ව්‍යාපාරික පුවත්

2019 ජූලි මස 30 වැනි දින වන විට අපේක්‍ෂිත ආදායමෙන් සියයට විසිතුනක් නොලැබීම හේතුවෙන් සියලුම අමාත්‍යාංශ, පළාත් සභා, දෙපාර්තමේන්තු, සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල වියදම් සීමා කිරීමට පියවර ගන්නා ලෙස දැනුම් දෙමින් චක්‍රලේඛයක් නිකුත් කිරීමට සිදුවූ බව මුදල් අමාත්‍යාංශය පවසයි.

2019 වර්ෂය වෙනුවෙන් රාජ්‍ය ආයතනවලට ප්‍රාග්ධන වියදම් ලෙස අයවැයෙන් වෙන් කර ඇති මුදල රුපියල් බිලියන හත්සිය පනස් හයකි. මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රාග්ධන වියදම්වලින් සියයට පහළොවක් කපා හැරීමට තීරණය කිරීම නිසා රාජ්‍ය ආයතනවලට වෙන් කළ මුදලෙන් රුපියල් බිලියන එකසිය දහතුනයි දශම හතරක මුදලක් අහිමි වනු ඇත.

වියදම් සීමා කිරීමේ නියෝගවලට අනුව සංවර්ධන ව්‍යාපෘතිවලට වෙන් කළ මුදල් අඩු නොවුවද, විදුලිබල, ජලය, දුරකථන, ඉන්ධන, මිලදී ගැනීම් සහ අනෙකුත් ගිවිසුම්ගත සේවාවන් සම්බන්ධයෙන් විධිමත් වියදම් පාලන ක්‍රමයක් සිදුකරන බව අමාත්‍යාංශ ලේකම්වරු සඳහන් කරති. තවද වසර මැද මූල්‍ය වාර්තාවට අනුව පාස්කු ප්‍රහාරයෙන් පසු රාජ්‍ය ආදායම රුපියල් බිලියන 50ක් අහිමි වී ඇති බවයි.

කෙසේ වෙතත් වියදම් සීමා කිරීමට චක්‍රලේඛ නිකුත් කළද මුදල් අමාත්‍යාංශය විසින් එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනේ ප්‍රදර්ශන සහ ප්‍රචාරක ව්‍යාපෘති සඳහා රුපියල් කෝටි හතළිස් නවයක මුදලක් කැබිනට් අනුමැතිය යටතේ පෞද්ගලික ප්‍රචාරක සමාගමකට ගෙවා ඇත. තවද අනුරාධපුරයේ පැවැති එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ ප්‍රචාරක කටයුතු සඳහා තවත් රුපියල් මිලියන දෙසීයක මුදලක් එම පෞද්ගලික සමාගමටම ගෙවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More