලංකාවේ බෞද්ධ නායකයින් දෙපළ වන අස්ගිරි-මල්වතු මහානායක ස්වාමින් වහන්සේලා දෙනමද අදහස් ප‍්‍රකාශ කොට තිබුණාහ. ඒ අතරවාරයේ හැත්තෑඑක් වැනි ජාතික නිදහස් දිනය ද එළැඹිණි. ඒ සම්බන්ධයෙන් දීර්ඝ කරුණු ගෙන ඒමක් සිදු කළේ, ශ්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමියෝය. උන්වහන්සේ දැක්වූ අදහස් මෙසේය.
ශ‍්‍රී ලංකාව අතීතයේ හැඳින්වූයේ සිංහල දේශය නමින්. සෙසු රටවල් හඳුන්වන්නේ සිංහලූන් වෙසෙන රටක් ලෙසයි. එයින් බැහැර වන්න කාටවුවත් හැකියාවක් නැහැ. මෙම සිංහල නම භාවිත කිරීම ගෞරවයක් ලෙස සලකන්න මිනිස්සු පුරුදු වෙලා හිටියා. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට පා තබන කාලය වන විට ශ‍්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක්. ඉතිහාසය අමතක කරමින් අපට ඉදිරියට ගමන් කරන්න බැහැ. රජවරු වරින් වර උත්සාහ කළේ ධර්මය ඉදිරියට පවත්වා ගෙන යන්න.
ධර්මය ලේඛන ගත කළේ සිංහල ජනතාවට පරිශීලනය කරන්නයි. තවත් රටවල්වලින් ධර්මය ලේඛන ගත කරන්න උත්සාහ කළත්, වලගම්බා රජ දවස තමයි බුදු දහම ලේඛන ගත කිරීම සඳහා මූලිකත්වය ගනු ලැබුවේ. ඒ මත තමයි අදටත් මේ ත‍්‍රිපිටකය ධර්ම කතා, බුදුදහම පොත් පත් ඔස්සේ පරිශීලනය කරන්නේ. බුදු දහම ආරක්ෂා කරන නිසායි මේ හැටිවත් සියල්ල ආරක්ෂා වෙලා තියෙන්නේ.
අද රටේ පාලකයෝ තේරුම් ගත යුතුයි මේ රට මොන දිසාවටද ගමන් කළ යුත්තේ කියා. මොකද අපි බෞද්ධ නායකයෝ විදිහට කිසිදාක අයහපත වෙනුවෙන් හූමිටි තබන්නේ හෝ නැහැ. මේ රටේ ජීවත්වන ජනතාව අතුරින් බහුතරයක් ජනතාව සිංහල බෞද්ධ. එය කවුරු වුවත් තේරුම් ගත යුතුයි. නමුත්, මේ රටේ අද පවතින්නේ පුද්ගල බද්ධ වෛරයක් නොවෙයි. දුටුගැමුණු රජතුමාගේ කාලයේ සිට මේ රටේ සිද්ධ වූයේ රට ආරක්ෂා කිරීමේ ක‍්‍රමවේදයක්. දුටුගැමුණු එළාර සටන ජාතිවාදයක් මත ඇති වූවක් බවට අර්ථ ගැන්වීම කොහෙත්ම සුදුසු නැහැ. ඔහු නිරතුරුවම බැලූවේ රට ආරක්ෂා කරගන්නේ කොහොමද කියන කාරණාව. පුද්ගල වෛරය හෝ ජාතිවාදය දුටුගැමුණු රජතුමා ළග හෝ එළාර රජු ළ`ග තිබුණේ නැහැ. එදා එළාර ගේ සොහොන අසලින් ගිය හෙළයෝ සොහොන ළ`ග නැවතිලා ගෞරව කර ගිය බව අපි අසා තිබෙනවා. මෙවැනි කාරණාවලදී අවබෝධ කරගත යුතු වන්නේ ජාතිවාදය අප ඉදිරියට නොදමන බවයි. අන්‍යයන්ට ගරු කිරීම අපි අතීත මුතුන් මිත්තන්ගෙන් පවා දැක තිබෙනවා. කැප්පෙටිපොල නිළමේතුමා පවා එළාර ගේ සොහොන ළ`ගදී අශ්වයාගේ පිටෙන් බිමට බැස ගෞරවය කළා. එතනින් පෙනෙන්නේ ආගමික ශික්ෂණය. අදටත් කා අතරත් තිබිය යුත්තේ මේ ආගමික ශික්ෂණයයි.
