ව්‍යාපාරික පුවත්

කුමන දේශපාලන අදහස් දැරුවත්, කුමන ජාතියක් නියෝජනය කළත් ව්‍යාපාර කිරීමේ අයිතිය සෑම ව්‍යාපාරිකයෙකුටම එක හා සමානව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවක් යටතේ ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අද (23) පෙරවරුවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී කොළඹ ව්‍යාපාරික ප්‍රජාව සමඟ පැවති හමුවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවසුවේය.

මම ජනාධිපති ලෙස පත්වෙලා  සිටින විට අපිට අවස්ථාව තිබුණා ඔබේ ගැටලු විසඳන්න. අපි හැම විටම ඔබ සමඟ සාකච්ඡා කරන්න සූදානම් වෙලා හිටියා. අපි දකිනවා අනෙක් රජයන් වලින් ඔබට සාකච්ඡාවලට ඉඩක් තිබුණේ නැහැ. ඒ යුගයේ සහ මේ යුගයේ වෙනසක් තිබෙනවා. අනෙක් පාර්ශවයන්ට ඇහුම්කන් දීමේ හැකියාව අපට තිබෙනවා. අපි හැමවිටම සාකච්ඡා මාර්ගයෙන් තමයි ගැටලු විසඳුවේ.

ආනයන සහ අපනයන සඳහා මේ වන විට යම් අර්බුදයක් තිබෙනවා. ඒකට හේතු වුණේ මේ රටේ අපි භාරගන්න විට තිබුණ ආර්ථික තත්ත්වය. 2010 අපි භාරදෙන විට රටේ ආර්ථිකය හොඳ තත්ත්වයක තිබුණා. ඒ බව ඔබ දන්නවා. මේ තත්ත්වය උඩ තමයි අපිට යම් යම් පාලනයන් කරන්න සිදු වුණේ. ඇමරිකානු ඩොලරයක මිල පසුගිය කාලයේ රුපියල් 200 ඉක්මවන තැනට ආවා. ඒත් අපි ආණ්ඩුව භාරගත්තට පස්සේ ආයෙත් ඩොලරයේ අගය 185ට බැස්සුවා. 2005 දීත් මේ වගේ තත්ත්වයක් ඇති වුණා. ඒක තාවකාලික තත්ත්වයක්. අපිට එය ඉක්මණින් වෙනස් කරන්න හැකි වුණා. කොරෝනා වසංගතයත් එක්ක අපිට යම් යම් තීරණ ගන්න සිදු වුණා.

ලෝකයේ කොරෝනා බෝවීම ආරම්භ වන විටම, ජනාධිපතිවරයා ජනවාරි මාසයේදී අපේ රටේ වසංගතය පැතිරෙන්නත් කලින් කාර්ය සාධක බලකායක් පිහිටෙව්වා. ඒ වගේම තමයි අපිට ඡන්දය කල් දමන්න සිදු වුණා. අපි ආණ්ඩුව භාර ගත්තට පස්සේ අයවැය ගේන්න ලැහැස්ති වුණත් විපක්ෂය කිව්වා අයවැය ගෙනාවොත් පරදවනවා කියලා. ඒ නිසා අපිට මාර්තු මාසය වෙනකල් බලාගෙන ඉන්න සිදු වුණා. මාර්තු මාසයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ජනාධිපතිවරයාට තියෙන බලතල අනුවයි කොවිඩ් පාලනය සඳහා මුදල් ලබාගන්න පුළුවන් වුණේ.

රට ශක්තිමත් කරන්න වගේම රට රකින වගකීම අප සතුයි. මොන දේශපාලන අදහස් දැරුවත් මොන ජාතියේ වුණත් මේ රටේ ජීවත් වීමේ අයිතිය, රැකියා කිරීමේ අයිතිය, වෙළඳාම් කිරීමේ අයිතිය අපේ ආණ්ඩුවක් යටතේ ලබාදෙනවා. මේ රටේ රැකියා හා වෙළඳාම් කිරීමේ අයිතිය සියලු දෙනාටම තිබෙනවා. ඒ නිසා අපේ රජයක් යටතේ ඔබේ ව්‍යාපාර දියුණු කරගැනීමේ අවස්ථාව අපි ලබාදෙනවා.

මෙම හමුව සඳහා හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ ව්‍යාපාරිකයින් රැසක් සහභාගි වූහ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More