ව්‍යාපාරික පුවත්

පාසල් වෑන් රථවල ලීසිං ණය වාරික ගෙවීමට තවත් මාස 06ක සහන කාලයක් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟතාව පළ කර තිබේ.

ඒ “සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය” විසින් කළ ඉල්ලීමට අවධානය යොමු කරමිනි.

මේ අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විෂයභාර අමාත්‍යවරයාට උපදෙස් දී තිබේ.

වන්දි ගෙවීමේ ගැටළු නිසා කොළඹ සිට කුරුණෑගල දක්වා කොටසේ ඉදිකිරීම් අඩාල වී තිබේ.  ඊට කඩිනමි විසඳුම් දී අධිවේගී මාර්ගය තනා නිම කරන්නැයි ජනාධිපතිවරයා අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට උපදෙස් දුන්නේය.

පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමට අද (27) දෙවන දිනටත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ චාරිකා කරමින් මාවතගම, මහජන පොළ භූමියේ පැවති ජන හමුවේ දී ජනාධිපතිතුමා එසේ පැවසීය.

මේ අතර නිදහස්ගම විද්‍යාදීප සහ දේවාපොළ කුමර යන විද්‍යාලවල ක්‍රීඩාපිටි ප්‍රතිසංස්කරණය කරන්නැයි සිසුන් කළ ඉල්ලීම ඉටු කරන මෙන් ජනාධිපතිතුමා යුද හමුදාපතිවරයාට උපදෙස් දුන්නේය.

එමෙන්ම විදුහල්පතිවරයා ඇතුළු සිසුන් පිරිසක් කළ ඉල්ලීමකට අනුව ශ්‍රීමත් ජෝන් කොතලාවල මධ්‍ය මහා විද්‍යාලය ජාතික පාසලක් බවට උසස්කරන බව දොඩංගස්ලන්ද මහජන පුස්තකාල ක්‍රීඩාංගණයට පැමිණි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More