මිහිඳු හාමුදුරුවෝ දේශනා කරලා තිබෙනවා සෙල්ලිපිවල, මේ රටේ පාලනය භාරගත යුත්තේ බෝසත් නායකයකු බව. බෝසත් කියන්නේ බෞද්ධම කියන එක නෙවෙයි, යහපත් නායකයෙක් කියන කාරණයයි. රාජ්‍ය සංකල්පය යනු යහපත්ව කටයුතු කිරීමයි. සම්බුද්ධ ශාසනයයි බෞද්ධාගම ආරක්ෂා කිරීම තමයි නායකයකුගේ මූලික වගකීම වුණේ. කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු වුවත් සිංහල නෙවෙයි. නමුත්, ඔහු බෞද්ධාගම සුරක්ෂිත කරන්න මූලිකත්වය ගත්තා. අදටත් මාළිගාවේ දිනපතා පූජා අවස්ථාවන්හිදී රාජසිංහ රජතුමාට පිං අනුමෝදන් කරනවා. අවසාන රජු ලෙස ඔහු මහනුවර යුගයේ යුග පුරුෂයෙක්. උපසම්පදාවෙදිත් අපි පිං අනුමෝදන් කරනවා. මිහිඳු හාමුදුරුවෝ දේවානම්පියතිස්ස රජුටත් දේශනා කර සිටියේ, ඔබතුමා මේ රටේ ධර්මද්වීපයේ ගහ කොළ සතා සිව්පාවා ගේ ආරක්ෂකයා සහ භාරකරුවා මිස අයිතිකරුවා නොවන බව සිතට ගත යුතුයි කියන කාරණාවයි. රටේ යහපාලනය කියන්නේත් මෙම කාරණයයි. එදාටත් අදටත් යහපාලනය වලංගු බව අමුතු සාධයක් නොවේ. අපි නිතරම කියන්නේ අපේ සංස්කෘතිය ආරක්ෂා කරන්න කියායි. ධර්මපාලතුමා එකල කියා තිබුණා ජනතාවාදී කටයුතුවලදී ජාතිය ආගම කියා බෙදීම් ඇති කරගත යුතු නැහැ. නමුත් ආගම ජාතිය ආරක්ෂා කර ගතයුතුයි කියා එතුමා කියා තිබුණා. යහපාලන දර්ශනයත් එයයි.
