උඩුනුවර වෙළම්බොඩ සිට කොළඹට ප‍්‍රවාහනය කරමින් තිබූ කසළ තේ කොළ කිලෝ 7500 ක් සමග එක් සැකකරුවෙකු ගම්පොළ විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් ඊයේ (6 දා)දවුලගල ගඩලාදෙනිය ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
සිලෝ ටී නාමය යටතේ තේ මණ්ඩල ප‍්‍රමිති සහතිකය අඩංගු බෑග්වල අසුරා මෙම කසළ තේ ප‍්‍රවාහනය කරමින් තිබී ඇත්තේ කන්ටේනර් රථයකය. බුද්ධ තොරතුරු අනුව මග රැකවල්ලා සිටි විශේෂ කාර්ය බළකා නිලධාරීන් පසුගිය
(03 දා) අළුයම 3 ට පමණ මෙම කන්ටේනර් රථය අත්අඩංගුවට ගෙන ඇත.
මෙරට වැඩිම කසළ තේ සකස් කරන ස්ථාන ඇත්තේ උඩුනුවර ප‍්‍රදේශයේ වන අතර ඔවුන් විසින් ජාත්‍යන්තර වෙළෙඳපොළට නිකුත් කරන මෙම කසළ තේ නිසා මෙරට තේ කර්මාන්තය ජාත්‍යන්තරව විශාල පසුබෑමකට ලක්ව තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු බූවැලිකඩ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු සමග කසළ තේ කන්ටේනරය දවුලගල පොලිසිය වෙත භාරදීමට පියවර ගෙන තිබේ. මේ සියල්ල ගම්පොළ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...