අයවැය ඇස්තමේන්තු අතිශයෝක්තියට නංවා තිබීම නිසා අවසාන වශයෙන් එය රාජ්‍ය මූල්‍ය පවත්වා ගැනීමේ ගැටලූවක් කරා මඟ විවර කරනු ඇතැයි රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව රජයට අනතුරු අඟවයි.
2019 රාජ්‍ය අයවැය ලේඛනයේ මූල්‍ය හා ආර්ථික උපකල්පනයන් ඇගයීමට ලක් කරමින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ මේ බව සඳහන් වේ.
මෙසේ රාජ්‍ය අයවැයේ ආදායම් ඇස්තමේන්තු අතිශයෝක්තියට නැංවීම නිසා පාර්ලිමේන්තුව විසින් ඉහළ වියදම් මට්ටම් අනුමත කිරීමට යොමු වනු ඇතැයි ද එවිට අපේක්‍ෂිත ආදායම් නොලැබී යාමෙන් රජයේ අයවැය හිඟය ඉහළ යනු ඇතැයි ද එම වාර්තාවේ සඳහන්ය.
මෙසේ ඉහළ අයවැය හිඟයක් කරා ගමන් කිරීම නිසා ඉහළ ණය ගැනීමේ අවශ්‍යතාවක් මතුවීමෙන් අවසානයේ රාජ්‍ය මූල්‍ය පවත්වා ගැනීමේ ගැටලූවක් කරා මඟ විවර වනු ඇතැයි ද එම වාර්තාවේ දැක්වේ.
මෙසේ රට අධික ණයගැතිභාවයකට පත් වීමෙන් ණය ගෙවීමේ හැකියාවට අදාළ අන්තර්ජාතික අවදානම් මට්ටමේ ශ්‍රේණිගත කිරීම්වලින් පහළ ශ්‍රේණිගත කිරීමේ අගයක් ලැබීමට ඉඩ ඇතැයි ද සඳහන් කරන එම කාරක සභා වාර්තාව අදාළ වියදම් යෝජනාවලට පාර්ලිමේන්තුවට එකඟ වීමට පසුගිය වසරවලදී සිදුව ඇති නිසා මේ ගැටලූව සම්බන්ධයෙන් විශේෂ පරීක්‍ෂාකාරී වීමක් අවශ්‍ය බවට ද අවධාරණය කර ඇත.
විශේෂයෙන් වසර ගණනාවක් පුරා බදු රැුස්කර ගැනීමට අසමත් වූ හා ඒ හේතුවෙන් රජයේ ආදායමට බරපතළ හානියක් සිදුවීමට වගකිව යුතු නිලධාරීන් පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීම හා අදාළ නිසි කි‍්‍රයාමාර්ග ගැනීමට හෝ ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුවට වගකීමක් ඇතැයි ද එහි සඳහන් වේ.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති එම්. ඒ. සුමන්දිරන් මහතා මේ වාර්තාව පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...