අතීතයේ අධිරාජ්‍යවාදී උවමනාවන් අනුව සිංහල, දෙමළ, මුස්ලිම් කියා විවිධ බෙදීම් ඇති වුණා. අතීතයේ බටහිර අධිරාජවාදී උවමනාවන් මත තමයි අපි බෙදුනේ. සිංහල කිව්වාම බෞද්ධ කතෝලික කියා බෙදීම් තිබෙනවා. දෙමළ වුවත් ඒ වගේ. හින්දු කතෝලික කියා බෙදීම් ඔවුන්ටත් තිබෙනවා. ජාතිකත්වයට සහ ආගමට විදේශික බලපෑම් වලින් මිදෙන්න තමයි කැරලි කෝලාහල ඇති වුණේ. දහනව වන සියවස වන විටත් ලොකු බෙදීමක් ඇතිව තිබුණේ. යටත් විජිතවාදීන්ගේ ක‍්‍රියාකාරකම් සමග සිදුවූ ගැටුම් සෘජුවම බලපෑවේ ජාතීන් අතර අසමගිය ඇති කිරීමටයි. ඔය කාලය ඒ කියන්නේ එක්දහස් අටසිය ගණන්වල ආරුමුගම් නාවලර් කියන හින්දු ප`ඩිවරයා තමයි හින්දු ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළේ. හැම සංස්කෘතියක් ම ආරක්ෂා කරන්න නායකයෝ බිහි වෙනවා. දැන් මුර දේවතාවන් ලෙස කටයුතු කරන්නේ බෞද්ධ නායකයෝ. එහි අමුතු දර්ශනයක් නැහැ. 1818 ජීවිත පරිත්‍යාගයෙන් රට ආරක්ෂා කරන්න කටයුතු කළා එවකට සිටි දේශපේ‍්‍රමින්. ඉන් පසුව විවිධ බුද්ධිමත් ලෙස ජාතිය රට ආගම බේරා ගන්න කටයුතු කළ බවට සාක්ෂි ලෙස තමයි, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි හික්කඩුවේ සුමංගල හිමි ආදීන්., ඕල්කට්තුමා ධර්මපාලතුමා වැනි ඒ සියලූම දෙනා ගැටළු විසඳාලීමට මැදිහත් වුණේ ශාස්ත‍්‍රීය මට්ටමෙන්, වගේම බුද්ධියේ හා හෘද සාක්ෂියේ අවබෝධයෙන්. ඒ ඔස්සේ රට ආරක්ෂා කරගැනීමට සටන් කරනවා. අපි අපේ සංස්කෘතිය රැුක ගන්න හිතන්නේ එවිටයි. මේ තත්ත්වයන් සියල්ල වෙනස් වන්නේ දේශපාලන උවමනා එපාකම් අනුව යි. අපේ රාජ්‍ය සංස්කෘතිය ආරක්ෂා වන්නේ, හිටපු ප‍්‍රභූවරුන්ගේ උවමනාව මත. කෝල්බෲක් ප‍්‍රතිසංස්කරණ සමග මේ දේශපාලන තත්ත්වයන් වෙනස් ස්වරූපයයකින් ඉදිරියට ආවා.
එදාවත් කවදාවත් රට බෙදා වෙන්කර ගැනීමට උවමනාවක් තිබුණේ නැහැ. නමුත් රට ආරක්ෂා කරගැනීමේ චේතනාව ඇතිවූයේ විවිධ බෙදීම් නිසා. අපේ රටේ ප‍්‍රභූවරුන්ගේ විවිධ ගැටලූ තැතිගැන්වීම් ගැටුම් ආදිය නිසා ගැටලූ ඇතිවුණා. කේලම් කීම් වල සිට අපි මහා විපතකට මුහුණ දෙන්න සිදු වුණා. එය බීජයක් ලෙස හට ගෙන තමයි මහා යුද්ධයක් දක්වාම චේතනා අපේක්ෂා අරමුණු වෙනස් ආරයකට ගමන් ගත්තේ. මේ සියල්ල හරහා රට නිදහස් නොවූ රටක් වගට ඒත්තු ගැන්වෙන තරමට යුද්ධයකට කොටු වුණා. යුද්ධයේ බලපෑම උතුර පමණක් නෙවෙයි සෙසු පළාත් සියල්ලම යුද්ධය නිසා ඇති තරම් පීඩාවට පත්වුණා.
එක්දහස් නවසිය හතළිස් අටේ නිදහස ලැබුණාට පසුව අවබෝධයෙන් ඉදිරියට ආවා නම් අපට ඉතා හොඳ විදිහට රටේ දියුණුවක් දකින්න තිබුණා. සිංහල හා දෙමළ දෙපිරිසටම ලොකුම ගැටලූව වුණේ භාෂාවේ බෙදීම. භාෂාව නිසා තම තමන්ගේ උවමනා එපාකම් සපුරා ගැනීමට බාධා එල්ල වීම හරහා විශාල කැලඹීමක් ඇති වුණා.
