අමෙරිකානු ඩොලර් මිලියන හාරසියයක මුදල් හුවමාරු ගිවිසුමක් සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අවසන් එකඟතාවට පැමිණ තිබේ. පසුගිය 24 වැනිදා එළැඹුණු මෙම ගිවිසුමට අදාළ එකඟතාවන්ට අනුව 2024 නොවැම්බර් මාසය දක්වා ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක මුදලක් හුවමාරු පහසුකමක් ලෙස ලබාදීමට ඉන්දීය සංචිත බැංකුව සිය අනුමැතිය ලබාදී ඇත.
කොවිඩ් 19 වසංගතය මධ්‍යයේ මෙම මුදල් හුවමාරුව ශ්‍රී ලංකාවට සහායක් වශයෙන් ලබාදෙයි. මෙම මුදල් හුවමාරුවේදී දේශීය හෝ විදේශීය බැංකුවකින් ණය ලබාගැනීම්වලට වඩා වාසිදායක ණය අනුපාතය යටතේ මුදල් ලබාදෙයි. මෙහිදී ඉන්දීය රුපියල්වලින් ආපසු ගෙවීමේ එකඟතාව මත මුදල් ලබාගත හැකි අතර, පොලී මුදල ඇමරිකානු ඩොලර්වලින් ගෙවීමේ හැකියාව ඇත. එහිදී විදේශ අනුපාත වෙනස්වීමේ අවදානමින් දෙපාර්ශ්වයම ආරක්ෂා කෙරෙනු ලැබේ.
ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ලබාගත් අමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න ණය ආපසු ගෙවීම් නැවත සකස් කිරීම පිළිබඳ සාකච්ඡාවල ශ්‍රී ලංකාව සහ ඉන්දියාව නිරතව සිටියි. ජූලි 22 වැනිදා වන විට මේ පිළිබඳ තාක්ෂණික සාකච්ඡාවල අවසන් වට පවත්වා තිබිණි. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශයේ සහ එක්සිම් බැංකුවේ නියෝජිත කණ්ඩායම ශ්‍රී
ලංකාවේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ආයෝජිතයන් සමග තාක්ෂණය ඔස්සේ පැවැත්වුණු මෙම සාකච්ඡාවේදී මෙම එකඟතාවන්ට පැමිණ ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...