ව්‍යාපාරික පුවත්

– නීතීඥ කපිල ගමගේ, සහාධිපත්‍ය උප⁣දේශක සහ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ හිටපු සභාපති

මේ අවනඩුවේ වඩාත්ම බලපෑමට ලක්වන කණ්ඩායම වන්නේ සහාධිප්‍ය දේපල සංවර්ධකයින් ය. මන්ද යත් එක් කේවියට් ලියාපදිංචියකින් සමහරවිට නිරවුල්ව අයිතිය ලබාදියහැකි දේපල 10ක් 15ක් හෝ 100ක් 200ක් හෝ සමහරවිට ඊටත් වැඩියෙන් එකතැන සිරගතවන බැවිනි. සහාධිපත්‍ය දේපළක් ඉදිකිරීම පිණිස දේපල සංවර්ධකයෙකු කටයුතු කරගෙන යද්දී ඔහු බියවද්දා මුදල් ලබාගැනීමට කටයුතු කිරීම තම වෘත්තිය කරගත් පෙලැනිත්යක් මේ වන විට බිහිව තිබේ. එවැන්නෙකුගේ ප්‍රමුඛ අවිය වනුයේ අදාල ඉඩමට කේවියට් තහනමක් ලියාපදිංචි කිරීමයි.

දේපල සංවර්ධකයා විසින් නාගරික සංවර්ධන අධිකාරියේද පළාත් පාලන ආයතනයේ ද, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ ද, තවත් බොහෝ ආයතන ගණනාවකද අනුමැතීන් සහ නිශ්කාෂණයන් විශාල ප්‍රමාණයක් ලබාගෙන අවසානයේ සහාධිපත්‍ය ප්‍රකාශන ඔප්පුව ලියාපදිංචි කිරීමට ඉදිරිපත් කරන විට, ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ අදාල පත්ඉරු අරා වැජඹෙන “කේවියට් තහනම් බාධාව” හමුවන අවස්ථා සුලබ වෙමින් පවතී.

එතෙක් අත්සන් කරන ලද විකිණීමේ ගිවිසුම් සියල්ල ඵල රහිත කරමින් ලියාපදිංචි කර ඇති මේ කේවියට් තහනම නිසා විකුණුම්කර සියල්ල වහාම එකතැන නතර වේ. බැංකු ණය මගින් ඉතිරි මුදල් ගෙවා සහාධිපත්‍ය ඒකක මිළදී ගැනීමට කටයුතු කරන බහුතරයකගේ ගමන ද වහා නතර වේ. දේපල සංවර්ධකයා විසින් බැංකුවලින් ලබාගත් ණය ආපසු ගෙවීමේ කාර්යයද කරගත නොහැකි තත්වයට දේපල සංවර්ධකයා පත්වන අතර ඔහුගේ වරදක් නොවන හේතුවක් නිසාවෙන් අනවශ්‍ය පොලී එකතු වීමකට මුහුණ දෙන්නට දේපල සංවර්ධකයාට සිදුවේ. ඒ වන විටත් දේපලෙහි මිල පිළිබදව එකගතාවයකට පැමිණ ඇති බැවින් දේපලෙහි මිල ඉහළ නැංවීම හරහා අදාල අමතර පිරිවැය ඒකකයන් අතර බෙදා හැරීමටද හැකියාවක් නොලැබේ.

මේ තත්වය ඇතිවී තිබෙනුයේ ඉතා පහසුවෙන් කේවියට් තහනමක් ලියාපදිංචි කිරීමට ඕනෑම කෙනෙකුට ඉඩ සැළසී තිබීම හේතුවෙනි. ලේඛණ ලියාපදිංචි කිරීමේ ආඥා පණතේ 26වන වගන්තියට අනුව ලියාපදිංචිය සදහා ඉදිරිපත් වන කේවියට් තහනම් නිසි පරීක්ෂාකිරීමකින් පසුව ලියාපදිංචි කළ යුතුව ඇති නමුත් ප්‍රායෝගික දුෂ්කරතා හේතුවෙන් එසේ නොකරන බව රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් නීතිපතිවරයා වෙත යවන ලද 2020.02.19 දිනැති ලිපියෙන්ද පිළිගෙන තිබේ. නමුත් ඒ සම්බන්ධයෙන් ඉඩම් රෙජිස්ට්‍රාර්වරුන් දැනුවත් කර ඇති බවක් එම ලිපියේ සදහන් වුවද මේ වන තුරුත් ප්‍රායෝගිකව එවැනි පරීක්ෂාවක් සිදුවන බවක් නොපෙනේ.

තවද මේ දක්වා ලියාපදිංචි කර ඇති කේවියට් තහනම් නිසා දැනටමත් දේපල පැවරීම අතරමග නතරවී ඇති දේපල කිහිපයක් ද වේ. රුපියල් දෙදහස් පන්සියයක් පමණක් වියදම් කර සිදුකරන ලද මේ අවහිරය හේතුවෙන් සහාධිපත්‍ය දේපල සංවර්ධකයින් මුහුණ දෙන අලාභය ගණනය කළ හැක්කේ මිලියන ගණනිනි. එසේම අදාල වරද නිවැරදිකිරීම පිනිස ලැබෙන සරල උපදෙස වනුයේ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනු කිරීමයි. ඒ තවත් අවසානය නොපෙනෙන ක්‍රියාවලියකි. ඒ සෑම දිනක් පාසාම දේපල සංවර්ධකයින් ණය කරුවන් බවට පත්වේ. ඔවුනට පොලිය එකතුවීම නොකඩවා සිදුවේ.

ලේඛණ ලියාපදිංචි කිරීමේ ආඥාපණතේ 35වන වගන්තිය මගින් “දෝෂ සහගතව ලියාපදිංචි වී ඇති කේවියට් දැන්වීමේ ලියාපදිංචි සටහන අවලංගු කිරීමට” රෙජිස්ට්‍රාර්වරයාට බලය ඇති බව රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාම පිළිගෙන ඇති නමුත් මේ වන තුරුත් ඒ බලය භාවිතා කිරීමට රෙජිස්ට්‍රාර්වරුන් කටයුතු කරන බවක් දැනගැනිමට නොමැත. ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් මතය විමසා ඇති අතර නීතිපති මතය තවමත් ලැබී නොමැත. ගතවන සෑම දිනක් පාසාමත් දේපල සංවර්ධකයින් විසින් අනවශ්‍ය පොළියක් ගෙවීමත් දේපල මිලදීගැනීමට බලාපොරොත්තුවන්නන්ට ඒ සදහා තවත් කාලයක් බලාසිටීමට සිදුවීමත් නොකඩවාම සිදුවේ.

— Ada derana —



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More