මේ රජයේ අයහපත් ආර්ථික කළමනාකරණය සහ වංචනික ක‍්‍රියා නිසා පසුගිය වසර හතර තුළදී ප‍්‍රධාන කරුණු හතරක් නිසා පමණක් රුපියල් කෝටි 207300 ක (රු. බිලියන 2073 ක) අතිවිශාල පාඩුවක් රජයට සිදුව ඇතැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා ඊයේ (03දා) බත්තරමුල්ල නෙළුම් මාවතේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
මේ අනුව රුපියලේ අවප‍්‍රමාණය නිසා සමස්ත ණය තොගයේ වැඩි වීම රු. බිලියන 1497 ක් ද බැඳුම්කර මගඩිය නිසා වැඩිපුර ගෙවූ පොලිය රු. බිලියන 145 ක් ද ස්වෛරී බැ`දුම්කර සඳහා ගෙවීමට සිදුවන වැඩි පොලිය රු. බිලියන 151 ක් සහ විදේශ ණය ගෙවීමට (2019 දී) වැඩිපුර වැයවෙන මුදල රු. බිලියන 280 ක්ද වශයෙන් මේ රු. බිලියන 2073ක දැවැන්ත පාඩුව රජයට සිදුවන බවද කබ්රාල් මහතා කීවේය.
මේ අතිවිශාල මුදලින් සිදු කළ ආයෝජන මොනවාදැයි තමා රජයෙන් ප‍්‍රශ්න කරන බවද කිසිදු ආයෝජනයක් හෝ ඉදිකිරීමක් නොමැතිව රටේ ණය බර වැඩි වීම පමණක් සිදුව ඇති බවද කබ්රාල් මහතා කියා සිටියේය.
මේ රුපියල් බිලියන 2073 ක පාඩුව සිදු නොවන්නට සෑම පුරවැසියකුගේම ණයබරතාව රු. 95777 කින් පමණ අඩු කරගන්නට තිබුණ බවද එසේම දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස ණයබරතාව සියයට 14.4 කින් පමණ අඩු කරගන්නට තිබුණ බවද ඒ මහතා කීවේය.
2014 වසර අගදී පැවති රුපියල් ටි‍්‍රලියන 7.3 ක ණය තොගය 2018 අගදී රුපියල් ටි‍්‍රලියන 12.1 ක් දක්වා රුපියල් ටි‍්‍රලියන 4.8 කින් පසුගිය වසර හතරේදී පමණක් වැඩි වී ඇති බවත් මේ අනුව ශ‍්‍රී ලංකාව අද සිර වී ඇති ණය උගුල ඉතා උග‍්‍ර එකක් බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා තවදුරටත් කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...