ව්‍යාපාරික පුවත්

පසුගිය රජයේ සංස්කෘතික අමාත්‍යාංශයේ සහ ආගමික අමාත්‍යාංශයේ මුදල් වියදම්කර තිබු ආකාරය සහ එම අමාත්‍යාංශ හැසිර වු ආකාරය ගැන මේවන විට හෙළි වී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

එම පිරිස බලයේ සිටින කාලයේ සිදු කළ අක්‍රමිකතා ගැන මේවන විට කොමිෂන් සභා වාර්තා අනුව ජනතාවට දැන ගැනීමට හැකි බවද ඒ මහතා පැවසීය.

නාවලපිටියේ අද (30) පෙරවරුවේ පැවති ජන හමුවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මේ අතර, ගම්පොළ – දොළුව නගරයේ පැවති ජනහමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ කෘෂි නිෂ්පාදනවල මිල පහළ යාම නිසා මෙරට කෘෂි කර්මාන්තයේ නියැලී සිටින්නන් මුහුණ දී තිබෙන බරපතළ ගැටලුකාරී තත්ත්වයෙන් ඔවුන්ව මුදවා ගැනීමට වහාම පියවර ගන්නා බවය.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කොට විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමට දැනටමත් පියවර ගෙන ඇති බවත් ඒ අනුව ඉදිරියේ දී ගම්මිරිස්, සාදික්කා ඇතුළු අපනයන බෝග වලට හොඳ මිලක් ලබා දීමට හැකි වන පරිදි කටයුතු කිරීමට රජය  පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

මීට අමතරව, වතු කම්කරු වැටුප් ගැටලුව විසඳමින් රුපියල් දහසක වැටුපක් ලබාදීම සඳහා රජය වශයෙන් මැදිහත් වීමට තීරණය කොට ඇති අතර පසුගිය රජය කාලයේ දී නවතා දමා තිබූ අධිවේගී මාර්ග ඉදිකිරීමේ කටයුතු ඉතා කඩිනමින් අවසන් කිරීමට ද පියවර ගන්නා බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More