කොවිඩ් මර්දන ක්‍රියාවලියට අවශ්‍ය පෞද්ගලික ආරක්ෂණ උපකරණ නිෂ්පාදනය කිරීම සඳහා ශ්‍රී ලාංකික ඇඟලුම් කර්මාන්තකරුවන්ට ඇණවුම් ලබාදීමට ඇමරිකා එක්සත් ජනපදය එකඟතාව පළකර ඇත.
ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය අනාවරණය කරන ආකාරයට එම සංසදය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ එක්සත් ජනපදය ඒකාබද්ධව සිදුකෙරෙන මෙම වැඩසටහන යටතේ මෙරට ඇඟලුම් කර්මාන්තකරුවන් 100කට එක්සත් ජනපද වෙළෙඳපොළට පිවිසීමේ අවස්ථාව හිමිවේ.
මෙම ව්‍යාපෘතිය සඳහා එක්සත් ජනපද අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ ඒජන්සිය විසින් අරමුදල් සපයන අතර එය ක්‍රියාත්මක කරනු ලබන්නේ ඩෙලොයිට් කන්සල්ටින් (Delloitte Consulting) ආයතනය විසිනි.
මෙම වැඩසටහන යටතේ පෞද්ගලික ආරක්ෂණ උපකරණ එක්සත් ජනපද ආහාර සහ ඖෂධ පරිපාලන රෙගුලාසිවලට අනුකූලව නිෂ්පදනය කිරීමට නියමිතය. ඒවා ආනයනය සඳහා එක්සත් ජනපදයෙන් විශේෂ අවසරයක් නිකුත් කිරීමටද සිදුවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...