විදුලිය නොමැති සියලූම පවුල් සඳහා සූර්ය බල විදුලි කට්ටල ලබාදීමට රජය තීරණය කර ඇත.
දිවයිනේ සියලූ පළාත්වල විදුලිය නොමැති පවුල් හඳුනාගෙන ඉන්දියානු ණය යෝජනා ක‍්‍රමය යටතේ සූර්ය බල විදුල කට්ටල ලබා දීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තමාට උපදෙස් දුන් බව විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.
ඊට අමතරව දැනට හඳුනාගෙන ඇති සියලූ විදුලි ව්‍යාපෘති වහාම ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා තමාට දැනුම් දුන් බවත්, ඒ අනුව 2023 වන විට සම්පූර්ණයෙන් විදුලිබල මණ්ඩලය හරහා විදුලිය ලබාදීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
මෙම වැඩපිළිවෙළ යටතේ අඩු ආදායම්ලාභී සමෘද්ධි ප‍්‍රතිලාභී පවුල් සඳහාද නොමිලේ සූර්ය බල විදුලි කට්ටල ලබා දීමට රජය තීරණය කර ඇති බවද හම්බන්තොට කහමෝදර නව ගම්මානයට විදුලිය ලබාදෙමින් ඇමැතිවරයා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...