ශ්රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යාංශයෙන් ඉවත් කර වෙනම ආයතනයක් ලෙස පවත්වාගෙන යෑමට ආණ්ඩුව කඩිමුඩියේම මුදල් නීති පනත සංශෝධනයට පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති බව විපක්‍ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.
මහ බැංකුව යටතේ පවතින සේවක අර්ථසාධක අරමුදල නිදහස් කර ගැනීම මේ වැඩපිළිවෙළෙහි යටි අරමුණක් බවද ඊයේ (11 දා) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති මාධ්‍ය හමුවකදී විපක්‍ෂ නායකවරයා පැවසීය.
මුදල් නීති පනතට අනුව මෙපමණ කාලයක් ශ‍්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යාංශය යටතේ ක‍්‍රියාත්මක වූ බවද මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජිකයකු ලෙස කටයුතු කරමින් මූල්‍ය ප‍්‍රතිපත්තිය මනාව කළමනාකරණය කළ බවද කී හිටපු ජනපතිවරයා නව පනත් කෙටුම්පතට අනුව අමාත්‍යාංශ ලේකම්වරයාගේ මුදල් මණ්ඩල සාමාජිකත්වය අහෝසි වන බවද මහ බැංකුව වෙනම ආයතනයක් ලෙස ක‍්‍රියාත්මක වන බවද කීය.
මුදල් අමාත්‍යාංශය පිස්කල් ප‍්‍රතිපත්තියත් මහ බැංකුව සල්ලි අච්චු ගැසීම, පොලී අනුපාතය තීරණය කිරීම, මුදල් සංචිත කළමනාකරණය ඇතුළු මූල්‍ය ප‍්‍රතිපත්තියත් ක‍්‍රියාත්මක කළ බවද මින් ඉදිරියට මහ බැංකුව වෙනම කණ්ඩායමක් යටතේ ක‍්‍රියාත්මක වන බවද මහින්ද රාජපක්‍ෂ මහතා කීය.
මෙහි යම් වෙනසක් කිරීමට අවශ්‍ය නම් විද්වත් කමිටුවක් හමුවට යොමුකර සාකච්ඡුා කිරීමෙන් පසුව කළ යුතු බවද ඒ මහතා කියා සිටියේය.
කඩිමුඩියේ පනත් සංශෝධනය කළ යුතු නැතැයි ද යම් අරමුණක් ඇතිව මේවා සිදුකරන බවට සැකයක් මතුව ඇති බවද ඒ මහතා කියා සිටියේය.
මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන මහතා මෙම පනත් කෙටුම්පතට ජනාධිපතිවරයා විසින් විද්වත් මණ්ඩලයක් පත්කර ඒ යටතේ සංශෝධන ගෙන ආ යුතු බවට කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කර තිබූ නමුත් එයද නොතකා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන දැන් පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට ලබන 18 වැනිදා ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව කියා සිටියේය.
මෙම කෙටුම්පතට ඒකාබද්ධ විපක්‍ෂය ලෙස තමන් සම්පූර්ණයෙන්ම විරුද්ධත්වය පළකරන බවද හෙතෙම සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...