ඒ එක්කම එම්. ජී. බණ්ඩා ඇමැතිතුමා ද්විභාෂා භාවිතය ගෙන ආවේ රට නගාසිටුවීමට. දෙමළ උදවියට දෙමළ භාෂාව සහ සිංහල අයට සිංහල භාෂාව කියා භාෂා නිදහසක් ලබා දුන්නත් මේ භාෂාව නිසා ජාතිවාදයක් හට ගත්තා. රටක බහුතර ජනතාවගේ අනන්‍යතාවය සනාථ කරන්න භාෂාවක්, භූමියක් තිබිය යුතු බවට නියමයක් තියෙනවා. නැතෑනියල් කියන යාපනයේ පුවත්පතක කියා තිබුණා, 1931 මේ රටේ ඉතිහාසය ඉගැන්වීමතුලින් රටේ දෙමළ ජනතාවට අසාධාරණයක් සිදු වෙනවා ය කියා. එය තමයි අදටත් ඉතිහාසය පෙළ පොත් වලින් ඉවත් කිරීමට කතා බහ පැවත ගෙන එන්නේ. අද මේ දේශපාලන ව්‍යුහය මත ජාතීන් වෙනුවෙන් යම් භාෂාව ඉතිහාසය ඇතුළු අධ්‍යාපනය ලබා දුන්නේ එක්තරා පැලැන්තියකට පමණයි. අපේ භාෂාව නැවත ඉස්මතු වන එක වළක්වන්න අපහසුයි. 1948 ජිනීවා සම්මුතියේ සඳහන් වෙනවා රටේ අනන්‍යතාවය ඉස්මතු වීමට නිශ්චිත භාෂාවක් තිබිය යුතුයි කියා කියැවෙනවා. මේ රටේ ජාතික භාෂාව සිංහල කියන එක අමුතුවෙන් කිව යුතු නැහැ. ආගම හෝ ජාතිය වෙනස් කිරීමට ජාතිකත්වය පිළිබඳ පොදු නියමයකට එන්න වෙනවා. අද වෙමින් පවතින්නේ එවැන්නක්. සිංහල හා බෞද්ධකම එකක්. කතෝලික හා ක‍්‍රිස්තියානි කියන්නේත් මේ සංස්කෘතිය තුළම හැඩගැහුණ පිරිසක්. දෙමළ හින්දු වුවත් ඒවගේ. මුස්ලිම් ජනතාව වුවත් පෙරකල සිට සිංහල සංස්කෘතිය සමග සමීප සබඳතා පවත්වා ගෙන ආවා. මේ සියල්ලන් අතර බෙදීමක් ඇති කරන්නේ දේශපාලන අපේක්ෂාවන් මත කියන එක අද දකින්න තිබෙනවා. අවසන් රාජධානිය පැවැති මහනුවර නැතිනම් කන්ද උඩරට සිංහල දෙමළ මුස්ලිම් බෙදීමක් අදටවත් නැහැ. පිටතින් පිරිස් පැමිණ එතන වෛරි හැ`ගීම් අවුස්සමින් විවිධ අර්බුද ඇති කරනවා. එදා මාලිගාවේ කැටයම් කළ මුස්ලිම් මිනිසුන්ට මඩවල පදිංචි කළා පමණක් නෙවෙයි කාන්තාවෝ සරණපාවා ගන්නත් අවසර දී තිබූ බවට ලියැවිලා තිබෙනවා.
යුද්ධය නිසා පානම පොතුවිල් පැත්තට පැනලා ගිය මුස්ලිම් ජනතාව දෙමළ නම් අරං ජීවත් වුණා. කාදිනල්තුමාත් පිළිගන්නවා බුදුදහමට මුල් තැන දෙන්න අවශ්‍යයි කියන කාරණය සහ ප‍්‍රධාන ආගම ජාතිය සිංහල බෞද්ධ කියන එක. මේ සියල්ල කණපිට හරවන්නේ පක්ෂ දේශපාලනය. දැන් රටේ ජනතාව ඒ වග අවබෝධ කරගන්න අවශ්‍යයි.
