ව්‍යාපාරික පුවත්

වියළි ගම්මිරිස් මිල ඉහළට

August 14, 2020 2:08 pm | Lanka Lead News

වියළි ගම්මිරිස් කිලෝග්‍රෑමයක මිල රුපියල් පන්සිය හැත්තෑ පහක් දක්වා ඉහළ ගොස් ඇතැයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී.හීන්කෙන්ද පවසයි.

දැනට සති කීපයකට ඉහතදී වියළි ගම්මිරිස් කිලෝග්‍රෑමයක මිල රුපියල් හාරසිය පනහත්, හාරසිය හැත්තෑ පහත් දක්වා පහත වැටී තිබිණි.

ඉකුත් ජූනි සහ ජූලි මාසවලදී ගම්මිරිස් ඉහළ අස්වැන්නක් ලැබීම නිසා ගම්මිරිස් කිලෝග්‍රෑමයක මිල පහත වැටුණු බවත්, දැනට සතියක පමණ කාලයක සිට පුද්ගලික අංශය විසින් ගම්මිරිස් කිලෝග්‍රෑමයක මිල රුපියල් සියයකින් ඉහළ දමා ඇති බවද අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

ඔක්තෝබර් මාසය වන විටදී වියළි ගම්මිරිස් කිලෝග්‍රෑමයක මිල තවත් රුපියල් සියයකින් ඉහළ යනු ඇතැයිද ඔහු සඳහන් කළේය. අමු ගම්මිරිස් කිලෝග්‍රෑමයක මිලද රුපියල් එකසිය තිහේ සිට රුපියල් එකසිය හැත්තෑව දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට වාර්ෂික වියළි ගම්මිරිස් අස්වැන්න මෙට්‍රික් ටොන් විසිදෙදහසක් පමණ වන අතර,වැඩිම අස්වැන්නක් ලැබෙනුයේ බදුල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක වලිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More