හැත්තෑ ගණන්වලින් පසුව මේ රටේ දේශපාලනය ඔද්දල් වෙමින් පැමිණ මේ වෙද්දි ජරාජීර්ණ වෙලා තිබෙනවා. අද වන විට රටේ නිදහස සමරණ මොහොත වන විට අපි අතීතය අමතක කරමින් ඉදිරියට යායුතු වගක් අ`ගවනවා. මේ දේශපාලන ක්‍ෂේත‍්‍රයේ් හැසිරීම් ඇතැම් තීරණ ජුගුප්සාජනකයි. මේ රට අද වන විට ආර්ථික දේශපාලන සමාජීය වශයෙන් පසුබෑමකට ලක්වෙලා තිබෙනවා. විරසකයන් ඇති කරන්නේ දේශපාලකයෝ කියා ඔවුන් පිළිගත යුතුයි. දැන් රටේ සමස්තයම ආකල්පමය වෙනසකට යමින් සම්මුතියකට පැමිණිය යුතුයි. මේ යන ගමන හානිකරයි. රටට අනාගතයක් ඉතිරි කළ යුතුයි කියන හැ`ගීිම සියල්ලන්ගේම සිත් තුළ ජනිත විය යුතුයි. මේ බෙදීම මත විදේශිකයන් ට අපේ රට තුළට රිංගා ගැනීමට ඉඩ සැලසෙන බවට අවබෝධයක් සෑම නායකයකුටම තිබිය යුතුයි. අපි දැන් මේ විපතින් ගොඩ ආ යුතුයි.
යුද්ධය නිමා වෙමින් ලද ජයග‍්‍රහණය සිතේ තබා ගනිමින් රට ගොඩනගන්නට අපි කටයුතු කළ යුතුව තිබූ මුත්, ඒ සියල්ල දැන් වරද්දවා ගෙන තිබෙනවා. බලකාමය හිතුවක්කාරකම් ගෞරවයන් සම්මුතියන් මේ රටේ දේශපාලකයන් අත්තනෝමතිකව භාවිත කළා. ඒ පරිවර්තනය නිසා අද අපි විදේශිය බලපෑම්වලට නතු වෙලා සිටිනවා. එය බොරුවක් නෙවෙයි. රට පාලනය කරන පාලකයා නිරවුල් මනසකින් කටයුතු කළ යුතු වෙනවා. ඉතිහාසය පුරාම කියැවෙනවා භික්ෂුන්වහන්සේලාගේ උපදෙස් අනුශාසනා පිළිපදින බව. බණ්ඩාරනායක මැතිණියගේ කාලේ සහ ඉන් පසුවත් භික්ෂුන්වහන්සේලාගේ අදහස් තීරණවලට මුල්තැනක් ලැබුණා. ජාතියේ මුර දේවතාව භික්ෂුන් වහන්සේලා. මෑත කාලයේ සිට භික්ෂුන්වහන්සේලාගේ තීරණයන්ට ගරු නොකරමින් කටයුතු කරන බවක් පෙනෙන්නට ලැබීම අයහපතට අත වැනීමක්.
ලෝකයේ රටවල්වල නිදහස භුක්ති විඳීම සලකා බලද්දි ආගමික සබැඳියාව ඉතා හොඳින් ගම්‍ය වනවා. අපේ රට
ආගමික රාජ්‍යයක්. චීනය ආගමික රාජ්‍යයක්. නමුත් ආගමික නිදහස, ජාතික නිදහස අද කතා කරන්න කවුරුත් ඉදිරියට එන්න බය සෙයක් පෙන්වනවා. මේ සියල්ලටම හේතුව පුද්ගල බද්ධ පක්ෂ දේශපාලනය. දියුණුවන රටක තිබිය යුත්තේ, ප‍්‍රතිපත්තිගරුක දේශපාලනයක්. එසේ නොවුණ හොත් අනාගතයක් ඉතිරි වන්නේ කෙසේද …?
සටහන
සමන්තී වීරසේකර
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...